ත්‍රිත්ව, සාන්ත ජෝසප් සහ මහින්ද අවසන් හතරට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

424

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග කිහිපයක්ම ඊයේ (9) අවසන් වුනා.

එහි දී ත්‍රිත්ව, සාන්ත ජෝසප් සහ මහින්ද විද්‍යාලයීය කණ්ඩායම් අවසන් පූර්ව වටයේ සිය අසුන් වෙන්කර ගත්තා.

අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු රාජකීය – ත්‍රිත්ව තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගත් ත්‍රිත්ව විද්‍යාලය එකම තරග වාරය තුල දී රාජකීය විද්‍යාලය දෙවරක් පූර්ණ තරග පරාජයන්ට ලක් කිරීම කැපී පෙනුණා.

රාජකීය දෙවැනි ඉනිම ලකුණු 229කට සීමා වීම නිසාවෙන් ත්‍රිත්ව විද්‍යාලයට තරගය ජය ගැනීමට අවශ්‍ය වුනේ ලකුණු 149ක් පමණයි. එම ඉලක්කය පන්දුවාර 26කුත් පන්දු 3ක් තුල හඹා යාමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.

සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක සදීෂ් ජයවර්ධන ශතකයක් ලබා ගත් සාන්ත ජෝසප් – වෙස්ලි තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වුනේ සාන්ත ජෝසප් විද්‍යාලයටයි. සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 232කට සීමා වුනු අතර එයට පිළිතුරු දුන් වෙස්ලි පළමු ඉනිම ලකුණු 135කට අවසන් වුනා. එහි දී වමතින් දඟපන්දු යවන යෙනුල දෙව්තුස කඩුලු 5ක් දවා ගත්තා.

Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු මහින්ද – ඉසිපතන තරගයේ පළමු ඉනිමේ ජයක් කිසිදු හෝ කණ්ඩායමකට ලැබුණේ නැහැ. නමුත් මූලික තරග වටයේ දී ඉසිපතන විද්‍යාලයට සාපේක්ෂව මහින්ද විද්‍යාලය වැඩි දල ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබීම නිසාවෙන් මහින්ද විද්‍යාලයට අවසන් කණ්ඩායම් 4 අතරට එන්නට හැකියාව ලැබුණා. එහි දී මහින්ද විද්‍යාලය වෙනුවෙන් තරුෂ ඩිල්ශාන් කඩුලු 6ක දස්කමක් දැක්වීම කැපී පෙනුණා.

රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය

  • රාජකීය විද්‍යාලය – 114 (46): තරණ විමලධර්ම 3/21, කවීන් ගමගේ 3/22, දිනුක තෙන්නකෝන් 3/29 & 229 (59): ඔවින අඹන්පොල 48*, උවිඳු වීරසේකර 42, කවීන් හේෂාන් 4/81
  • ත්‍රිත්ව විද්‍යාලය – 195 (53): ලක්වින් අබේසිංහ 44, ජයවි ලියනගම 29, රනුක මලවිආරච්චි 5/21 & 150/4 (26.3): වතිල උදාර 38*, දිනූශ පීරිස් 38

ත්‍රිත්ව විද්‍යාලයට කඩුලු 6ක ජයක්

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

  • සාන්ත ජෝසප් විද්‍යාලය – 232 (108.3): නරේන් මුරලිදරන් 67, උවින් පෙරේරා 3/26 & 199/3 (40): සදීෂ් ජයවර්ධන 117, සහන් දාබරේ
  • වෙස්ලි විද්‍යාලය – 135 (49.3): ලිනාල් සුබසිංහ 52, සනිතු අමරසිංහ 28, යෙනුල දෙව්තුස 5/36

තරග ජය පරාජයෙන් තොරව අවසන් (සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජය)

මහින්ද විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

  • මහින්ද විද්‍යාලය – 300/8d (90): ධනුජ ඉඳුවර 84, හරීන් අචින්ත 74, හිරුන ගාල්ලගේ 68, තරුෂ්ක අශෙල් 3/47
  • ඉසිපතන විද්‍යාලය – 256/9d (104.3): යුනෙත් සෙනෙවිරත්න 54, සිතුක ගුණවර්ධන 39*, තරුෂ ඩිල්ශාන් 6/90

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 147 (57.2): විදුර ලක්ෂාන් 53, මිනුග දුල්මිත් 3/16, තනුග පලිහවඩන 3/37
  • තර්ස්ටන් විද්‍යාලය – 109/7 (37): ශානික්‍ය දේශප්‍රිය 27, ඕෂද දේවින්ද 3/10

පළමු දිනයට තරගය අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<