තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවැත්වූ 60 වැනි සහෝදරයින්ගේ සංග්‍රාමය අද (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වුනා.
ඒ අනුව 49 වැනි වරටත් සහෝදරයින්ගේ මහා සටන ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර කණ්ඩායම් දෙකම මේ තරගයේ දී සම සේ ගෞරවය දිනා ගත්තා.
දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කරන විට, ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටියා. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩනැංවූ තරුෂ්ක අශෙල් සහ යෙසිත් කළුපහනගේ සබඳතාවය ලකුණු 107කට සීමා කරන්නට උෂාන් ඉමේෂ් සමත් වුනා. ඒ ලකුණු 51ක් ලබාගෙන සිටි යෙසිත්ගේ කඩුල්ල දවා ගනිමින්.
- ධර්මරාජය පරදවමින් ආනන්ද ක්‍රීඩකයින් ජය පැන් බොයි
- සාන්ත සර්වේශස්, ආනන්ද සහ මහින්ද ක්‍රීඩකයින්ට වැඩි ගෞරව
- රිච්මන්ඩ් සහ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ජයග්‍රහණ ලබයි
- සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් පෙරළිකාර ජයක්
- ඔමේෂ් සහ අමේෂ් අර්ධ ශතක රැස් කරයි
මේ මහා තරග ඉතිහාසය තුල වාර්තා වුනු දෙවැනි හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්වූ විහාස් තෙව්මික ලකුණු 67කට කඩුලු 7ක් දවා ගනිමින් ඉසිපතන පළමු ඉනිම සුන් කර දැමුවා. ඉසිපතන පළමු ඉනිම ලකුණු 211කට සීමා වූ අතර එහි වැඩිම ලකුණු ලාභියා වුනු තරුෂ්ක අශෙල් ලකුණු 72ක් ලබාගත්තේ 4 පහර 6ක් එල්ල කරමින්.
ලකුණු 25ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කිරීමට පිටියට පැමිණි තර්ස්ටන් කණ්ඩායම තනුග පලිහවඩන සහ තනුජ රාජපක්ෂ ලකුණු 64ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා.
එම සබඳතාවය බිඳ වැටීමෙන් පසුව පිටියට පැමිණි නායක ශානික්‍ය දේශප්‍රිය පන්දු 42ක් නොදැවී ලකුණු 53*ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් තර්ස්ටන් විද්‍යාලයේ ලකුණු සටහන තවදුරටත් ඉහළට ඔසවා තැබුවා.
අවසානයේ දී තර්ස්ටන් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.
ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, 2019 වසරේ දී තර්ස්ටන් කණ්ඩායම තරගය ජය ගත් නිසාවෙන් බ්ලැකම් විජේවර්ධන අනුස්මරණ කුසලානය නැවතත් සිය පාසලේම තබා ගැනීමට තර්ස්ටන් කණ්ඩායම සමත් වුනා.
- හොඳම පන්දු යවන්නා – සහන් විරාජ් (ඉසිපතන විද්‍යාලය)
- දක්ෂතම පන්දු රකින්නා – තරුෂ නෙත්සර (ඉසිපතන විද්‍යාලය)
- ප්‍රහාරාත්මක පිතිකරුවා – ශානික්‍ය දේශප්‍රිය (තර්ස්ටන් විද්‍යාලය)
- දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – උෂාන් ඉමේෂ් (තර්ස්ටන් විද්‍යාලය)
- දක්ෂතම පිතිකරුවා – තරුෂ්ක අශෙල් (ඉසිපතන විද්‍යාලය)
- තරගයේ වීරයා – විහාස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය)
කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන 43 වැනි එක්දින මහා තරගය මාර්තු 5 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<