Mohit Sharmaගේ වික්‍රමයෙන් Lucknow වාසීන් අන්දමන්ද වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2023

2607
IPLT20.com
IPLT20.com

34 හැවරිදි Mohit Sharma ක්‍රියාත්මක කළ සුපිරි අවසන් පන්දුවාරය නිසා 2023 IPL ක්‍රිකට් තරගාවලියේ Gujarat Titans සහ Lucknow Super Giants අතර පැවති තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගැනීමට Gujarat Titans අද (22) සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Gujarat Titans පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා. අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ නායක Hardik Pandya පන්දු 50ක් තුල 4 පහර 2ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 66ක් ලබාගෙන ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වුනා.

කඩුලු රකින ආරම්භක පිතිකරු Wriddhiman Saha දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 47ක් ලබා ගත්තා. ඒ හැරෙන්නට ඔවුන්ගේ එකඳු පිතිකරුවෙක් හට හෝ මේ තරගය තුල සාර්ථක වීමට නොහැකි වුනු අතර ඔවුන්ට අවසන් පන්දුවාර 9කුත් පන්දු 3ක් තුල කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 63ක් පමණයි. පන්දු යැවීමේ දී Krunal Pandya සහ Marcus Stoinis කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ Lucknow Super Giants පළමු කඩුල්ල සඳහා ලකුණු 55ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. අවසානයේ ඔවුන්ට කඩුලු 8ක් අතැතිව පන්දු 33ක් තුල ලකුණු 30ක් ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත්, එය ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වුනා.

Mohit Sharma ඇතුළු Gujarat Titans දක්ෂ සහ උපායශීලී ලෙස සිය පන්දු යවන්නන් කළමනාකරණය කරගැනීම සහ ඔවුන්ගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් Lucknow Super Giants කණ්ඩායමට පෙනෙන මානයේ තිබුණු ජය අහිමිව ගියා.

LSG වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුනු නායක  KL Rahul ලකුණු 68ක් ලබා ගත්තේ 4 පහර 8ක් එල්ල කරමින්. 19 වැනි පන්දුවාරය වන විට LSG කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබාගෙන සිටි අතර ඔවුන්ට අවසන් පන්දු 6 තුල සිය ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍ය වුනා.

කෙසේ නමුත් කලකට පසුව නැවතත් මෙවර IPL පිටියට පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක Mohit Sharma එම පන්දුවාරය තුල ලකුණු 4ක් පමණක් සිය ප්‍රතිවාදීන්ට ලබා දෙමින් දුවද්දී දවා ගැනීම් දෙකක් සමඟ සමස්ත කඩුලු 4ක් බිඳ දමමින් පෙරළිකාර පන්දුවාරයක් ක්‍රියාත්මක කළේ සත්කාරක Lucknow Super Giants ප්‍රේක්ෂකයින් අන්දමන්ද කරමින්. Kyle Mayers ලකුණු 24යි.

Gujarat Titans – 135/6 (20): Hardik Pandya 66, Wriddhiman Saha 47, Krunal Pandya 2/16, Marcus Stoinis 2/20

Lucknow Super Giants – 128/7 (20): KL Rahul 68, Kyle Mayers 24, Krunal Pandya 23, Mohit Sharma 2/17, Noor Ahmad 2/18

තරගයේ වීරයා – Mohit Sharma (Gujarat Titans)

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<