දෙවන දිනය නිමාවන විට ලෙයික්ස් පිලට වැඩි ගෞරව

287
Rangana Herath

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් දෙකක් සමඟ පුහුණු තරඟ දෙකකට සහභාගි වීමට නියමිතය.

එහි දෙවන හා අවසන් තරඟය (13) එංගලන්තයේ  ලෙස්ටර්ශයර් හිදී ලෙයික්ස් කණ්ඩායමට එරෙහිව ආරම්භ විය. මෙම තරඟයේ දෙවන දිනය ඊයේ (14) ක්‍රියාත්මක විය.

මෙම තරඟය 15 වනදා දක්වා තුන් දින තරඟයක් ලෙස පැවැත්වේ

තරඟයේ පළමු  දිනය (13) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 8 ක් දැවී ලකුණු 318 ක් ලබා සිටින ලදි.

තරඟයේ දෙවන දිනය (14) ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 97 යි පන්දු 1 කදී ලකුණු 367 ක් ලබා ගත් අතර දසුන් ශානක පන්දු 132 කදී 4 පහරවල් 11 ක් 6 පහරවල් 4 ක් සමඟ විශිෂ්ට ඉණිමක් දියත් කරමින් ලකුණු 112 ක් ලබාගැනීමට සමත් විය. එයට සහය වූ රංගන හේරත් 4 පහරවල් 8 ක් සමඟ ලකුණු 55 ක් ලබා ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කල සුරංග ලක්මාල් ලකුණු 0යි.

පන්දු යැවීමේදී ජෝන් සේයර් ලකුණු 41 කට කඩුලු 2 ක්, රොබට් ටේලර් 55 කට කඩුලු 2 ක් හා කුමාර් නයික් ලකුණු 61 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

තම පළමු ඉණිම සඳහා තරඟයේ දෙවන දිනය නිමාවන විට පන්දුවාර 80 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 304ක් ලබා සිටි අතර ලෙයික්ස් කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් රොබ්සන් ලකුණු 39, අදිල් අලී ලකුණු 46, ජෝන් හිල් ලකුණු 30, මයිකල් බර්ගස් දක්ෂ ඉණිමක් දියත් කරමින් 4 පහරවල් 13 ක් සමඟ ලකුණු 98 ක් ලෙයික්ස් කණ්ඩායමේ ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. නොදැවී ක්‍රීඩා කරන තෝමස් වේල්ස් ලකුණු 53 ක් සහ රොබට් ටේලර් එක් ලකුණුක් ලබා සිටින ලදි.

පන්දු යැවීමේදී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ලකුණු 29 කට කඩුලු 2 ක්ද, මිලින්ද සිරිවර්ධන ලකුණු 57 කට කඩුලු 2 ක් ද, සුරංග ලක්මාල් ලකුණු 45 කට එක් කඩුල්ලක් දවා ගනිමින් දක්ෂතා දක්වන ලදි.  අද (15) තරඟයේ තෙවන හා අවසන් දිනයයි.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න