නිහාල් මුදන්නායක අභාවප්‍රාප්ත වෙයි

371
Mudannayake

පාසල් රග්බි ක්‍රීඩාව සම්බන්ධ කීර්තිමත් පරිපාලකයෙකු වන නිහාල් මුදන්නායක මහතා හෘදයාබාධයක් නිසා ඊයේ (21) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

පොලිසියෙන් හැව්ලොක්ට නොසිතූ අභියෝගයක්

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය..

හෘදාශ්‍රිතව ඇතිවූ අපහසුතාවයක් නිසා ඔහු ප්‍රථමයෙන් සීදූව රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත රැගෙන ගොස් ඇත. හෘදයාබාධයක් නිසා ඔහු අභාවප්‍රාප්ත වූ බව එහි දී වෛද්‍යවරුන් සනාථ කර ඇත.

පාසල් රග්බි පිටිය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ මුදන්නායක මහතා පාසල් පිටියෙන් බිහිවන රග්බි ක්‍රීඩකයින් අතර ඉතාමත් ප්‍රචලිත චරිතයක් විය. කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ එතුමා රග්බි ක්‍රීඩාවට සිය දායකත්වය ලබා දීම ආරම්භ කරන්නේ එම විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව බාර ආචාර්යවරයා ලෙස කටයුතු ආරම්භ කිරීමත් සමඟ යි.

ගුරු දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ (SLSRFA) පූර්ණ කාලීන පරිපාලකයෙකු වශයෙන් කටයුතු ආරම්භ කරන අතර එහි දී ඔහු එම සංගමය මඟින් වසරක් පාසා සංවිධානය කරනු ලැබූ තරගාවලි ගණනාවක සාර්ථකත්වය උදෙසා සුවිශාල මෙහෙයක් ඉටුකරනු ලැබීය.

ඒ අනුව එතුමාගේ අභාවය ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියට විශාල හිඩැසක් එක් කරනු ඇත.

අවසන් කටයුතු පිළිබඳ තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<