Conway, Jadeja, මතීෂ සහ මහීෂ් චෙන්නායි දිනවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

453

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගය ඊයේ (21) රාත්‍රියේ Chennai හිදී පැවැත්වුනා. Chennai Super Kings සහ Sunrisers Hyderabad අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට Chennai Super Kings සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් CSK පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අවසරයෙන් පළමුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තා.

ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් යම් මට්ටමක සාර්ථක සබඳතාවයන් කිහිපයක් ගොඩනංවමින් ඔවුන්ගේ ආරම්භය ස්ථාවර කරමින් ලකුණු 71/2ක් දක්වා ඔවුන්ගේ ලකුණු සටහන ස්ථාවර කළා.

කෙසේ නමුත් ඉන් අනතුරුව ගෙවුණු පන්දුවාර 10කුත් පන්දු 4 තුල Sunrisers Hyderabad කණ්ඩායමට කඩුලු 5ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 63ක් පමණයි. Chennai Super Kings වෙනුවෙන් Ravindra Jadeja කඩුලු 3ක් දවාගෙන SRH පිතිකරුවන් මෙල්ල කරන විට, Matheesha Pathirana සහ Maheesh Theekshana ඉතාමත් හොඳින් සිය නියමිත පන්දුවාර 4 ඉතාමත් හොඳින් අවසන් කරමින් Chennai Super Kings කණ්ඩායමට සවියක් වුනා.

ලකුණු 135ක පහසු ඉලක්කයක් හඹා ගිය Chennai Super Kings පන්දුවාර 18කුත් පන්දු 4ක් තුල කඩුලු 3ක් පමණක් දැවී සිය නියමිත ඉලක්කය පසු කර ගියා. එහි දී CSK ආරම්භක පිතිකරු Devon Conway නොදැවී ක්‍රීඩා කරමින් පන්දු 57ක් තුල ලකුණු 77*ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම 4 පහර 12කින් සහ 6 පහරකින් වර්ණවත් වුනා. ඒ අනුව ඔහු මේ තරගය තුල 4 පහර සහ 6 පහර වලින් ලබාගෙන තිබෙන ලකුණු ගණන 54ක්.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 66ක් තුල ලකුණු 87ක සබඳතාවයක් ගොඩනැංවූ Ruturaj Gaikwad සහ Conway දෙවනුව පන්දුවට පහර දුන් Chennai වෙනුවෙන් ලබා දුන් සාර්ථක ආරම්භය නිසාවෙන් ඔවුන් මේ ඉලක්කය පහසුවෙන් හඹා ගොස් මෙවර IPL තරගාවලිය තුල ලබා ගත් සිව්වැනි තරග ජය තහවුරු කර ගත්තා. පන්දු යැවීමේ දී Mayank Markande Sunrisers Hyderabad වෙනුවෙන් කඩුලු 2ක් දවා ගත්තා.

  • Sunrisers Hyderabad – 134/7 (20): Abhishek Sharma 34, Ravindra Jadeja 3/22, Akash Singh 1/17, Matheesha Pathirana 1/22, Maheesh Theekshana 1/27
  • Chennai Super Kings – 138/3 (18.4): Devon Conway 77*, Ruturaj Gaikwad 35, Mayank Markande 2/23

තරගයේ වීරයා – Ravindra Jadeja (Chennai Super Kings)

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<