හිරුන් ජයසුන්දර ද්විත්ව ශතකයක් ලබා ගනී

Inter Club U23 Tournament 2026

1
Inter Club U23 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (16) පැවැති අතර එහි දී Colts CC කණ්ඩායමේ හිරුන් ජයසුන්දර ද්විත්ව ශතකයක් ලබා ගත්තා.

ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ Navy SC කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 224කට මුහුණ දෙමින් හතරේ පහර 37ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 229ක් ලබා ගත් අතර ඔහුත් සමඟින් ඉනිම ආරම්භ කළ නායක රන්දුණු ගංගනාත් ද පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 169ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 429ක දී ලකුණු 400ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා.

මේ අතර Baduraliya CC කණ්ඩායමේ මානස මදුභාෂණ Ragama CC කණ්ඩායමට එරෙහි ව පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 110ක් ද, Panadura SC කණ්ඩායමේ සුවහස් ප්‍රනාන්දු Army SC කණ්ඩායමට එරෙහි ව පන්දු 214කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 107ක් ද සහ  Nugegoda S & WC කණ්ඩායමේ ලහිරු දවටගේ Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව Negombo CC කණ්ඩායමේ තත්සර ඒශාන් (72) සහ හංසජ හිරුන (නොදැවී 71), Kandy Customs CC කණ්ඩායමේ හසිඳු වික්‍රමාරච්චි (56), Nugegoda S & WC කණ්ඩායමේ අභිශේක් ජයවීර (73) සහ ජනෙත් කෞෂාල් ((70) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Army SC කණ්ඩායමේ ඉනුක ද සිල්වා (5/89) දක්ෂතා දැක් වූ අතර අද අවසන් වූ තරගවල දී SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 4ක ජයග්‍රහණයක් හිමි වුණා.

අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු

United Southern SC සහ Bloomfield C & AC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (56.5)දමේෂ් මතිශාන් 39, සෙනුක දංගමුව 26, කවීෂ කල්පන නොදැවී 18, කනීෂ පියුමාල් 3/32, තරින්ද ගුරුගේ 4/42
  • Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 86 (26.0)හසිත අමරසිංහ 37, මිනෙත් ප්‍රේමරත්න 20, කවීෂ ගිත්මක 3/21, සෙනුක දංගමුව 2/08

Bloomfield C & AC කණ්ඩායම ලකුණු 81ක් පිටුපසින්.

Baduraliya CC සහ Ragama CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya CC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 354 (86.0)හේෂාන් මදුශංක 46, කූජන පෙරේරා 44, මානස මදුභාෂණ නොදැවී 110, සසිඳු කෞශාන් 42, ෂෙහාන් මදුසංක 41, හිරුන් ගාල්ලගේ නොදැවී 47, කෙවින් නානායක්කාර 3/120

Navy SC සහ Colts CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 404 (72.2) රන්දුණු ගංගනාත් 169, හිරුන් ජයසුන්දර 229
  • Navy SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 39 (15.0)

Navy SC කණ්ඩායම ලකුණු 365ක් පිටුපසින්.

Kurunegala SC සහ Negombo CC අතර තරගය අනුරාධපුර, සමාධි ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 259 (92.0)දිල්ප රුවන්ක 40, තත්සර ඒශාන් 72, හංසජ හිරුන නොදැවී 71, කවීන් දෙනෙත් නොදැවී 44, සනුජ නිඳුවර 2/36, යශ්මිත ජයසුන්දර 3/44

Army SC සහ Panadura SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC- පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (73.0) සුවහස් ප්‍රනාන්දු 107, සිත්රු ගුණරත්න 21, කාංචන ද ලිවේරා 21, මිහින් සොයිසා 38, නේකෂ ඉද්දමල්ගොඩ 62, පැතුම් විහඟ 2/82, උමේෂ් ද සිල්වා 2/53, ඉනුක ද සිල්වා 5/89
  • Army SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 54 (15.0)ශෙනෙශ්ක නෙත්සර නොදැවී 30, රන්දික මිහිරංග 2/11

Army SC කණ්ඩායම ලකුණු 221ක් පිටුපසින්.

මෙම තරග සියල්ල හෙට (17) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Kurunegala Youth CC සහ Nugegoda S & WC අතර තරගය, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 341 (79.4) හිරුෂ පියුමාල් 123, ලක්වින් අබේසිංහ 155, බ්‍රයන් හංසජ 6/106, සඳුන් මෙන්ඩිස් 4/106
  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (56.0)අභිශේක් ජයවීර 22, ජනෙත් කෞශාල් 70, දසිස් මංචනායක 27, යසිරු යුගත් 41, ගයන වීරසිංහ 2/32, දිනුක තෙන්නකෝන් 3/70, වතිල උදාර 3/80
  • Nugegoda S & WC –දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 209 (35.3)ලහිරු දවටගේ නොදැවී 101, අභිශේක් ජයවීර 73, ජනෙත් කෞශාල් 26, ලක්වින් අබේසිංහ 2/42

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Kurunegala Youth CC කණ්ඩායමට).

 

Kandy Customs CC සහ SSC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • SSC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (61.0) රිවිත් ජයසූරිය 58, නදීෂ ආකාශ් 44, නෙත්සර යස්මිත 49, යොහාන් දේවප්‍රිය 37, නේශාන් ඩයස් 24, ටෙනුෂ නිම්සර 6/108, පුල්ජිත් වත්සුක 2/11
  • Kandy Customs CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 69 (20.5)හේලිත එදිරිසිංහ 24, කනිෂ්ක රංගන 2/17, මල්ෂ ප්‍රනාන්දු 3/34, දිනුක වන්නිආරච්චි 5/16
  • Kandy Customs CC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 188 (42.0)මිනිද සිල්වා 29, කවීෂ ඉඳුවර 28, හසිඳු වික්‍රමාරච්චි 56, නඳුන් සිල්වා 25, දිනුක වන්නිආරච්චි 2/65, මල්ෂ ප්‍රනාන්දු 4/75, යොහාන් දේවප්‍රිය 2/16

SSC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 4ක ජයක්.  

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<