අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

253
Schedule released for Ireland tour of Sri Lanka 2023

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලිය සඳහා සහභාගී වන අයර්ලන්ත කණ්ඩායම අප්‍රේල් 09 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

මීට පෙර මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරගයක් සහ එක්දින තරග දෙකක් ඇතුළත් කර තිබූ නමුත් දෙරටේ ක්‍රිකට් ආයතනය අතර සිදු වූ සාකච්ඡා වලින් අනතුරුව තරගාවලිය ටෙස්ට් තරග දෙකක තරගාවලියක් ලෙස ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

අප්‍රේල් 16 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන,

  • අප්‍රේල් 16 සිට 20 දක්වා – පළමු ටෙස්ට් තරගය
  • අප්‍රේල් 24 සිට 28 දක්වා – දෙවැනි ටෙස්ට් තරගය

මෙම තරගාවලියේ ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් තරග පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<