එංගලන්ත ක්‍රීඩිකාවෝ නවම් මහේ මෙරට එයි

England Women tour of Sri Lanka 2027

1
England Women tour of Sri Lanka 2027

එංගලන්ත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන වසරේ දී මෙරට සංචාරයක නිරත වෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් මෙරට දී විස්සයි විස්ස සහ එක්දින තරගාවලි ද්විත්වයකට එක් වීමට නියමිතයි.

දෙරට ක්‍රීඩිකාවෝ ද්විත්ව තරගාවලියක් සඳහා එක් වෙන 5 වැනි අවස්ථාව මෙය වන අතර ඒ පැවැති සෑම තරගාවලියක් ම එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඔවුන් මෙවර මෙරට පිවිසෙන්නේ 2019 වසරට පසුවයි.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ත්‍රිත්වය පෙබරවාරි මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.

එම තරගාවලිය අවසානයේ දී සංචාරක එංගලන්ත කණ්ඩායම නැවත එරටට යන අතර නැවත ඔවුන් මෙරට පැමිණෙන්නේ ඉන්දියාවේ දී පෙබරවාරි මස 14 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ICC Women’s Champions Trophy තරගාවලියට සහභාගී වීමට පෙරයි.

එහි දී ඔවුන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින ජාත්‍යන්තර තරග 3කට සහභාගී වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ සියලු තරග පැවැත්වෙන්නේ දිවා කාලයේදීයි.

එංගලන්ත කණ්ඩායමේ මෙරට සංචාරයේ තරග කාලසටහන

1 වැනි විස්සයි විස්ස තරගය ;

පෙබරවාරි 1 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

2 වැනි විස්සයි විස්ස තරගය ;

පෙබරවාරි 3 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

3 වැනි විස්සයි විස්ස තරගය ;

පෙබරවාරි 5 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

1 වැනි එක්දින ජාත්‍යන්තර තරගය ;

මාර්තු 4 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය ;

මාර්තු 6 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

3 වැනි එක්දින ජාත්‍යන්තර තරගය ;

මාර්තු 8 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<