ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් නිමාවේ දී ලහිරු අබේසිංහ, විරංග යෙශාන් සහ යෙනුල දෙව්තුස ශතක ලබා ගැනීමට සමත් වුණා.
එහි දී NCC සහ Ragama CC අතර තරගයේ දී ශතක ත්‍රිත්වයක් එක්වීම කැපී පෙණුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Ragama CC කණ්ඩායමේ ලහිරු අබේසිංහ පන්දු 173කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 101ක් ද සහ ඉනිම අත්හිටුවන විට විරංග යෙශාන් පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 101ක් ද ලබා ගත්තා.
NCC ඉනිමේ ශතකලාභියා වූයේ යෙනුල දෙව්තුස. ඔහු පන්දු 185කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Army SC කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පිට දඟ යවන පැතුම් විහඟ Negombo CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 67කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඊට අමතර ව Negombo CC කණ්ඩායම නියෝජනය කරන දකුණතින් පිට දඟ පන්දු යවන අමිත පෙරේරා Army SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 43කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
- මල්ෂ තරුපතිත් ශතකයක් සමාජයට එක් වෙයි
- SSC කණ්ඩායමට කඩුලු 10ක ජයක්
- කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනී
- ධනංජය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් කරා!/
- Kandy Customs ලකුණු 33කට දැවී යයි
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
NCC සහ Ragama CC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
- Ragama CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 385 (96.5) සහන් කෞශල්‍ය 92, ලහිරු අබේසිංහ 101, විරංග යෙශාන් නොදැවී 101, තෙමිර කුමාරගේ 22, රනුක මලවිආරච්චි 4/84, ශක්ති උදාර 3/96
- NCC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 302 (62.0) ජීවක සශීන් 74, යෙනුල දෙව්තුස 139, දිනෙත් ගුණවර්ධණ 24, රමිරු පෙරේරා 41, කවීෂ ලියනාරච්චි 4/47, විදර්ශන විශ්මිත 2/60
තරගයේ විසඳුමක් නෑ.
Negombo CC සහ Army SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 160 (50.3) අශාන් සුදර්ශන 35, සුකිත දෙව්තිළිණ 33, ශෙනෙල් සමරතුංග 24, හසිඳු දම්සිතු 3/57, අමිත පෙරේරා 6/43
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (87.1) විශාල් රකුශාන් 24,තත්සර ඒශාන් 25, මොහොමඩ් මුර්ශාඩ් 28, හංසජ හිරුණ 45, ශෆ්නි ඩීන් නොදැවී 32, පැතුම් විහඟ 7/67
- Army SC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 60 (10.0) අශාන් සුදර්ශන නොදැවී 39, අමිත පෙරේරා 2/17
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Negombo CC කණ්ඩායමට.)
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















