ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පෙර දින (2) අවසන් වූ අතර එහි දී දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විමට මල්ෂ තරුපති සමත් වූවා.
ඒ ඔහු මෙවර තරගාවලියේ තමන් මුහුණ දුන් 2 වැනි තරගයේ දී ද ශතකයක් රැස් කිරීමත් සමඟිනුයි.
තම පළමු තරගයේ දී Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව ශතකයක් ලබා ගත් අතර මෙවර Baduraliya SC කණ්ඩායමට එරෙහි ව මෙම දක්ෂතාව සිදු කරනවා. එහි දී ඔහු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 133ක් ලබා ගන්නවා.
ඔහුට අමතර ව දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වීමට SSC කණ්ඩායමේ දුනිත් වෙල්ලලාගේ Army SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 108කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූවා. ඊට අමතර ව Moratuwa SC කණ්ඩායමේ මනුජ චන්තුක (5/78) ද පන්දු යවන්නන් අතර දක්ෂතා දැක් වූවා.
මේ අතර දින අවසානයේ දී Army SC කණ්ඩායමේ අශාන් සුදර්ශන (89), නෙත්මල් ද සිල්වා (53), සුකිත දෙව්තිළිණ (55), Tamil Union C & AC කණ්ඩායමේ සචිර වැලිවත්ත (73), ශාරුජන් ශම්මුගනාදන් (නොදැවී 52) සහ විහස් තෙව්මික (53), Bloomfield C & AC කණ්ඩායමේ පැතුම් රත්නායක (නොදැවී 60), හසිත අමරසිංහ (නොදැවී 51) සහ මිනෙත් ප්‍රේමරත්න (නොදැවී 72), Ragama CC කණ්ඩායමේ සහන් කෞශල්‍ය (61), Baduraliya SC කණ්ඩායමේ ශෙහාන් මදුසංක (නොදැවී 63), Moors SC කණ්ඩායමේ රවිශාන් ද සිල්වා (67), Sebastianites C & AC කණ්ඩායමේ සුතර්සන් සුබර්නන් (නොදැවී 59), Chilaw Marians CC කණ්ඩායමේ මහීෂ සිතුම් තරිඳු (78), සසංක නිර්මාල් (5)1, Moratuwa SC කණ්ඩායමේ මයුර මල්ශාන් (51), Kurunegala Youth CC කණ්ඩායමේ අනන්තන් කාජන් (65) සහ චලන පෙරේරා (51), Negombo CC කණ්ඩායමේ විශාල් රුක්ශාන් (50) සහ Panadura SC කණ්ඩායමේ විශ්ව ලහිරු (75) අර්ධ ශතක ඉනිම් ගොඩ නැගුවා.
- Kandy Customs ලකුණු 33කට දැවී යයි
- හිරුන්, රනුද සහ විහස් දක්ෂතා දක්වයි
- ලහිරු, විරංග, යෙනුල ශතකලාභීන්ගේ ලැයිස්තුවට
- කොදෙව්වන් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරයි
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
Ragama CC සහ Bloomfield C & AC අතර තරගය, කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Ragama CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (35.0) දෙනුර දිමන්සිත් 21, ලහිරු අබේසිංහ 21, නිසල අබේරත්න 2/22, තරින්ද ගුරුගේ 3/51, කවීෂ පියුමාල් 5/28
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 184 (50.3) හසිත අමරසිංහ 25, පැතුම් රත්නායක නොදැවී 60, තරින්ද ගුරුගේ 25, කෙවින් නානායක්කාර 6/39
- Ragama CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 197 (59.5) දෙනුර දිමන්සිත් 30, සහන් කෞශල්‍ය 61, විරංග යෙශාන් 36, තරින්ද ගුරුගේ 2/51, කවිෂ පියුමාල් 4/50, අසිත වන්නිනායක 2/27, හංසමාන ද සිල්වා 2/26
- Bloomfield C & AC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 136 (16.1) හසිත අමරසිංහ නොදැවී 51, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 72
Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 10ක ජයක්.
Moors SC සහ Baduraliya SC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.
- Baduraliya SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 277 (66.1) හිරුන් කපුරුබණ්ඩාර 116, අවීශ සමාශ් 21, හිරුන ගාල්ලගේ 32, මානස මදුබාශන 33, එනෝෂ් පීටර්සන් 21, ඉඳුවර උදාන 4/52, සඳරු මල්ශාන් 3/75, මල්ෂ තරුපති 3/57
- Moors SC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 329 (63.3) රවිශාන් ද සිල්වා 67, ඔශාන් ද සිල්වා 26, ජෙලෝන් ගමගේ 42, මල්ෂ තරුපත් 133, සඳරු මල්ශාන් 45, තරුශ් දමිඳු 3/41, රුසඳු සිල්වා 4/101
- Baduraliya SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 232 (47.0) අවීශ සමාශ් 21, හිරුන් කපුරුබණ්ඩාර 33, හිරුන ගාල්ලගේ 41, ශෙහාන් මදුසංක නොදැවී 63, ඉඳුවර උදේන 2/53, සිතුම් විහග 4/85
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Moors SC කණ්ඩායමට)
United Southern SC සහ Tamil Union C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (49.4) රන්දුල මාබරණ 27, සෙහස් අශින්ස 64, තමිඳු ප්‍රදීප්ත නොදැවී 34, විහස් තෙව්මික 8/33, හිමරු දේශාන් 2/68
- Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 147 (40.0) ටෙහාන් බීටර් 78, සිනෙත් ජයවර්ධන 59, සචිර වැලිවත්ත 73, ශාරුජන් ශම්මුගනාදන් නොදැවී 52, විහස් තෙව්මික 53, පෙසඳු සංජන් 2/77
- United Southern SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 167 (57.5) සෙහස් අශින්ස 28, දමේශ් මතිසාන් 23, ලිදුල නුවංග 26, සෙනුක දංගමුව 22, විහස් තෙව්මික 4/74, හිමරු දේශාන් 4/59
Tamil Union C & AC කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 10ක ජයක්.
Moratuwa SC සහ Sebastianites C & AC අතර තරගය, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.
- Moratuwa SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (96.2) ලෙස්ටර් ජයවීර 35, ප්‍රමේශ් මදුභාෂණ 22, දිනෙත් සිතුමිණ 98, තුමුදිත ඕපනායක 31, සංජන සෙනෙවිරත්න 33, මයුර මල්ශාන් 51, රශීඩ් නායන් 2/18, චෙනුක පීරිස් 3/68, දක්ෂික මනුකල්ප 2/95
- Sebastianites C & AC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 245 (82.0) රුසිරු විලෝචන 24, යෝශිත ඉසුරංග 35, ජොෂුවා සෙබස්තියන් 26, එරංග ජයකොඩි 44, සුතර්ශන් සුබර්නන් නොදැවී 59, දිනෙත් සමරවීර නොදැවී 30, ප්‍රභාශ් වටවල 2/45, මනුජ චන්තුක 5/78
තරගයේ විසඳුමක් නෑ.
CCC සහ Chilaw Marians CC අතර තරගය, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 90 (27.1) යසිරු ලක්ෂාන් 31, දුවිඳු රත්නායක 2/15, ඉනුක කරන්නාගොඩ 3/17, තිසරු වන්නිනායක 3/15
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (83.0) සරිත් සුදීන 33, වෙනුර විතානගේ 25, රශ්මික පෙරේරා 28, ඉනුක කරන්නාගොඩ 89, කළණ ලියනගේ 2/34, තිමිර ඉරුශික 5/47
- Chilaw Marians CC – දෙවැනි ඉනිම සියලු ම දෙනා දැවී 246 (63.2) දිනිත ද සිල්වා 26, මහීෂ සිතුම් තරිඳු 78, සසංක නිර්මාල් 51, ගිම්හාන් රසාංජන 39, දුවිඳු රණතුංග 2/41, අභිත පරණවිදාන 5/58
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය CCC කණ්ඩායමට).
Colts CC සහ Kurunegala Youth CC අතර තරගය, කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
- Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (75.4) හිරාන් ජයසුන්දර 40, දනිඳු සෙල්ලප්පෙරුම 21, ආරොන් කොඩිතුවක්කු 35, රුසඳ ගමගේ 28, රිශ්ම අමරසිංහ 43, ශෙහාන් මාරසිංහ 3/24, දිනුක තෙන්නකෝන් 3/85, වතිල උදාර 4/64
- Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 276 (84.0) අමේෂ් තෙන්නකෝන් 47, විතිල උදාර 31, අනන්තන් කාජන් 65, චලන පෙරේරා 51, දිනුක තෙන්නකෝන් නොදැවී 21, සහන් මිහිර 4/61, තරණ විමලධර්ම 2/74
- Colts CC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 70 (15.5) හිරුන් ජයසුන්දර 46, විතිල උදාර 2/27
තරගයේ විසඳුමක් නෑ. ( පළමු ඉනිමේ ජය Kurunegala Youth CC)
Panadura SC සහ Negombo CC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.
- Negombo CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 261 (81.4) විශාල් රුක්ශාන් 42, හසිඳු දම්සිත 44, මොහොමඩ් මුර්ශාඩ් 45, අමිත පෙරේරා 24, ශෆ්නි ඩීන් 21, විශ්ව ලහිරු 3/59, මලින්ත සිල්වා 3/67, විශේන් හැළඹගේ 3/83
- Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (45.1) නේක්ෂ ඉද්දමල්ගොඩ 25, මිහින් සොයිසා 23, විශ්ව ලහිරු 75, යශින් ප්‍රනාන්දු නොදැවී 35, ෂෙහාන් ප්‍රමෝද් 3/72, අමිත පෙරේරා 4/86
- Negombo CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 205 (53.0) විශාල් රුක්ශාන් 50, කවීෂ දෙනෙත් 49, ශෙහාන් ප්‍රමෝද් 23, යශින් ප්‍රනාන්දු 2/14, මිහින් සොයිසා 2/47, අසදිස ද සිල්වා 2/30
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Negombo CC කණ්ඩායමට).
SSC සහ Army SC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- SSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 322 (69.0) රිවිත් ජයසූරිය 87, කවීන් ප්‍රනාන්දු 20, රනුද සෝමරත්න නොදැවී 108, දුනිත් වෙල්ලාලගේ 67, මලීශ තිලකරත්න 2/82, පැතුම් විහඟ 5/96
- Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (97.4) අශාන් සුදර්ශන 89, නෙත්මක ද සොයිසා 53, සුකිත දෙව්තිළිණ 55, මල්ශ ප්‍රනාන්දු 3/63, දුනිත් වෙල්ලාලගේ 6/108
තරගයේ විසඳුමක් නෑ. (SSC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
Police SC සහ Kurunegala SC අතර තරගය, කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 149 (52.1) ජයමින් මුතුකුමාරණ 28, දිනුග අබේසේකර 30, අශාන් ශේනික 21, විනුජ රාන්පුල් 23, සනුජ නිඳුවර 22, තුශාන් ජයසේකර 4/41, මලිත හපුආරචිචි 3/22
- Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 86 (39.1) මලීෂ සඳරුවන් 27, සනුජ නිඳුවර 2/21, සොනාල් අස්වින් 2/19
- Kurunegala SC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 153 (49.1) ජනිත් රවිශ්ක නොදැවී 39, සනුජ නිඳුවර 23, මලිත හපුආරච්චි 2/52, තුශාන් ජයසේකර 3/35
- Police SC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 126 (33.5) විහඟ මලිත් 49, මලීෂ සඳරුවන් 38, පසිඳු තෙන්නකෝන් 3/24
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Kurunegala SC කණ්ඩායමට)
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















