මේ දිනවල පාකිස්තානයේ දී පැවැත්වෙන ශ්රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය සහභාගී වන තුන් කොන් එක්දින ක්රිකට් තරගාවලිය නැවත වතාවක් ලෝක අවදානයට ලක් වුණා. ඒ (25දා) Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී නිමා වූ පාකිස්තාන සහ එංගලන්තය අතර තරගයේ දී නැවත වතාවක් ලෝක වාර්තා කිහිපයක් ම ඉතිහාසයට එක් වීම හේතුවෙනුයි.
මීට පෙර Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී නිමා වූ ශ්රී ලංකා – එංගලන්ත එක්දින තරගයේ දී ලෝක එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ වේගවත් ම ද්විත්ව ශතකය, ලෝක එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු හඹා යෑම් ලැයිස්තුව සේ ම තවත් වාර්තා කිහිපයක් ම යාවත්කාලීන කිරීමට ශ්රී ලංකා – පාකිස්තාන ක්රීඩකයෝ සමත් වුණා.
>>Brook ගේ ද්විත්ව ශතකයේ සිට ලකුණු 430ක් හඹා යෑම දක්වා<<
ඊට පසු පැවැති පාකිස්තාන – එංගලන්ත තරගය ද ලෝක ඉතිහාසයට එක් වෙන්නේ තවත් වාර්තා කිහිපයක් ම ලෝක එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයට එක් කළ සුවිශේෂී තරගයක් ලෙසයි. එහි ප්රමුඛතම වාර්තාව වූයේ ජයග්රහණය කිරීම සඳහා යන හඹා යෑමකදී වාර්තා වූ 10 වැනි කඩුල්ලේ හොඳම ලකුණු සබඳතාව පිහිටුවීමට සමත් වීමයි. එහි ගෞරවය පාකිස්තානයේ Shadab Khan සහ Haris Rauf සතු වුණා.
ඔවුන් දෙදෙනා අවසන් කඩුල්ලට පිටියට එක් වෙද්දී පාකිස්තානයට ජයග්රහණය සඳහා ලකුණු 88ක් අවශ්ය ව තිබුණා. එය පාකිස්තානයට අසීරු ඉලක්කයක් වූව ද ඒ වෙද්දී එංගලන්තයට තරගය වාසිදායක වී තිබුණා.
නමුත් ක්රිකට් අවිනිශ්චිත ක්රීඩාවක් බැව් නැවතත් සනාථ කරමින් තරගයේ අවාසිදායක පාකිස්තානය එම කඩුල්ලේ දී තරගය ජයගහ්රණය කරනවා. ඊට පෙර තරගයේ දී ලකුණු 429ක් ලබා ගනිමින් ශ්රී ලංකා කණ්ඩායමෙන් එය බේරා ගැනීමට නොහැකි වූ එංගලන්තයට මෙම තරගයේ දී අවසන් කඩුල්ලේ දී ලකුණු 88ක් බේරා ගැනීමට හැකි වූයේ නැහැ.
පාකිස්තානය මෙම තරගයේ දී අභිබවා යන්නේ වසර 51කට පෙර තමන්ට එරෙහි ව ලියා තිබූ වාර්තාවක ද හිමිකාරයන් බවට පත් වෙමිනුයි.
එහි දී ඔවුන් අභිබවා යන්නේ 1975 පළමු ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් පිලේ Deryck Murray සහ Andy Roberts තබා තිබූ ලකුණු 64ක සබඳතාවේ වාර්තාව ද බිඳ හෙළමිනුයි.
| ජයග්රහණය සඳහා හඹා යෑමේ දී 10 වැනි කඩුල්ලට එක් වූ ඉහළ ම ලකුණු සබඳතාවන් 5 | |||||||
| Team | Runs | In | Out | Opposition | Ground | Year | |
| 1 | Haris Rauf සහ Shadab Khan | ||||||
| පාකිස්තානය | 89* | 9/154 | 9/243 | එංගලන්තය | Lahore | 2026 | |
| 2 | Deryck Murray සහ Andy Roberts | ||||||
| බ. ඉ. කොදෙව් | 64* | 203/9 | 267/9 | පාකිස්තානය | Birmingham | 1975 | |
| 3 | James Faulkner සහ Clint McKay | ||||||
| ඔස්ට්රේලියාව | 57* | 9/244 | 9/301 | එංගලන්තය | Brisbane | 2014 | |
| 4 | Thomas Odoyo සහ Hiren Varaiya | ||||||
| කෙන්යාව | 55* | 9/231 | 9/286 | අයර්ලන්තය | Nairobi | 2007 | |
| 5 | Mehidy Hasan Miraz සහ Mustafizur Rahman | ||||||
| බංග්ලාදේශය | 51* | 9/136 | 9/187 | ඉන්දියාව | Mirpur | 2022 | |
113* : ලෝක එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ අංක 8 පිතිකරු ලෙසින් හෝ ඊට පහළ ස්ථානයකින් පිටියට පිවිස වාර්තා කළ ඉහළ ම ඉනිමේ වාර්තාව පාකිස්තානයේ Shadab Khan සතු කර ගත්තා.
| එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ 8 වැනි හෝ ඊට පහළ ස්ථානයක පිතිකරුවෙක් විසින් ලබා ගත් වැඩිම ලකුණු ලැයිස්තුවේ පළමු 5 දෙනා | |||||||||
| Player | Team | Runs | BF | 4s | 6s | Opposition | Ground | Year | |
| 1 | Shadab Khan | පාකිස්තානය | 113* | 96 | 13 | 5 | එංගලන්තය | Lahore | 2026 |
| 2 | Simi Singh | අයර්ලන්තය | 100* | 91 | 14 | 0 | දකුණු අප්රිකාව | Dublin | 2021 |
| 3 | Mehidy Hasan Miraz | බංග්ලාදේශය | 100* | 83 | 8 | 4 | ඉන්දියාව | Mirpur | 2022 |
| 4 | Chris Woakes | එංගලන්තය | 95* | 92 | 4 | 0 | ශ්රී ලංකාව | Nottingham | 2016 |
| 5 | Sam Curran | එංගලන්තය | 95* | 83 | 9 | 3 | ඉන්දියාව | Pune | 2011 |
මෙම ඉනිම 28 හැවිරිදි Shadab Khan ගේ එක්දින ජාත්යන්තර තරග 74ක ඉනිම් 47ක වාර්තා වූ හොඳම ඉනිම බවට ද පත් වූණා. ඊට පෙර ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව 2022 වසරේ දී Multan හි දී ලබා ගත් ලකුණු 86යි.
112 : ලෝක එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ හඹා යන ඉනිමක දී 8 වැනි කඩුල්ලේ සිට වාර්තා වූ ඉහළ ලකුණු සංඛ්යාවන් අතර 2 වැනි හොඳම ලකුණු සංඛ්යාව වාර්තා වූයේ මෙම තරගයේදීයි.
මෙම වාර්තාවේ පළමු අසුන ශ්රී ලංකාවට හිමි වෙනවා. ඔවුන් 2010 වසරේ දී කළ ඔස්ට්රේලියා තරග සංචාරයේ Melbourne හී පැවැති තරගයේ දී අවසන් කඩුලු ද්විත්වයට ලකුණු 136ක සබඳතාගත ලකුණු ප්රමාණයක් ලබා ගන්නවා.
89* : මෙම තරගයේ දී Haris Rauf සහ Shadab Khan එක් ව 10 වැනි කඩුල්ලට රැස් කරන ලද මෙම ලකුණු සංඛ්යාව පාකිස්තාන එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ එම කඩුල්ලේ 2 වැනි හොඳම දක්ෂතාවයි.
මෙහි පළමු අසුන හිමි ව ඇත්තේ Mohammad Amir සහ Saeed Ajmal එක් ව 2009 වසරේ දී Abu Dhabi හි දී නවසිලන්තයට එරෙහි ව ලබා ගත් ලකුණු 103යි.
එමෙන් ම මෙම තරගයේ දී 10 වැනි කඩුල්ලට වාර්තා වූ සබඳතාව එංගලන්තයට එරෙහි ව ඕනෑ ම කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද 2 වැනි ඉහළ ම ලකුණු සබඳතාවයි. එහි පළමු අසුන 1984 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හී Viv Richards සහ Michael Holding එක් ව නොදැවී ලබා ගත් ලකුණු 106ට හිමි වෙනවා.
129 : මෙම තරගයේ දී එංගලන්තය ලකුණු 40ක් ද සහ පාකිස්තානය ලකුණු 89ක් ද ලෙසින් කණ්ඩායම් ද්විත්වය ම එක් ව 10 වැනි කඩුල්ලට නොදැවී ලබා ගත් මෙම ලකුණු එකතුව එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව එම කඩුල්ලට ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්යාව බවට ද පත් වුණා.
එහී මීට පෙර රැඳි තිබුණේ 2009 වසරේ දී පාකිස්තානය සහ නවසීලන්තය එක් ව Abu Dhabi හි දී ලබා ගත් ලකුණු 116යි. එහි දී එම කඩුල්ලට නවසීලන්තය විසින් ලකුණු 13ක් ද සහ පාකිස්තානය විසින් ලකුණු 103ක් ද ලෙසින් එක් කරනවා.
- පාකිස්තාන පොඩ්ඩෝ අවසන් තරගයත් ජය ගනී
- තුන්කොන් තරගාවලියේ දී හමුවෙන ප්රතිවාදීන්
- Hong Kong යන ශ්රී ලංකා Sixes කණ්ඩායමත් සූදානම්
- ශ්රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
1 wkt : පාකිස්තානය මෙම තරගයේ දී ලබා ගත් ජයග්රහණය ඒ ආකාරයෙන් ලැබූ 9 වැනි ජයග්රහණය වන අතර ඔවුන්ට එම ලැයිස්තුවේ ඊට හිමි වූයේ 3 වැනි ස්ථානයයි.
එහි පළමු ස්ථානය තරග 12ක් ඒ ලෙසින් ජයග්රහණය කළ බටහිර ඉන්දිය කොදෙව්වන්ට ද සහ 2 වැනි ස්ථානය තරග 10ක් ජයග්රහණය කළ නවසීලන්තයට ද හිමි ව තිබෙනවා.
3966 : මෙම තරගයේ දී පාකිස්තානයේ වමතින් වේග පන්දු යවන Shaheen Shah Afridi එක්දින ජාත්යන්තර කඩුලු 150 කඩඉම පසු කළ අතර එය ලොව එවන් කඩුලු ප්රමාණයකට වේගයෙන් ම ළඟා වූ පන්දු යවන්නන් අතර 2 වැනි අසුන හිමි වූ දක්ෂතාව බවට පත් වුණා.
එහි පළමු අසුන පන්දු 3857ක දී එකී සීමාවට එක් වූ ඔස්ට්රේලියාවේ Mitchell Starc රැඳී සිටිනවා.
Shaheen Shah Afridi මෙම කඩඉමට පිවිසීම සඳහා එක්දින ජාත්යන්තර තරග 80කට මුහුණ දුන් අතර එම ලැයිස්තුවෙන් ඔහුට හිමි වූයේ සිව් වැනි සම දක්ෂතා දැක් වූ පන්දු යවන්නා ලෙසයි.
ඔහු සමඟින් මෙම ලැයිස්තුවේ ඉන්දියාවේ Mohammed Shami සහ ඇෆ්ගනිස්තානයේ Rashid Khan ද සම දක්ෂතා දක්වමින් රැඳී සිටින අතර තරග 73ක දී මෙම කඩඉමට පිවිසි නේපාලයේ Sandeep Lamichhane මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ ද, ඔස්ට්රේලියාවේ Mitchell Starc තරග 77ක දී මෙම කඩඉමට එක් වෙමින් 2 වැනි ස්ථානයේ ද සහ පාකිස්තානයේ Saqlain Mushtaq තරග 78ක දී මෙම කඩඉමට එක් වෙමින් 3 වැනි ස්ථානයේ ද රැඳී සිටිනවා.
2x100 : මෙම තරගයේ දී එංගලන්තයේ Ben Duckett ශතකයක් වාර්තා කරන ලද අතර ඊට පෙර ද ඔහු මෙම ක්රීඩාංගණයේ දී ම පසුගිය වසරේ Champions Trophy තරගාවලියේ දී ඔස්ට්රේලියාවට එරෙහි ව ශතකයක් රැස් කළා. ඒ අනුව ඔහු Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී ශතක ද්විත්වයක් රැස් කළ එක ම එංගලන්ත ක්රීඩකයා බවට ද පත් වූවා.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















