ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) දවසේ දී පැවැති අතර එහි දී Baduraliya CC කණ්ඩායමේ මානස මදුභාෂණ සහ නායක හිරුණ ගාල්ලගේ Ragama CC කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතක ලබා ගැනීමට සමත් වුණා.
එහි දී මානස මදුභාෂණ පන්දු 342කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 222ක් ද සහ නායක හිරුණ ගාල්ලගේ පන්දු 281කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී 203ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 403ක දී ලකුණු 295ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව Leo CC කණ්ඩායමේ අවින්ත ද අල්විස් Moratuwa SC කණ්ඩායමට එරෙහි ව පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 119ක්, CCC කණ්ඩායමේ වෙනුර විතානගේ Sebastianites C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 111ක්, Negombo CC කණ්ඩායමේ නායක හංසජ හිරුණ Kurunegala SC කණ්ඩායමට එරෙහි ව පන්දු 201කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 106ක් සහ Kurunegala SC කණ්ඩායමේ දිනුග අබේසේකර Negombo CC කණ්ඩායමට එරෙහි ව පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා.
ඊට අමතර ව Kurunegala SC කණ්ඩායමේ අශාන් ශනිල්ක (68) සහ ජනිත් රවිශ්ක (50), Negombo CC කණ්ඩායමේ (64), Colts CC කණ්ඩායමේ රන්දුණු ගංගනාත් (නොදැවී 82) සහ ආරන් කොඩිතුවක්කු (නොදැවී 54), Navy SC කණ්ඩායමේ යුනෙත් සෙනෙවිරත්න (60), United Southern SC කණ්ඩායමේ තත්සර දෙව්මිත් (නොදැවී 52) සහ Leo CC කණ්ඩායමේ සලිඳු පතිරණ (59) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Colts CC කණ්ඩායමේ ඔහස් සදෙව් (5/39) ද දක්ෂතා දැක් වූවා.
- හිරුන් ජයසුන්දර ද්විත්ව ශතකයක් ලබා ගනී
- හිරුන්, රනුද සහ විහස් දක්ෂතා දක්වයි
- Kandy Customs ලකුණු 33කට දැවී යයි
- ලහිරු, විරංග, යෙනුල ශතකලාභීන්ගේ ලැයිස්තුවට
අද ආරම්භ වූ තරගවල කෙටි ලකුණු පුවරු
Sebastianites C & AC සහ CCC අතර තරගය කොළඹ, BRC ක්‍රීඩාංගණයේ දී.
- CCC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 417 (77.0) සරිත් සුදීන 84, වෙනුර විතානගේ 111, අංජල බණ්ඩාර 82, රශ්මික පෙරේරා 68, ඉනුක කරන්නාගොඩ 20, සුතර්සන් සුබර්නන් 4/114, මෙත්නුල මයාදුන්න 2/92
- Sebastianites C & AC– පළමු ඉනිම කඩුල්ලක් දැවී 33 (11.0)
Sebastianites C & AC කණ්ඩායම ලකුණු 384ක් පිටුපසින්.
Leo CC සහ Moratuwa SC අතර තරගය කටුනායක, ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Leo CC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 336 (90.0) අවින්ත ද අල්විස් 119, නෙලුක හේෂාන් 42, නෙත්ම කරුණාරත්න 29, සලිඳු පතිරණ 59, විශ්ව රාජපක්ෂ 47, හශ්මික නෙත්ශාන් නොදැවී 19, මනුජ චන්තුක 2/73, සංජන සෙනෙවිරත්න 2/55, රුසිත් ජයවර්ධන 2/42
මෙම තරග ද්විත්වය හෙට (18) 2 වැනි දිනයට පැවැත්වීමට නියමිතයි.
- කොදෙව්වන් ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරයි
- දිලුම් ට කඩුලු 5යි: තරගය විසඳුමක් නෑ
අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු
United Southern SC සහ Bloomfield C & AC අතර තරගය කොස්ගම, සාලාව යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- United Southern SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (56.5)දමේෂ් මතිශාන් 39, සෙනුක දංගමුව 26, කවීෂ කල්පන නොදැවී 18, කනීෂ පියුමාල් 3/32, තරින්ද ගුරුගේ 4/42
- Bloomfield C & AC– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 86 (26.0)හසිත අමරසිංහ 37, මිනෙත් ප්‍රේමරත්න 20, කවීෂ ගිත්මක 3/21, සෙනුක දංගමුව 2/08
- United Southern SC– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 138 (43.3)සෙහස් ආශිංස 23, තත්සර දෙව්මිත් නොදැවී 52, තමිඳු ප්‍රදීප්ත 21, පෙසඳු සංජන නොදැවී 18, අසිත වන්නිආරච්චි 2/30, කවීෂ පියුමාල් 3/30
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Bloomfield C & AC කණ්ඩායමට.)
Baduraliya CC සහ Ragama CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Baduraliya CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 654 (160.5)හේෂාන් මදුශංක 46, කූජන පෙරේරා 44, මානස මදුභාෂණ 222, සසිඳු කෞශාන් 42, ෂෙහාන් මදුසංක 41, හිරුන ගාල්ලගේ නොදැවී 203, කෙවින් නානායක්කාර 4/196, මලීෂ සිල්වා 3/125
- Ragama CC– පළමුඉනිම කඩුලු 3ක් දැවී 37 (9.0)සහන් කෞශල්‍ය නොදැවී 26,
තරගයේ විසඳුමක් නෑ.
Navy SC සහ Colts CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Colts CC– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 404 (72.2) රන්දුණු ගංගනාත් 169, හිරුන් ජයසුන්දර 229
- Navy SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 191 (69.4) චන්දූප පෙරේරා 27, රුවින් සංකල්ප 49, යුනෙත් සෙනෙවිරත්න 60, ඔහස් සදෙව් 5/39, ශනිල් පෙරේරා 4/40
- Colts CC– දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 159 (35.0) රන්දුණු ගංගනාත් නොදැවී 82, ආරන් කොඩිතුවක්කු නොදැවී 54
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Colts CC කණ්ඩායමට)
Kurunegala SC සහ Negombo CC අතර තරගය අනුරාධපුර, සමාධි ක්‍රීඩාංගණයේ දී.
- Negombo CC– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 363 (108.0)දිල්ප රුවන්ක 40, තත්සර ඒශාන් 72, හංසජ හිරුන 106, කවීන් දෙනෙත් 64, ශෆ්නි ඩීන් නොදැවී 20, අමිත පෙරේරා නොදැවී 26, සනුජ නිඳුවර 2/36, යශ්මිත ජයසුන්දර 3/44
- Kurunegala SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (74.0)දිනුග අබේසේකර 105, අශාන් ශනිල්ක 68, ජනිත් රවිශ්ක 50, සනුජ නිඳුවර 30, සොනාල් අස්වින් නොදැවී 21, ශෙහාන් ප්‍රමෝද් 2/111, අමිත පෙරේරා 2/111
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Negombo CC කණ්ඩායමට)
Army SC සහ Panadura SC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
- Panadura SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (73.0)සුවහස් ප්‍රනාන්දු 107, සිත්රු ගුණරත්න 21, කාංචන ද ලිවේරා 21, මිහින් සොයිසා 38, නේකෂ ඉද්දමල්ගොඩ 62, පැතුම් විහඟ 2/82, උමේෂ් ද සිල්වා 2/53, ඉනුක ද සිල්වා 5/89
- Army SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (47.5)ශෙනෙශ්ක නෙත්සර 52, සුඛිත දෙව්තිළිණ 47, දිමන්ත අරුශ 32, මලින්ත සිල්වා 3/70, ප්‍රසන්න ලක්මිණ 2/30, සිත්රු ගුණරත්න 3/13, රන්දික මිහිරංග 2/50
- Army SC –දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 139 (46.0) සුඛිත දෙව්තිළිණ 27, දිමන්ත අරූෂ 27, ප්‍රසන්න ලක්මිණ 2/12, මලින්ත සිල්වා 4/39, දසුන් චමෝද් 2/51
- Panadura SC– දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 42 (6.3)දිමන්ත අරූෂ 3/24
Panadura SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















