මෙවර CPL සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ නාමලේඛනය

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1092

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල නිල සංචිත පසුගිය දා තරගාවලි සංවිධායකයින් විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්වන අතර ශ්‍රී ලාංකික සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මෙවර කැරිබියන් ක්‍රිකට් පිටියේ තරග කිරීමට නියමිතයි.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර CPL තරගාවලියේ දී St. Kitts & Nevis Patriots කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි. Dwayne Bravo, Evin Lewis, Andre Fletcher වැනි ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවර CPL තරගාවලියේ දී Trinbago Knight Riders කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ක්‍රීඩා කරන්නට සූදානම්. මහිෂ් තීක්ෂණ හා සීක්කුගේ ප්‍රසන්න Kieron Pollard, Andre Russell වැනි ප්‍රබල ක්‍රීඩකයින් සමඟින් TKR නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රධානතම ක්‍රීඩක හුවමාරුව ලෙස දැක්වුණේ Shai Hope Guyana Amazon Warriors කණ්ඩායම සමඟ එක්වීමයි. මේ අතර Rahkeem Cornwall, Saint Lucia Kings කණ්ඩායමේ සිට Barbados Royals කණ්ඩායම හා එක්ව තිබෙනවා.

Saint Lucia Kings හා St. Kitts & Nevis Patriots කණ්ඩායම් දෙකම තවත් එක් විදෙස් ක්‍රීඩකයෙක් බැගින් සිය කණ්ඩායම්වලට එකතු කර ගැනීමට නියමිතයි. එම ක්‍රීඩකයින් ඉදිරි දින කිහිපය තුළ නිවේදනය කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

2022 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ වත්මන් සංචිත මෙසේයි.

10 වැනි වරටත් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) තරගාවලිය අගෝස්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දක්ෂතා සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

මාධ්‍ය නිවේදනයක් ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<