LPL කෙටුම්පත් කිරීම අවසන්; නවක මුහුණු කිහිපයක් එළියට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

4643

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය (Player Draft) අද (05) සවස ක්‍රියාත්මක වුනා.

එහි දී Jaffna Kings, Galle Gladiators, Dambulla Giants, Colombo Stars සහ Kandy Falcons යන කණ්ඩායම් 5 විසින් ක්‍රීඩකයින් මිල දී ගැනීම සිදු කළා.

පසුගිය තරගවාර දෙකේම ශූරතාවය දිනූ Jaffna Kings කොදෙව් දූපත් හි Evin Lewis, දකුණු අප්‍රිකාවේ Hardus Viljoen හා Tristan Stubbs, පාකිස්තානයේ ශොයිබ් මලික් හා Shahnawaz Dahani, ඇෆ්ගනිස්ථානයේ Rahmanullah Gurbaz යන ක්‍රීඩකයින් විදෙස් ක්‍රීඩකයින් ලෙස මෙවර සංචිතයට එක් කරගෙන තිබුණා.

මෙවර තරග වාරයේ දී ද Jaffna Kings තිසර පෙරේරා විසින් මෙහෙය වීමට වැඩි ඉඩක් තිබෙන අතර මෑතක දී ශ්‍රී ලංකා එක්දින සංචිතයට පැමිණි දුනිත් වෙල්ලාලගේ ද Jaffna කණ්ඩායම සතු වෙනවා.

නව නාමයක් සහිතව මෙවර තරගාවලියට එක්වන Kandy Falcons විසින් කොදෙව් ක්‍රීඩකයින් වන Carlos Brathwaite, Fabian Allen, Andre Fletcher, දකුණු අප්‍රිකාවේ Dewald Brevis, ඕස්ට්‍රේලියාවේ Chris Green හා පාකිස්තානයේ Usman Shinwari යන විදෙස් ක්‍රීඩකයින් මිල දී ගැනීමට කටයුතු කර තිබෙනවා.

Dambulla Giants විසින් ඕස්ට්‍රේලියාවේ D’Archy Short, Ben Cutting, නේපාලයේ Sandeep Lamichhane, නවසීලන්තයේ Tim Siefert, පාකිස්තානයේ Haider Ali හා කොදෙව් දූපත් හි Sheldon Cottrel යන ක්‍රීඩකයින් සිය කණ්ඩායමට මිල දී ගෙන තිබෙනවා. දඹුල්ල කණ්ඩායමේ නායකයා ලෙස මෙවර තරග වාරයේ දී ද දසුන් ශානක කටයුතු කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

Dwaine Pretorius, Asif Ali, Dominic Drakes, Fazalhaq Farooqi, Naveen Ul Haq, Karim Janat යන විදෙස් ක්‍රීඩකයින් ඇතුළත් Colombo Stars කණ්ඩායමේ සිටින ප්‍රධානතම දේශීය ක්‍රීඩකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඊට අමතරව නිරෝෂන් දික්වැල්ල සහ ජෙෆ්රි වැන්ඩර්සේ ඇතුළු තවත් තරුණ සහ අත්දැකීම් තිබෙන දේශීය ක්‍රීඩකයින් රැසක් එම සංචිතයට ද ඇතුළත්.

Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන දේශීය ක්‍රීඩකයා වන්නේ ධනුෂ්ක ගුණතිලකයි. ඊට අමතරව Imad Wasim, Faheem Ashraf, Janneman Malan, Qais Ahmad, Azam Khan, Sarfaraz Ahamed යන විදෙස් ක්‍රීඩකයින් මේ සංචිතයට ඇතුළත්ව සිටිනවා.

කෙසේ නමුත් මේ කෙටුම්පත්කරණය අවසානයේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, අකිල දනංජය සහ තවත් නැගී එන ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව නොසිටීම ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

එසේම නිමා වුනු නැගී එන ක්‍රිකට් තරගාවලිවල දී දස්කම් දැක්වූ යොවුන් නැගී එන ක්‍රීඩකයින් රැසක් හට පළමු වරට LPL වරම් හිමි වී තිබීම විශේෂත්වයක්.

Dambulla Giants

Pre-Drafted Players – D’Arcy Short – USD 60,000, Dasun Shanaka – USD 60,000, Ben Cutting – USD 50,000, Bhanuka Rajapaksa – USD 50,000, Chaturanga de Silva – USD 40,000, Ramesh Mendis – USD 25,000, Nuwan Pradeep – USD 25,000, Tharindu Ratnayake – USD 15,000

Drafted Players – Sandeep Lamichhane – USD 40,000, Tim Siefert – USD 25,000, Haider Ali – USD 25,000, Sheldon Cottrel – USD 15,000, Pramod Madushan – USD 15,000, Lasith Crosspulle – USD 15,000, Kalana Perera – USD 10,000, Dilum Sudeera – USD 10,000, Sachitha Jayatilaka – USD 3,000, Dushan Hemantha – USD 3,000, Sasha De Alwis – USD 3,000, Ravindu Fernando – USD 3,000 

Colombo Stars

Pre-Drafted Players – Dwaine Pretorius – USD 60,000, Angelo Mathews – USD 60,000, Asif Ali – USD 50,000, Charith Asalanka – USD 50,000, Niroshan Dickwella – USD 40,000, Naveen Ul-haq – USD 25,000, Dinesh Chandimal – USD 25,000, Karim Janat – USD 15,000, Seekkuge Prasanna – USD 15,000, Jeffrey Vandersay – USD 15,000

Drafted Players – Dominic Drakes – USD 40,000, Fazalhaq Farooqi – USD 25,000, Dhananjaya Lakshan – USD 25,000, Ishan Jayaratne – USD 15,000, Muditha Lakshan – USD 10,000, Lakshitha Manasinghe – USD 10,000, Kevin Koththigoda – USD 3,000, Chathuranga Kumara – USD 3,000, Navod Paranavithana – USD 3,000, Chamod Battage – USD 3,000

Jaffna Kings

Pre-Drafted Players – Evin Lewis – USD 60,000, Thisara Perera – USD 60,000, Hardus Vilojen – USD 50,000, Dhananjaya De Silva – USD 50,000, Shoaib Malik – USD 40,000, Maheesh Theekshana – USD – 40,000, Dunith Wellalage – USD 25,000, Praveen Jayawickrama – USD 15,000, Ashan Randika – USD 3,000

Drafted Players – Shahnawaz Dahani – USD 25,000, Binura Fernando – USD 25,000, Tristan Stubbs – USD 15,000, Suminda Lakshan – USD 15,000, Sadeera Samarawickrama – USD 15,000, Dilshan Madushanka – USD 10,000, Nipun Dhananjaya – USD 10,000, Vijayakanth Viyaskanth – USD 3,000, Theesan Vidushan – USD 3,000, T. Dinoshan – USD 3,000

Kandy Falcons

Pre-Drafted Players – Carlos Brathwaite – USD 60,000, Wanindu Hasaranga – USD 60,000, Chamika Karunaratne – USD 50,000, Kamindu Mendis – USD 15,000

Drafted Players – Fabian Allen – USD 50,000, Andre Fletcher – USD 40,000, Isuru Udana – USD 40,000, Dewald Brevis – USD 25,000, Matheesha Pathirana – USD 25,000, Ashen Bandara – USD 25,000, Usman Shinwari – USD 15,000, Ashan Priyanjan – USD 15,000, Minod Bhanuka – USD 15,000, Avishka Perera – USD 10,000, Ashian Daniel – USD 10,000, Malinda Pushpakumara – USD 3,000, Janith Liyanage – USD 3,000, Lasith Abeyratne – USD 3,000, Kavin Bandara – USD 3,000

Galle Gladiators

Pre-Drafted Players – Imad Wasim – USD 60,000, Danushka Gunathilaka – USD 60,000, Faheem Asraf – USD 50,000, Dushmantha Chameera – USD 50,000, Kusal Mendis – USD 40,000, Lakshan Sandakan – USD 25,000, Nuwan Thushara – USD 25,000, Pulina Tharanga – USD 15,000

Drafted Players – Janneman Malan – USD 40,000, Qais Ahmad – USD 25,000, Azam Khan – USD 25,000, Sarfaraz Ahamed – USD 15,000, Nuwanidu Fernando – USD 15,000, Nimesh Vimukthi – USD 15,000, Movin Subasingha – USD 10,000, Nipun Malinga – USD 10,000, Sachindu Colombage – USD 3,000, Lakshan Gamage – USD 3,000, Tharindu Kaushal – USD 3,000, Sammu Ashan – USD 3,000

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 31 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<