පාසල් ක්‍රිකට් ආකෘතියට නව වෙනසක් සමඟින් “සීතාවක මිණිපුර සටන”

416
Seethawaka Minipura Satana

අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “සීතාවක මිණිපුර මහා සටන” ක්‍රිකට් තරගාවලිය රත්නපුර, අවිස්සාවේල්ල, රුවන්වැල්ල හා ඇහැලියගොඩ යන ප්‍රදේශයේ පාසල් කිහිපයක සහභාගිත්වයෙන් ලබන 16, 17 හා 18 යන තෙදින පුරාවට සීතාවක මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවාසනාවට උර තබති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට්

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, රුවන්වැල්ල රාජකීය විද්‍යාලය, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර ඇලෝසියස් විද්‍යාලය හා රත්නපුර කුමර විද්‍යාලය යන පාසල් පහට අමතරව මේ තරගාවලියේ සත්කාරකත්වය හා සංවිධානය ගනු ලබන අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් වයස් කාණ්ඩ තුනක් යටතේ මේ අපූරු ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනු ඇත.

ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන මේ තරගාවලියට වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ හා 19න් පහළ යන වයස් කාණ්ඩයන් නියෝජනය කරමින් උක්ත සඳහන් කළ පාසල් 6හි කණ්ඩායම් 20ක් සහභාගී වේ.

ක්‍රිකට් වාර්තා පොත් සැරසූ ශූරයා “හසිත බෝයගොඩ “

අනෙකුත් බොහෝ ක්‍රීඩකයන් සේ ම හසිත රජින්ද්‍ර බණ්ඩාර බෝයගොඩගේ ක්‍රිකට්

වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයට කණ්ඩායම් 8ක් තරග වදිනු ලබන අතර රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය හැරෙන්නට අනෙකුත් සියලුම පාසල්වලින් එක් කණ්ඩායමක් හා සත්කාරක සීතාවක මධ්‍ය මහා විද්‍යාලයෙන් කණ්ඩායම් හතරක් සහභාගී වීමට නියමිතව ඇත. අනෙකුත් වයස් කාණ්ඩ දෙක සඳහා සෑම පාසලක්ම නියෝජනය වන පරිදි එක් වයස් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් තරග වදිනු අතර ඒ සඳහා කාණ්ඩවලට කණ්ඩායම් තෝරා ගැනීම සිදු කළේ කුසපත් ඇදීමෙනි.

“අපේ විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තේ 2015 දී, ඒත් 13න් පහළ හා 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම් දෙකක් විතරයි අපට හිටියේ, ක්‍රීඩාව සමඟ අධ්‍යාපනයෙන් පරිපූර්ණ දරුවන් දැයට දායාද කරන එක තමා අරමුණ වන්නේ, අන්තිමේ කොහොම හරි අපි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමකුත් හැදුවා. මේ මිණිපුර සටන ක්‍රිකට් තරගාවලිය අපි පටන් ගත්තේ මේ ප්‍රදේශයේ දක්ෂ ක්‍රීඩකයින් සිටින නිසයි. මොකද ඔවුන්ගේ දස්කම් විදහාපාන්න හොඳ තරගාවලියක් ලැබෙන්නේ මේ වගේ කලාතුරකින් (පාසල් මහා ක්‍රිකට් තරග නොපැවෙත්වෙන නිසා).” යැයි සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්ය රසික ඉලුක්පිටිය මහතා පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉලුක්පිටිය මහතා,

“වෙන පාසල්වල මේ වගේ ක්‍රිකට් තරගාවලි සංවිධානය කරනු ලබන්නේ පාසලේ ආදී ශිෂ්‍ය සංගමය විසිනුයි, නමුත් අපේ පාසලේ මේ තරගාවලිය සංවිධානය කරන්නේ පාසලේ දෙමාපිය සංසදය එකතු වෙලා. මම ඔවුන්ට හදවතින්ම සුබ පතනවා.”

ඇඟිල්ලක් කඩන් 100 ගහපු පොඩි දැවැන්තයා – කෞශාල් සිල්වා – Powerplay

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජන කළ දක්ෂ දකුණත් පිතිකරුවෙක් තමයි කෞශාල් සිල්වා

එක් කණ්ඩායමකට පන්දුවාර 5ක් හිමි වන මේ තරගාවලිය සුදු ලෙදර් පන්දුවෙන්, වර්ණ ඇඳුම් පළදින ලද ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

වයස අවුරුදු 13න් පහළ

A කාණ්ඩය B කාණ්ඩය
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය B සීතාවක මධ්‍ය මහා විද්‍යාලය C
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය A සීතාවක මධ්‍ය මහා විද්‍යාලය D
රුවන්වැල්ල රාජකීය විද්‍යාලය රත්නපුර ඇලෝසියස් විද්‍යාලය
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර කුමර විද්‍යාලය

වයස අවුරුදු 15න් පහළ

A කාණ්ඩය B කාණ්ඩය
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය රුවන්වැල්ල රාජකීය විද්‍යාලය
රත්නපුර ඇලෝසියස් විද්‍යාලය සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
රත්නපුර කුමර විද්‍යාලය ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

වයස අවුරුදු 19න් පහළ

A කාණ්ඩය B කාණ්ඩය
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර කුමර විද්‍යාලය
රත්නපුර ඇලෝසියස් විද්‍යාලය රුවන්වැල්ල රාජකීය විද්‍යාලය
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය

සෑම කාණ්ඩයකම පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගනු ඇත. එයින් ජයග්‍රහණය කරනු ලබන පාසල් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇත. තවද පසුගිය දා මැලේසියාවේ දී පැවැත්වුණු වයස අවුරුදු 15න් පහළ ආසියානු ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රත්නපුර කුමර විද්‍යාලයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා ද එම විද්‍යාලය නියෝජනය කරමින් මේ තරගාවලියට එක්වෙනු ඇත.

මේ අපූරු හා නවමු ආකාරයේ තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා තරගාවලිය සංවිධානය කරනු ලබන සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ දෙමාපිය එකමුතුව, ක්‍රීඩා භාර ආචාර්ය අජිත් කුමාර, ක්‍රිකට් භාර ආචාර්ය රසික ඉලුක්පිටිය, සීතාවක මධ්‍ය මහා විද්‍යාලය ක්‍රිකට් භාර පුහුණුකරු, තරග විනිසුරුවරුන් නියෝජනය කරමින් නිශාන්ත කුමාර යන මහත්වරුන්, එම විද්‍යාලවල විදුහල්පතිවරුන් හා අනුග්‍රාහක භවතුන් පැමිණ සිටියහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<