“ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ නැති වෙයි”

12266
(CricketAddictor)

ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගය දින තුනක් තුළ ජය ගත් ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය ලකුණු 54.16ක් දක්වා ඉහළ දමා ගන්නට සමත් වුනා. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේයි.

ඕස්ට්‍රේලියාව ලකුණු 77.77ක් සමඟින් පළමු ස්ථානයේ, පාකිස්තානය හා ශ්‍රී ලංකාව ලකුණු 66.66ක් බැගින් හා දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 60ක් ලබා ගෙන පළමු ස්ථාන 4 තුළ රැඳී සිටිනවා.

ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් නොමැති බවට ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක Aakash Chopra පවසා සිටිනවා.

මම හිතන්නේ නැහැ එංගලන්තයට, බංග්ලාදේශයට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට හැකි වෙයි කියලා ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්න. නවසීලන්තයට පුළුවන් වෙයි කියලත් මම හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාවට අවසන් තරගයට සුදුසුකම් ලබන්නට අවස්ථාවක් තිබෙනවා කියලා”, Chopra පවසා තිබුණා.

මම හිතන්නේ ඕස්ට්‍රේලියාව, ඉන්දියාව හා පාකිස්තානයට තමා අවස්ථාව තියෙන්නේ. ඕස්ට්‍රේලියා – පාකිස්තානු අවසන් මහා තරගයකට ලොකු අවස්ථාවක් තිබෙනවා.”

මෙවර ටෙස්ට් ලෝක ශූරතා චක්‍රයේ ඉන්දියාවට තවත් ඉතිරිව ඇත්තේ තරග 7ක් පමණයි. එංගලන්තය සමඟ එක් තරගයක්, බංග්ලාදේශය සමඟ තරග දෙකක් හා ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරග 4ක් ඔවුන්ට ඉතිරිව තිබෙනවා. Aakash Chopra පවසා සිටින්නේ ඉන්දියාවටත් අවසන් මහා තරගයට පිවිසෙන්නට අපහසු වන බවයි.

ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් සමඟ තරගාවලියෙන් ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 100% ම ලබා ගත යුතුයි. ඔවුන් තරග 4ම ජය ගන්න ඕනේ.”

“අපි ශ්‍රී ලංකාව සමඟ 2-0ක් ලෙස ජය ගනී. මට විශ්වාසයි අපි බංග්ලාදේශයට එරෙහිවත් ජය ගනී. ඉන්දියාව දකුණු අප්‍රිකාවට එරෙහිව පරාජය වුනා. ඒ නිසා ඔවුන්ට පහසු වෙන්නේ නැහැ.”

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<