ජැක්සන් වෝන් තම පියාට වූ පොරොන්දුව ඉටු කරයි

10820

ෂේන් වෝන්ගේ ආදරණීය පුත් ජැක්සන් වෝන් තම පියාට වූ පොරොන්දුවක් ඉටු කිරීම ගැන පුවතක් වාර්තා වනවා. පසුගිය මාර්තු මාසයේ දී අප අතරින් වෙන් වූ වෝන් ගැන මතකය මේ වන විටත් සජීවීයි.

ජැක්සන් වෝන් සිය පියාට ගෞරවයක් ගෙන එන බව පොරොන්දු වූ කෙනෙක්. පසුගිය දා පැවැත්වුණු World series poker main event ඉසව්වේ දී ඔහු එය කර පෙන්වීමට සමත් වුනා. ෂේන් වෝන් මෙන්ම ඔහුගේ පුත් ජැක්සන් ද දක්ෂ පෝකර් ක්‍රීඩකයන්.

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හිදී පැවැත්වෙන තරගාවලියේ පළමු දිනයේ දී ඔහු සාර්ථක ප්‍රතිඵල නෙළාගත්තා. එය වඩාත් සංවේදී අවස්ථාවක් වුනේ නැසී ගිය ෂේන් වෝන් සහ පුත් ජැක්සන් වෝන් යන දෙදෙනාම එහි දී එකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම නිසයි.

ෂේන් වෝන් මරණයට පත් නොවූයේ නම් ඔවුන් දෙදෙනාම එකම මේසයක වාඩි වී ඉහත ඉසව්වට සහභාගී වීමට තිබූ බව ෂේන් වෝන්ගේ දුවණිය වන බෲක් වෝන් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ සටහන් කොට තිබුණා.

එයා සෙල්ලම් කරන්න පටන් ගත් දා ඉඳන්ම ඒක එයාගේ හීනයක් වුනා”, ඇය එසේ සටහන් කොට තිබුණේ ජැක්සන් වෝන් ගැනයි.

WikiBio
බෲක් වෝන්

ජැක්සන් අද ක්‍රීඩා කිරීම ගැන මට තවත් ආඩම්බර වන්නට දෙයක් නෑ. ඔයා අපිවත් අපේ තාත්තාවත් ආඩම්බරයට පත් කරාවි. මම දන්නවා තාත්තා කොහේ හිටියත් ඔයාගේ ළඟ ඉඳියි කියලා”, ඇය එසේ සටහන් කොට තිබුණා.

ඔබ නැතුව ගොඩක් පාළුයි වගේම ඔබ මාත් එක්ක ක්‍රීඩා කරන්නට හිටියා නම් කියලා හිතෙනවා. මම ඔබට ආඩම්බරයක් ගෙනෙනවා.”, ජැක්සන් වෝන් මීට සතියකට පමණ පෙර සටහන් කොට තිබුණේ ලෝක පෝකර් තරගාවලියට සහභාගී වන්නට පෙරයි.

පළමු දිනය අවසන් වන විට ඔහු ඇමරිකානු ඩොලර් 82,900ක මුදලක් දිනා ගැනීමට සමත්ව තිබුණා. තරගාවලියට ඇතුළත් වීම සඳහා ක්‍රීඩකයන් විසින් ඇ.ඩො.10,000ක මුදලක් ගෙවිය යුතු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<