සීක්කුගේ, වනිඳු සහ මහීෂ් CPL තරග බිමට

CPL 2022

3498

10 වැනි වරටත් පැවැත්වීමට නියමිත Caribbean Premier League (CPL) තරගාවලිය සඳහා වරම් දිනා ගන්නට මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ සීක්කුගේ ප්‍රසන්න සමත් වී තිබෙනවා.

තරගාවලිය එළඹෙන අගෝස්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර Trinbago Knight Riders හි හිමිකරුවන් වන Shah Rukh Khan සහ Jay Mehta ඇතුළු පිරිස විසින් සිය කණ්ඩායම සඳහා විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 2019 වසරේ දී Knight Riders නියෝජනය කළ 37 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩක සික්කුගේ ප්‍රසන්න නැවතත් සිය කණ්ඩායම සඳහා එකතු කරගෙන තිබෙනවා.

එමෙන්ම, නිමා වූ IPL තරගාවලියේ දී දක්ෂතා දැක්වූ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට Trinbago Knight Riders කළමනාකරණ මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව St. Kitts & Nevis Patriots විසින් පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සිය කණ්ඩායමට එකතු කර ගන්නට තීරණය කර තිබෙනවා. CPL තරගාවලියේ පළමු තරග කිහිපයකින් පසුව වනිඳු කණ්ඩායම සමඟ එකතු වීමට නියමිතයි. එතෙක් පාකිස්තාන පිට දඟපන්දු යවන ක්‍රීඩක Qasim Akram වනිඳ වෙනුවට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම ශ්‍රී ලාංකිකයින්ට අමතරව Knight Riders විසින් නවසීලන්ත ක්‍රීඩකයින් වන Tim Seifert සහ Colin Munro ද කණ්ඩායමට එකතු කරගෙන තිබෙන අතර 5 වැනි ක්‍රීඩකයා ලෙස Ali Khan සංවිතයට එකතු කරගෙන තිබෙනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව Knight Riders කණ්ඩායම හිටපු කොදෙව් නායක Kieron Pollard, වත්මන් සීමිත පන්දු නායක Nicholas Pooran සමඟින් සුපිරි ක්‍රීඩකයින් වන Andrew Russell සහ Sunil Narine Knight Riders සමන්විතයි.

St. Kitts & Nevis Patriots වෙනුවෙන් IPL තරගාවලියේ Mumbai Indians වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු Dewald Brevis සහ ඇෆ්ගනිස්තාන පා දඟපන්දු යවන ක්‍රීඩක Izharulhaq Naveed තෝරාගෙන තිබෙනවා.

Knight Riders විසින් 2015, 2017, 2018 සහ 2020 වසරවල දී CPL ශූරතා ජයග්‍රහණය කරන්නට සමත් වූ අතර මෙම නව ක්‍රීඩක ආදේශ කර ගැනීම් සමඟින් ඔවුන් 5 වැනි වරටත් ශූරතාවය ජයග්‍රහණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සැප්තැම්බර් 1 වැනිදා St.Lucia Kings සමඟ තරග බිමට පිවිසෙනු ඇත. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ජූලි 7 වැනිදා පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<