නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලොවටම ආදර්ශයක්

4697
(HindustanTimes)

ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එකම වැටුපක් ගෙවන්නට නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ සඳහා නවසීලන්තයේ ප්‍රධාන ක්‍රිකට් සංගම් 6 හා නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයත් සිය එකඟතාව පළ කර තිබෙනවා.

මේ තීරණය අනුව දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක් එක් ආකෘති හා තරගාවලි වලට එකම ගාස්තුවක් ගෙවීමට නියමිතයි.

යෝජිත තරග ගාස්‌තු (ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපාර්ශවයටම)

  • ටෙස්ට් තරග : $10,250
  • එක්දින තරග : $4,000
  • විස්සයි විස්ස තරග : $2,500
  • Plunket කුසලාන තරග : $1,750
  • Ford කුසලාන /Hallyburton Johnstone පලිහ තරග : $800
  • Super Smash තරගාවලිය : $575

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩා සංගම් හා ක්‍රීඩකයින්ගේ සංගම් එක්ව, Yolanda Beattie නම් විශේෂඥවරියක්ගේ උපදෙස් යටතේ මෙම ගෙවීම් සැළසුම් සකස් කර තිබෙනවා.

මේ නව වැටුප් සැලැස්ම අනුව නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ වසර 5 ක ආදායමින් 29.75%ක කොටසක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන්වනු ඇත.

නව සැළැස්ම අනුව ඉහළම ශ්‍රේණිගත කිරීමේ සිටින ක්‍රිකට් ක්‍රීඩිකාවට වසරකට $83,432 සිට $163,246 දක්වා වූ වැටුප් වැඩි වීමක්, ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩිකාවට $66,266 සිට $148,946 දක්වා වැටුප් වැඩි වීමක් හා 17 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩිකාවට $62,833 සිට $142,346 දක්වා දැවැන්ත වැටුප් වැඩිවීමක් සිදුවීමට නියමිතයි.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව තීරණයන්ට අනුව කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ලබා දෙන කොන්ත්‍රාත්තු ගණන ද 54 සිට 72 දක්වා ඉහළ දමා තිබෙනවා.

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඔවුන් ක්‍රීඩා කරන තරග ගණන, ආකෘති ගණන අනුව හා පුහුණුවීම්වල නිරතවන කාලය අනුව විශේෂ දීමනාවක් ලබා දීමට නියමිතයි.

නව ආකෘතිය අනුව ක්‍රීඩකයින්ගේ වැටුප් ද වැඩි වී තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළම සිටින ක්‍රීඩකයාගේ වැටුප $459,574 සිට $523,396 දක්වාත්, දසවැනි ස්ථානයේ සිටින ක්‍රීඩකයාට $377,981 සිට $444,196 දක්වාත්, 20 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩකයාට $305,453 සිට $367,196 දක්වාත් වැටුප් වැඩි වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හෝ කරන මුළු ගෙවීම් අතර තරග ගාස්තුවට අමතරව රඳවා තබා ගැනීමේ දීමනාවක්, Trust IP දීමනාවක්, විශ්‍රාම වැටුප් දීමනාවක් හා රක්ෂණාවරනයක් ද වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<