සංගා, මහේලගේ සුවිශේෂි කඩඉමක අලුත්ම සාමාජිකයා Kohli

5371
Full list of legends with 500

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වීමත් සමඟ සිය ක්‍රිකට් දිවියේ 500 වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සම්පූර්ණ කිරීමට සුපිරි ක්‍රීඩක Virat Kohliට හැකි වුනා. 

ක්‍රීඩා දිවියේ මෙම සීමාව පසු කළ දසවැනි ක්‍රීඩකයා Kohli වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙම සීමාව පසු කිරීමට හැකි වන්නේ ඉතා අඩු ක්‍රීඩක සංඛ්‍යාවකට පමණයි.  

එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග 500ක් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් 9 දෙනෙකු මීට පෙර සමත්ව තිබෙන අතර ඔවුන් ක්‍රිකට් පිටියේ ඉතා සුවිශේෂී වාර්තා තැබූ ක්‍රීඩකයින් වීම ද විශේෂත්වයක්. 

Sachin Tendulkar – තරග 664  

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස ඉහළින්ම වැජඹෙන සුපිරි ක්‍රීඩක Sachin Tendulkar 1989 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන විට ඔහුගේ වයස අවුරුදු 16ක්.  

එතැන් සිට 2013 දක්වා අඛණ්ඩව ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ ඔහු ජාත්‍යන්තර තරග 664 (එක් විස්සයි විස්ස තරගයක් ඇතුළුව) ක්‍රීඩා කරමින්  ශතක සියයක් සමඟ ලකුණු 34000කට අධික සංඛ්‍යාවක් සහ කඩුලු 201ක් ලබා ගැනීමට සමත් වුනා. 

මහේල ජයවර්ධන – තරග 652  

ශ්‍රී ලංකා ක්‍රිකට් සාර්ථකම සමයේ කණ්ඩායම නියෝජනය කළ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන 1997 වසරේ සිට දශක දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 26000කට වැඩි සංඛ්‍යාවක් ලබා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ ඔහු තරග ආකෘති ත්‍රිත්වයේ ම ශතක ලබා ගත්  පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වූයේ ඔහුයි 

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම උඩ පන්දු ලබා ගත් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි 

කුමාර සංගක්කාර – තරග 594 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වූ සංගක්කාර 2000 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ලකුණු 28000ක් ලබා ගැනීමට සමත් වූ ඔහු ටෙස්ට් පිටියේ ලකුණු 10000 පසු කළ ක්‍රීඩකයින් අතරින් වැඩිම පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වූ ක්‍රීඩකයා ද වීම විශේෂත්වයක්.  

Ricky Ponting – තරග 560 

වැඩිම ජාත්‍යන්තර තරග ගණනක් ක්‍රීඩා කළ ආසියානු නොවන ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Ricky Pontingයි.  

2000 වසරේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ඔහු MS Dhoniට පසුව වැඩිම තරග ගණනක් නායකත්වය දැරූ ක්‍රීඩකයා ද වන අතර ඔහු සිය ක්‍රීඩා දිවියේ දී ශතක 71ක් ලබා ගැනීමට සමත් වුනා. 

එමෙන්ම ක්‍රිකට් පිටියේ බිහි වූ සාර්ථක ම නායකයා ලෙස ද ඔහුට හඳුන්වන අතර ඔහු ඕස්ට්‍රේලියා කණ්ඩායම ලෝක කුසලාන දෙකක ජයග්‍රහණයට මෙහෙයවූවා 

MS Dhoni – තරග 538

විස්සයි විස්ස තරග ආරම්භ වීමෙන් පසුව ක්‍රීඩා කරමින් වැඩිම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන MS Dhoni වැඩිම ජාත්‍යන්තර තරග ගණනකට නායකත්වය ලබා දුන් ක්‍රීඩකයා ද වෙනවා.  

නායකයෙකු ලෙස ICC කුසලාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව ඇති ඔහු ක්‍රිකට් පිටියේ බිහි වූ ප්‍රබලතම තරග අවසන් කරන්නෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වනවා.  

ඔහු ක්‍රීඩා පිටියෙන් සමුගැනීම තීරණය කරන විට සියලු ආකෘති වල තරග 100ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වීමට ඔහුට තවත් අවශ්‍ය වුනේ ටෙස්ට් තරග දහයක් සහ විස්සයි විස්ස තරග දෙකක් පමණයි.  

Shahid Afridi – තරග 524  

වසර 20කට ආසන්න කාලයක් පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ Shahid Afridi ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වුනා.  

ළාබාල වියේ දී ජාතික කණ්ඩායමේ වරම් දිනූ ඔහු වේගවත්ම එක්දින ශතකයට හිමි වාර්තාව ද බොහෝ කලක් සිය නාමය යටතේ තබා ගැනීමට සමත් වුනා. 

Jacques Kallis – තරග 519 

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙකු සහ පිතිකරුවෙකු ලෙස ජාත්‍යන්තර තරග 500ක් ක්‍රීඩා කළ Jacques Kallis ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ද බොහෝ දෙනා සලකනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 25000ක් සහ කඩුලු 500ක් දවා ගනිමින් ඉතා ඉහළ දස්කම් දැක්වූ ඔහු වසර 20කට අධික කාලයක් දකුණු අප්‍රිකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා.  

Rahul Dravid – තරග 509  

ටෙස්ට් ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වූ ක්‍රීඩකයෙකු වන Rahul Dravid ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 24000කට අධික සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුනා. 

වසර ගණනාවක් මුළුල්ලේ ඉන්දීය කණ්ඩායමේ අංක 03 ස්ථානයේ ක්‍රීඩා කළ ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට ඉතා ඉහළ සේවයක් සැපයූ අති දක්ෂ ටෙස්ට් පිතිකරුවෙකු වෙනවා.  

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.  

Hindustan Times ඇසුරිනි 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<