2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

7204
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරගය ජූලි 31 වැනිදා බංග්ලාදේශයේ සමඟින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය සැප්තැම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ වැඩිම අවධානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ සත්කාරකත්වය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට හිමිව තිබෙන අතර තරගය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ තරග හතරක් පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අතර එයට මූලික වටයේ තරග තුනක් සහ සුපිරි හතර වටයේ තරගයක් ඇතුළත්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මූලික වටයේ තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සුපිරි වටයේ සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ මූලික වටයේ කාලසටහන,

  • පාකිස්තානයසහ නේපාලය – අගෝස්තු 30 (මුල්තාන්)
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය – අගෝස්තු 31 (මහනුවර)
  • ඉන්දියාව සහ පාකිස්තානය – සැප්තැම්බර් 02 (මහනුවර)
  • බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය – සැප්තැම්බර් 03 (ලාහෝර්)
  • ඉන්දියාව සහ නේපාලය – සැප්තැම්බර් 04 (මහනුවර)
  • ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය – සැප්තැම්බර් 05 (ලාහෝර්)

සුපිරි හතර වටයේ තරග කාලසටහන,

  • A1v B2 – සැප්තැම්බර් 6 – ලාහෝර්
  • B1v B2 – සැප්තැම්බර් 9 – කොළඹ
  • A1v A2 – සැප්තැම්බර් 10 – කොළඹ
  • A2v B1 – සැප්තැම්බර් 12 – කොළඹ
  • A1v B1 – සැප්තැම්බර් 14 – කොළඹ
  • A2v B2 – සැප්තැම්බර් 15 – කොළඹ
  • Final – සැප්තැම්බර් 17 – කොළඹ

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<