Kohli කවුද මට?

4739

Virat Kohli සහ Babar Azam අතරින් වඩාත් දක්ෂ පිතිකරුවා කවුරුන් ද යන විවාදය ක්‍රිකට් ලෝකයේ ඉන්දු – පාකිස්තාන එදිරිවාදිකම තව තවත් වැඩි දියුණු කිරීමට හේතුවක් වී තිබෙනවා. 

නිමාවක් නොමැති මෙම විවාදයට අලුතින් ම එක් වූ සාමාජිකයා බවට පත් වීමට සමත් වූ හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Naved-ul-Hasan විසින් පවසන්නේ Babar යනු Kohliට වඩා තාක්ෂණික අතින් දක්ෂ පිතිකරුවෙකු බවයි.  

“අපි Babar Azam සහ Virat Kohliව සංසන්දනය කරන ඕනෑම අවස්ථාවක මම කියන දෙයක් තමයි Babar Viratට වඩා තාක්ෂණික ව හොඳයි කියන දේ. ඒ නිසා තමයි ඔහු අඩුවෙන් අසාර්ථක වෙන්නේ.” 

නමුත් Kohliගේ පන්නයේ පිතිකරුවන් අසාර්ථක වීමට පටන් ගත් පසු දිගින් දිගටම එම අසාර්ථකභාවයේ රැඳී සිටින බවයි Naved විසින් සඳහන් කරන්නේ. 

එමෙන්ම ඔහු මෙම දෙදෙනා ව සංසන්දනය කරමින් සඳහන් කරන තවත් විශේෂ කරුණත් වන්නේ Babarට වඩා Kohli හට පහරවල් රාශියක් ඇති බවයි. 

“Babar තාක්ෂණිකව හොඳයි, නමුත් Kohliට ඔහුට (Babarට) වඩා පහරවල් තියෙනවා. කොහොම නමුත් Babar තමන්ට තියෙන සීමිත පහරවල් හොඳින් භාවිත කරනවා. 

Kohli සතුව Babarට වඩා පහරවල් තියෙන්න හේතු තමයි ඉන්දියාවේ තණතීරු පිතිකරණයට විශිෂ්ට ඒවා වීම. ඔහු ලෝක මට්ටමේ පන්දු යවන්නන්ට මුහුණ දෙමින් IPL ක්‍රීඩා කිරීම.” 

නමුත් Kohli සතුව කෙතරම් පහර සංඛ්‍යාවක් තිබුණ ද තමන්ට ඔහු ව දවා ගැනීම ඉතා පහසු කටයුත්තක් බවයි Naved විසින් වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

“මම මගේ පරණ රිද්මයේ හිටියා නම් මේ දෙදෙනා අතරින් Kohliව පහසුවෙන් ම දවා ගන්න පුළුවන්. මට හොඳ Outswing (පිතිකරුවාගෙන් පිටතට දෝලනය වන පන්දුව) එකක් තිබුණා. ඒ නිසා මට ඔහුව ස්ලිප් හෝ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී යාමට හසු කරගන්න තිබුණා.” 

හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නා විසින් Nair Ali Podcast වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Hindustan Times ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<