Home Sinhala ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3006
Pakistan tour of Sri Lanka 2023 - 1st Test - Day 5

2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා. 

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි. 

තරගයේ පස්වැනි දිනය ආරම්භ වන විට පාකිස්තානය පන්දුවාර 15ක් තුල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා. උදෑසන 9.45 වන විට ක්‍රීඩාංගණය අවට තරමක් වලාකුළින් බරව තිබුණු නමුත්, තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි වුනා. 

දිනයේ පළමු පන්දුවාර 8 රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය විසින් අන්ත දෙකෙන් ක්‍රියාත්මක කළ නමුත් දිනයේ ආරම්භක පන්දු 32ක තුල ලකුණු 31ක් ලබා ගනිමින් ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන Babar Azam සහ Imam-ul-Haq පන්දුවට පහර දීම සිදු කළා. 

ඔවුන් දෙදෙනා එක්ව පන්දු 45ක් තුල සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවූ අතර කොටුපවුර අන්තයෙන් පන්දු යැවීම සිදු කළ ප්‍රභාත් ලකුණු 24ක් ලබාගෙන සිටි Babar Azamගේ කඩුල්ල දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුකරගෙනයි. 

ගාල්ල තණතීරුවේ දඟ කැවීම ක්‍රමයෙන් වැඩි වන පසුබිමක Imam-ul-Haq සමඟ එක්වූ Saud Shakeel ද වේගවත්ව පන්දුවට පහර දීම සිදු කළා. ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට දිගින් දිගටම එක් පතිතයක් සහ එක් ඉලක්කයක් සහිතව පන්දු යැවීමට නොහැකි වීම නිසා පාකිස්තාන පිතිකරුවන් හට එතරම්ම හොඳ පීඩනයක් ලබා දීමට නොහැකි වීම නිසාවෙන් ලැබෙන සෑම දුර්වල පන්දුවකට හොඳ ප්‍රතිචාර ලබා දෙමින් ඉක්මනින් ලකුණු ලබා ගැනීමට එම පිතිකරුවන් යුගලය ද යුහුසුළු වුනා. 

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55ක් තුල ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූ Imam-ul-Haq – Saud Shakeel සබඳතාවය තිත තබමින් පළමු ඉනිමේ දී සිය මංගල ද්විත්ව ශතකය ලබාගෙන නොදැවී ක්‍රීඩා කළ Shakeelගේ ඉනිම ලකුණු 30කට දවා ගත් රමේෂ් පාකිස්තාන දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල බිඳ දැමුවා. 

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබා ගත් Imam පන්දු 84ක දී සිය අර්ධ ශතකය ලබා ගත් අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 50*ක් ලබා ගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනුයි. Sarfaraz Ahmed ඒක ලකුණයි. පන්දු යැවීමේ දී ප්‍රභාත් පාකිස්තානු දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවා ගත්තා. 

අවසානයේ දී පාකිස්තානය පන්දුවාර 32කුත් පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිය ජයග්‍රහණය ලබාගත්තා. පාකිස්තානය මේ දක්වා ගාල්ල ක්‍රීඩාංගණය තුල ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් තරග 4ක් ජයගෙන ඇත්තේ තරග 4ක් පරාජයට පත්වෙමින්.

Result


Sri Lanka
312/10 (95.2) & 279/10 (83.1)

Pakistan
461/10 (121.2) & 133/6 (32.5)

Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 4 9 0 0 44.44
Dimuth Karunaratne c Safraz Ahmed b Shaheen Shah Afridi 29 43 6 0 67.44
Kusal Mendis c Agha Salman b Shaheen Shah Afridi 12 14 3 0 85.71
Angelo Mathews c Sarfaraz Ahmed b Abrar Ahmed 64 109 9 0 58.72
Dinesh Chandimal c Babar Azam b Naseem Shah 1 6 0 0 16.67
Dhananjaya de Silva c Shan Masood b Naseem Shah 122 214 12 3 57.01
Sadeera Samarawickrama c Imam-ul-Haq b Agha Salman 36 57 5 0 63.16
Ramesh Mendis c Babar Azam b Abrar Ahmed 5 40 1 0 12.50
Prabath Jayasuriya c Sarfaraz Ahmed b Naseem Shah 4 29 0 0 13.79
Kasun Rajitha c Abdullah Shafique b Abrar Ahmed 8 24 1 0 33.33
Vishwa Fernando not out 21 28 2 1 75.00


Extras 6 (b 4 , lb 1 , nb 1, w 0, pen 0)
Total 312/10 (95.2 Overs, RR: 3.27)
Fall of Wickets 1-6 (2.2) Nishan Madushka, 2-22 (6.4) Kusal Mendis, 3-53 (14.2) Dimuth Karunaratne, 4-54 (15.2) Dinesh Chandimal, 5-185 (48.1) Angelo Mathews, 6-242 (65.4) Sadeera Samarawickrama, 7-257 (76.6) Ramesh Mendis, 8-282 (85.6) Prabath Jayasuriya, 9-283 (87.1) Dhananjaya de Silva, 10-312 (95.2) Kasun Rajitha,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 24 3 86 3 3.58
Naseem Shah 22 2 90 3 4.09
Abrar Ahmed 31.2 9 68 3 2.18
Agha Salman 5 1 18 1 3.60
Nauman Ali 13 2 45 0 3.46
Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Dhananjaya de Silva b Prabath Jayasuriya 19 28 3 0 67.86
Imam-ul-Haq c Kamil Mishara  b Kasun Rajitha 1 10 0 0 10.00
Shan Masood lbw b Ramesh Mendis 39 30 5 1 130.00
Babar Azam c Sadeera Samarawickrama b Prabath Jayasuriya 13 16 2 0 81.25
Saud Shakeel not out 208 361 19 0 57.62
Sarfaraz Ahmed lbw b Prabath Jayasuriya 17 15 3 0 113.33
Agha Salman st Sadeera Samarawickrama b Ramesh Mendis 83 113 9 1 73.45
Nauman Ali lbw b Ramesh Mendis 25 57 4 0 43.86
Shaheen Shah Afridi lbw b Vishwa Fernando 9 14 2 0 64.29
Naseem Shah b Ramesh Mendis 6 78 1 0 7.69
Abrar Ahmed c Angelo Mathews b Ramesh Mendis 10 12 1 1 83.33


Extras 31 (b 9 , lb 8 , nb 6, w 8, pen 0)
Total 461/10 (121.2 Overs, RR: 3.8)
Fall of Wickets 1-3 (1.6) Imam-ul-Haq, 2-47 (10.2) Abdullah Shafique, 3-67 (11.6) Shan Masood, 4-73 (14.4) Babar Azam, 5-101 (20.2) Sarfaraz Ahmed, 6-278 (55.6) Agha Salman, 7-330 (73.2) Nauman Ali, 8-346 (76.3) Shaheen Shah Afridi, 9-440 (116.5) Naseem Shah, 10-461 (121.2) Abrar Ahmed,

Bowling O M R W Econ
Vishwa Fernando 18 1 69 1 3.83
Kasun Rajitha 19 1 77 1 4.05
Prabath Jayasuriya 35 3 145 3 4.14
Ramesh Mendis 42.2 2 136 5 3.22
Dhananjaya de Silva 7 1 17 0 2.43
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Sarfaraz Ahmed b Nauman Ali 52 115 7 1 45.22
Dimuth Karunaratne c Agha Salman b Abrar Ahmed 20 27 4 0 74.07
Kusal Mendis lbw b Nauman Ali 18 45 2 0 40.00
Angelo Mathews c Babar Azam b Nauman Ali 7 21 1 0 33.33
Dinesh Chandimal c Imam-ul-Haq b Agha Salman 28 64 3 0 43.75
Dhananjaya de Silva c Sarfaraz Ahmed b Shaheen Shah Afridi 82 118 10 2 69.49
Sadeera Samarawickrama c Abdullah Shafique b Agha Salman 11 11 2 0 100.00
Ramesh Mendis lbw b Abrar Ahmed 42 79 3 1 53.16
Prabath Jayasuriya c Shan Masood b Shaheen Shah Afridi 10 11 2 0 90.91
Vishwa Fernando not out 0 6 0 0 0.00
Kasun Rajitha c Shan Masood b Abrar Ahmed 5 3 0 0 166.67


Extras 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0)
Total 279/10 (83.1 Overs, RR: 3.35)
Fall of Wickets 1-42 (11.1) Dimuth Karunaratne, 2-79 (24.6) Kusal Mendis, 3-91 (32.1) Angelo Mathews, 4-99 (36.6) Nishan Madushka, 5-159 (53.1) Dinesh Chandimal, 6-175 (55.5) Sadeera Samarawickrama, 7-251 (78.1) Ramesh Mendis, 8-269 (80.6) Dhananjaya de Silva, 9-274 (82.3) Prabath Jayasuriya, 10-279 (83.1) Kasun Rajitha,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 13 0 64 2 4.92
Naseem Shah 12 2 32 0 2.67
Agha Salman 9 0 39 2 4.33
Abrar Ahmed 24.1 5 68 3 2.82
Nauman Ali 25 5 75 3 3.00


Batsmen R B 4s 6s SR
Abdullah Shafique c Sadeera Samarawickrama b Prabath Jayasuriya 8 18 1 0 44.44
Imam-ul-Haq not out 50 84 4 0 59.52
Shan Masood c Nishan Madushka b Prabath Jayasuriya 7 11 1 0 63.64
Nauman Ali run out (Ramesh Mendis) 0 7 0 0 0.00
Babar Azam lbw b Prabath Jayasuriya 24 28 5 0 85.71
Saud Shakeel c Sadeera Samarawickrama b Ramesh Mendis 30 38 6 0 78.95
Sarfaraz Ahmed c Kusal Mendis b Prabath Jayasuriya 1 10 0 0 10.00
Agha Salman not out 6 1 0 1 600.00


Extras 7 (b 4 , lb 3 , nb 0, w 0, pen 0)
Total 133/6 (32.5 Overs, RR: 4.05)
Fall of Wickets 1-16 (6.4) Abdullah Shafique, 2-36 (10.4) Shan Masood, 3-38 (12.6) Nauman Ali, 4-79 (20.3) Babar Azam, 5-122 (29.4) Saud Shakeel, 6-127 (32.4) Sarfaraz Ahmed,

Bowling O M R W Econ
Vishwa Fernando 2 1 6 0 3.00
Ramesh Mendis 14 1 62 1 4.43
Prabath Jayasuriya 14.5 0 56 4 3.86
Dhananjaya de Silva 2 1 2 0 1.00



තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<