චමරිගේ තුන් ඉරියව් දස්කම් Falconsට ජය ගෙනෙයි

FairBreak ආරාධිත විස්සයි විස්ස තරගාවලිය 2023

2326
FairBreak Invitational Tournament

හොංකොං හී පැවැත්වෙන FairBreak ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති තරගයෙන් Sapphires කණ්ඩායම පරාජය කර කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට Falcons ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Falcons නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූ අතර ඇය තරගයේ දී තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වූවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Sapphires ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 131ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ Kary Chan පන්දු 26ක් තුළ ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර ලකුණු 26ක් ලබා සිටි Shabnim Ismail දවා ගැනීමට චමරි අතපත්තුට හැකි වුනා.

පන්දු යැවීමේ දී Marizanne Kapp ලකුණු 15ට කඩුලු තුනක් සහ Sornnarin Tippoch ලකුණු 11ට කඩුලු දෙකක් දවා ගත් අතර මෙම තරගයේත් දස්කම් දැක්වූ චමරි අතපත්තු ලකුණු 29ට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 132ක ඉලක්කයක් හඹා ගිය Falcons කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබා සිටි Danni Wyatt පිටියෙන් ඉවත් කිරීමට Sapphires ක්‍රීඩිකාවන්ට හැකි වුනේ ලකුණු 47ක් වන විටයි.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ චමරි අතපත්තු සහ Suzie Bates ලකුණු 86ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

තරගාවලියට පුරාවටම සාර්ථක වූ චමරි අතපත්තු මෙම තරගයේත් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 44ක් තුළ හතරේ පහර හතක් සහ හයේ පහර හයක් සමඟ නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුනේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභී ක්‍රීඩිකාව බවට පත්වෙමිනුයි.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ නායිකා Suzie Bates පන්දු 30කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 42ක් රැස් කළා.

  • Sapphires Women – 131/10: Kary Chan 32, Shabnim Ismail 26, Marizanne Kapp 3/15, Sornnarin Tippoch 2/11, චමරි අතපත්තු 1/29.
  • Falcons Women – 133/1 (13.3): චමරි අතපත්තු 75*, Suzie Bates 42*

දේශීය, ජාත්‍යන්තර සහ ලීග් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<