ලහිරු කුමාර දක්ෂ පන්දු යැවීමක

Sri Lanka tour of West Indies

34
Sri Lanka tour of West Indies

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පුහුණු තරගය අද (19) Antigua හි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර මේ වෙද්දී තම පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටිනවා.

ඒ තම පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් කණ්ඩායම තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 205 පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමිනුයි.

කාසියේ වාසිය ලබා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටයට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Kirk McKenzie. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

ඔහුට මඅතර ව Keemo Paul පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු කුමාර ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත් අතර සොනාල් දිනූෂ, ධනංජය ද සිල්වා, මිලාන් රත්නායක සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබා සිටියා. ඒ වෙද්දී නිශාන් මදුශ්ක පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ දිනේෂ් චන්දිමාල් පන්දු 6කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 5ක් ද ලබා සිටියා .

ඉනිමේ දැවී ගිය එක ම ක්‍රීඩකයා වූයේ ලහිරු උදාර. ඔහු ලකුණු 7කට දැවී ගිය අතර එම කඩුල්ලේ හිමිකාරීත්වය Nial Smith සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බටහිර ඉන්දීය කොදෙව් තෝරාගත් XIකණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (61.4)Kirk McKenzie 58, Kevin Wickham 20, Keemo Paul 36, Nial Smith නොදැවී 19, අසිත ප්‍රනාන්දු 2/26, ලහිරු කුමාර 4/39
  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 38 (8.0)නිශාන් මදුශ්ක නොදැවී 25

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 167ක් පිටුපසින්.

හෙට (20) තරගය 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<