බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hassan මෙවර සම්පූර්ණ IPL තරගාවලිය සඳහාම සහභාගී නොවන බව නිල වශයෙන් දන්වා තිබෙනවා.
Kolkata Knight Riders නියෝජනය කරමින් මෙවර IPL තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව සිටි Shakib විසින් තමන්ට සිය ජාතික කණ්ඩායම සමඟ ඇති වගකීම් සහ පෞද්ගලික හේතු මත මෙම තීරණය ගෙන ඇති බවත්, ඔහු ඒ පිළිබඳව පසුගිය ඉරිදා (02) Knight Riders වෙත දැනුම් දී ඇති බවත්, ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි දිනවල දී Kolkata Knight Riders විසින් Shakib වෙනුවට වෙනත් විදෙස් ආදේශයක් සොයා යනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
මෙවර IPL තරගාවලිය සඳහා Shakibට අමතරව බංග්ලාදේශ ආරම්භක පිතිකරු Linton Das ද Knight Riders සමඟින් ගිවිසුම් ගත වී ඇති අතර, ඔවුන් දෙදෙනාටම මෙවර Knight Riders ක්‍රීඩා කළ පළමු තරගය ද (Punjab Kings සමඟ) මග හැරී ගියා.
ඒ වන විට ඔවුන් දෙදෙනාම අයර්ලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වුන විස්සයි විස්ස තරගාවලියට සහභාගී වී සිටි අතර, අද ආරම්භ වීමට නියමිත අයර්ලන්ත – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගයට ද ඔවුන් දෙදෙනාගේම නම් ඇතුලත්ව තිබෙනවා.
එමෙන්ම ලබන මාසයේ (මැයි 9 පටන්) බංග්ලාදේශයේ අයර්ලන්ත තරග සංචාරය ද ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ද මොවුන් දෙදෙනා බංග්ලාදේශය කණ්ඩායමේ අනිවාර්යය තෝරා ගැනීම් බව වටහා ගත හැකියි.
- Chahalගෙන් වාර්තාවක්!
- Gujarat Titans සුපිරි පිතිකරුවාට තරගාවලිය අහිමි වෙයි
- භානුකගේ මංගල අර්ධ ශතකය Punjab දිනවයි
- Punjab Kings කණ්ඩායමට Bairstowව අහිමි වෙයි
- චෙන්නායි කඳවුර දෙදරවමින් ගියවර ශූරයින්ගෙන් ජයග්‍රාහී ආරම්භයක්
මේ හේතු නිසා සහ තවත් පෞද්ගලික කාරනා නිසා තමන්ට IPL සමඟ සම්බන්ධ වීමට නොහැකි බව Shakib විසින් සැල කරත් තවමත් ඔහුගේ කණ්ඩායම් සගයා Linton Das නම් ඒ පිළිබඳව කිසිදු දැනුම් දීමක් සිදු කර නැහැ.
එමෙන්ම මෙම IPL තරග වාරය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වුණු ගිය වසරේ දෙසැම්බර් 22 වැනිදාට පෙර දිනයේ දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තම ක්‍රීඩකයින් අප්‍රේල් 8 වැනිදා සිට මැයි 1 වැනිදා දක්වා පමණක් IPL වෙත ලබා දිය හැකි බවත් නිල වශයෙන් දැනුම් දී තිබුණා.
නමුත් මීට පෙර KKR විසින් මාධ්‍ය වෙත දැනුම් දුන්නේ Shakib මාර්තු 31 සහ Linton මාර්තු 8 (ටෙස්ට් තරගයෙන් පසුව) IPL සමඟ සම්බන්ධ වනු ඇති බවයි. ඒත් Shakib ද බංග්ලාදේශය ටෙස්ට් සංචිතයට ඇතුළත් වූ අතර ඉන්පසුව මෙම අර්බුදය හට ගත් බව විශ්වාස කළ හැකියි.
මේ වන විට Shakibගේ අහිමි වීමත් සමඟින් KKR හි විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය හය දෙනෙක් දක්වා පහළ බැස ඇති අතර, Linton Dasගේ අනාගත තීරණය අනුව මෙම සංඛ්‍යාව තවත් අඩු වීමට ද ඉඩ තිබෙනවා.
මෙවර IPL තරගාවලිය ආරම්භයට පෙර ඔවුන්ට සිය නිත්‍ය නායකයා වූ Shreyas Iyer ද ආබාධයක් නිසා අහිමි වුනා.
එමෙන්ම මේ වන විට Shakibගේ හැර යාමෙන් පසුව KKR සංචිතයට එක් කර ගන්නා විදෙස් ක්‍රීඩකයා කවුරුන්ද යන වග බොහෝ ක්‍රිකට් රසිකයින්ගේ කතාබහට ලක් වෙමින් ඇති අතර, බොහෝ ඉන්දියානු මාධ්‍ය මගින් කරන අනුමාන කිරීම් සහ ඔවුන්ගේ ක්‍රීඩක තේරීම් අතර ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ නම ද ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.
Kolkata Knight Riders ක්‍රීඩා කරන මීළඟ තරගය Royal Challengers Bangalore සමඟ බ්‍රහස්පතින්දා (06) පැවැත්වීමට නියමිතයි.
මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<