කුරුණෑගල මලියදේවයට පළමු ඉනිමේ ජයක්

154
U19 Schools Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේත් (16) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

දඹුල්ලෙන් නුවරට යද්දී දෙපිලේම වෙනස්කම්

දෙරට අතර පැවති පළමු එක්දින තරගයට ද වර්ෂාවෙන් එල්ල වූ බාධා හමුවේ අත්හැර..

රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය

ජය පරාජයෙන් තොරව නිමාව දුටු මේ තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 126ක් ලබා ගත්තේය. පවන් සංදේශ් ලකුණු 60ක් ලබා ගනිමින් මේ තරගයේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඕෂද ජයවික්‍රම කඩුලු 3යි.

මලියදේව විද්‍යාලය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 260ක් ලබාගෙන අඩු පන්දුවාර ප්‍රමාණයක් තුල ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 4 පහර 7ක් සමඟ ලකුණු 71ක් ලබා ගැනීමට මුදිත ප්‍රේමදාස සමත් විය. ඊට අමතරව චලුක අතපත්තු හා සුපුන් සුමනරත්න පිළිවෙළින් ලකුණු 66ක් හා ලකුණු 50ක් රැස්කර ගත්තේය.

ලකුණු 134ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ දේවපතිරාජ විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය නිමාවෙද්දී සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලබාගෙන සිටි අතර සුධීර වීරරත්න ලකුණු 53*ක් ලබාගෙන නොදැවී අර්ධ ශතකයක් රැස්කර ගත්තේ සිය විද්‍යාලයේ අභිමානය ඉහළට ඔසවා තබමිනි. පන්දු යැවීමේ දී විදත් බටපොල ලකුණු 2කට කඩුලු 2ක් දවාගත්තේය.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම –  126 (47.5): පවන් සංදේශ් 60, ඕෂද ජයවික්‍රම 3/12, කවීන් බණ්ඩාර 2/23, දිනුක නවෝද්‍ය 2/39.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 260/6d (54.4): මුදිත ප්‍රේමදාස 71, චලුක අතපත්තු 66, සුපුන් සුමනරත්න 50, කවීන් බණ්ඩාර 31, කල්ප චේතිය 2/20, ජීවක ශෂීන් 2/43.

දේවපතිරාජ විද්‍යාල දෙවන ඉනිම –  124/4 (39): සුධීර වීරරත්න 53*, ජිවක ශෂීන් 27, විදත් බටපොල 2/02.

ලොකු කුසල්ට ආබාධයක්; තෙවැනි එක්දින තරගයට අවිනිශ්චිතයි

මහනුවර පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස අනිද්දා (17) පැවැත්වීමට..

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

පළමු දිනයට පැවැත්වූ මේ තරගයේ අද දිනය නිමා වන විට සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබාගෙන සිටියේය. කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 178ක් ලබා ගත්තේ සිය සත්කාරක තණතීරුවේ වාසිය ද ලබා ගෙනයි. සුහද තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ දී වමතින් පිත්ත හසුරුවන දුනිත් ජයතුංග අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්විය. සුකිත ප්‍රසන්න ලකුණු 36යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 178 (54.4): දුනිත් ජයතුංග 77, සුකිත ප්‍රසන්න 36, නුවනිඳු ප්‍රනාන්දු 21, කල්හාර සේනාරත්න 5/58, අසිත වන්නිනායක 2/27, නිමංක ජයතිලක 2/44.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 6/0 (3.2):

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මේ තරගය පළමු දිනයට අද ක්‍රියාත්මක වූ අතර මේ තරගය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 14ක් පමණි. කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව සාන්ත අන්තෝනි විද්‍යාලය රැස්කරගත්තේ ලකුණු 25ක් පමණයි.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම – 25/4 (14):

පළමු දිනයට පැවැත්වූ තරග දෙක හෙට (17) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<