දසුන් ශානක Peshawar Zalmi සමඟ එක් වෙයි!

PSL 2023

928

මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන 8 වැනි PSL තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නායක දසුන් ශානක Peshawar Zalmi කණ්ඩායම මගින් තෝරා ගෙන ඇති බව පාකිස්තානයෙන් වාර්තා වනවා.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු ILT20 තරගාවලියේ දී Desert Vipers කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දක්වමින් සිටිය දී ආබාධයකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක  Sherfane Rutherford හට මෙවර PSL තරගාවලියේ දී Peshawar Zalmi සමඟින් එක් වීමේ අවස්ථාව අහිමි ව තිබෙනවා. ඒ නිසා Rutherfordගේ ආදේශකය ලෙසයි දසුන්ව තෝරා ගෙන ඇත්තේ.

ඒ අනුව මේ වන විටත් Peshawar Zalmi සමඟ ක්‍රීඩා කරමින් සිටින සිය කණ්ඩායම් සගයා වන භානුක රාජපක්ෂ සමඟින් නැවත එක්වීමට දසුන්ට අවස්ථාව උදා වනු ඇත.

පසුගිය දිනවල දී දසුන් ශානක ද ILT20 තරගාවලිය මෙන්ම BPL තරගාවලියේ අවසන් තරග කිහිපයක් ද ක්‍රීඩා කරමින් පිත්තෙන් සහ පන්දුවෙන් දස්කම් පෙන්වීමට සමත් වුනා.

දසුන් විසින් මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 85ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර ඔහු එහි දී ලකුණු 1328 ක් රැස්කර ගෙන ඇති අතර, විස්සයි විස්ස කඩුලු 23ක් ද බිඳ හෙළා තිබෙනවා.

මේ වන විට  PSL තරගාවලියේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන සිටින Peshawar Zalmi කණ්ඩායමට ඊයේ (17)  දිනයේ ක්‍රීඩා කළ තරගයෙන් Multan Sultan හමුවේ ලකුණු 56ක දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු වුනා.

Peshawar Zalmi කණ්ඩායම PSL තරගාවලියේ සිය මීළඟ තරගය ලෙස ලබන සඳුදා (20) Quetta Gladiators මුණ ගැසීමට නියමිතයි.

දසුන්ගේ එක් වීමත් සමඟින් අලුත් වුන Peshawar Zalmi සංචිතය මෙසේයි,

Babar Azam (නායක) Dasun Shanaka, Wahab Riaz, Mohammad Haris, Aamir Jamal, Salman Irshad, Shakib Al Hasan, Tom-Kohler Cadmore, Bhanuka Rajapaksa, Rovman Powell, Mujeeb ur Rahman, Danish Aziz, Arshad Iqbal, Saim Ayub, Usman Qadir, Suifyan Muqeem, Haseeb Ullah, Jimmy Neesham, Khurram Shahzad, Haris Sohail, Richard Gleeson ( Rovman Powell ගේ ආදේශකය ලෙස), Peter Hatzoglou ( Mujeeb ur Rahman ගේ ආදේශකය ලෙස)

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Geosuper.tv ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<