නුවන් තුෂාර Quetta Gladiators සමඟින් PSL තරග බිමට පිවිසෙයි

PSL 2023

293

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (15) දිනයේ පැවැත්වුණු අතර එහි දී Multan Sultan සහ Quetta Gladiators කණ්ඩායම් තරග බිමට පිවිසියා.

මෙම තරගය සඳහා Quetta Gladiators නියෝජනය කරමින් සිය පළමු PSL තරග අත්දැකීම විඳ ගැනීමට නුවන් තුෂාර සමත් වුන අතර, Gladiators වෙනුවෙන් සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට පත් වීමට ද ඔහු සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Quetta Gladiators මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් දැක්වූ දුර්වලම පිතිකරණය ප්‍රදර්ශනය කරමින් පන්දුවාර 18.5ක දී සියල්ලන් ම දැවී රැස්කර ගැනීමට සමත් වුනේ ලකුණු 110ක් පමණයි.

එහි දී Gladiators කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 68ක් වෙද්දී දැවී ගිය අතර පසුව Mohammad Hasnain විසින් රැස් කළ ලකුණු 22 නිසා තරමක් සැනසිලිදායක තත්වයකට පැමිණීමට ඔවුන් සමත් වුනා.

Multan Sultan වෙනුවෙන් පන්දු යැවීමේ දී නවක වේගපන්දු යවන ක්‍රීඩක Ihsanullah විසින් සිය පන්දුවාර 4 තුල ලකුණු 12කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. එහි දී ඔහුගේ පන්දු පැයට කිලෝමීටර් 150ට ආසන්න වේගයක රඳවා ගනිමින් දැක්වූ මෙම දක්ෂතාව බොහෝ විචාරක පැසසුම්වලට ද භාජනය වුනා.

පසුව පිළිතුරු ඉනිම දියත් කිරීමට පැමිණි Multan Sultan කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Shan Masoodව තමන් PSL තරග බිමේ ක්‍රියාත්මක කළ මංගල පන්දුවෙන් ම දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුනත්, ඉන්පසුව පිටියේ එකතු වූ Mohommad Rizwan සහ Rilee Rossouw පහසු ජයක් කරා Sultan කණ්ඩායම රැගෙන ගියා.

ඒ අනුව පන්දුවාර 13.3ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට Multan Sultan සමත් වූ අතර එහි දී Rossouw විසින් පන්දු 42කින් ලකුණු 78ක් රැස් කිරීමට සමත් වුනා.

මෙහි දී සිය පළමු පන්දුවෙන් ම කඩුල්ලක් දවා ගනිමින් එම ආරම්භ පන්දුවාරය තුල ලකුණු 4ක් පමණක් ලබා දීමට තුෂාර සමත් වුනත්, ඔහු යැවූ දෙවැනි පන්දුවාරයේ දී ලකුණු 17ක් උදුරා ගැනීමට Multan Sultan සමත් වුනා.

තරගාවලියේ සිව්වැනි තරගය අද (16) Karachi kings සහ Islamabad united කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<