ගෙවුනු දවස ජුලි 03 – ඉසිපතනය සමඟ අවසන් සටනට රාජකීයයෝ

489

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 රග්බි – 

රාජකීයයෝ තෝමසුවන් පරදයි

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් වටයේ අවසන් තරගය අද කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වුයේ දක්ෂ ක්‍රීඩා පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල සහභාගී වෙමිනි. එහිදි ගල්කිස්ස තරුණයින් හට අවසන් මහා තරගයේ දොරගුළු වසා දමමින් රාජකීයයෝ 24 – 15 ලෙස තරගයේ ජයග්‍රහණය ලබා ඉසිපතන විද්‍යාලය සමඟ අවසන් මහා තරගයට තරග කිරීමට අවස්තාව ලබා ගන්නා ලදි.

අවසන් ලකුණු –  රාජකීය විද්‍යාලය 24 : 15 ශාන්ත තෝමස් විද්‍යාලය

සම්පූර්ණ ලිපිය: අවසන් තරගයේ ප්‍රවේශපත්‍රය රාජකීයයන්ට


 පාපන්දු – 

පොලිස්, යුධ භටයෝ දිනනවිට නාවිකයෝ පැරදෙයි

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ දෙවැනි සිතියේ තරග 5ක් අද (03) පැවැත්විනි. එම තරග වලින් පොලිස් ක්‍රීඩා සමාජය, යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ක්‍රිස්ටල් පැලස් සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ලකුණු සාරාංශය –

  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය 02 : 03 පොලිස් ක්‍රීඩා සමාජය
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය 06 : 00 බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය
  • අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය 02 : 02 ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය
  • නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය 03 : 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ තරග වාර්තාව සඳහා රැදි සිටින්න


 ක්‍රිකට් – 

තෙවැනි යොවුන් ටෙස්ට් තරගය

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි යොවුන් ටෙස්ට් තරඟය අද (03) ඇරඹිනි. අද දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවි ලකුණු 295 වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඔ්වර 5ක් අවසානයේ කිසිවෙකුත් නොදැවි ලකුණු 7යි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම – 295/8 (84.1) රිකාඩෝ වැස්කොන්සිලස් 56, ජොෂුවා වෑන් හියර්ඩන් 22, රේනාඞ් ෆැන් ටොන්ඩර් 48, වියාන් මුල්ඩර් 66, ජෙසී ක්‍රිස්ටියන්සන් 67, ජෙහාන් ඩැනිඑල් 3/53, ප්‍රවීන් ජයවික්‍රම 3/95

සම්පූර්ණ තරග වාර්තාව සඳහා රැදි සිටින්න


 පසුගිය සතිය 

මයිලෝ ජනාධිපති රග්බි තරගාවලියේ පුවත් සඳහා පිවිසෙන්න

මැතිව්ට කොළ එලියක්

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ පිහිනුම් ශූරයෙකු වන මැතිව් අබේසිංහ ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවා යමින් 2016 රියෝ ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් ව අැත. ඒ හොංග් කොංග් පිහිනුම් ශූරතාවලියේදි නිදහස් අාර පිහිනුම් ක්‍රමයට මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනි.

සම්පූර්ණ ලිපිය: ඔලිම්පික් පරිසාධනය ඉක්මවු ප්‍රථම පිහිනුම් ක්‍රීඩකයා – මැතිව් අබේසිංහ

ත්‍රිත්ව, ධර්මරාජ සහ කේරි විද්‍යාලය ගෙදරට

මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වුනේ ගැටුම් රැසක් මැදිනුයි. ඒ අතරින් බ්‍රැඩ්බි පලිහ ත්‍යාග ප්‍රදානය අතරතුර ඇතිවූ ගැටුම සහ පළිඟ ශූරතාව සඳහා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමග පැවති තරගයේදී ධර්මරාජ ක්‍රීඩකයන් ඇති කරගත් ගැටුම ප්‍රධාන ස්ථානයක් ගනි.

මේ ගැටුම් සම්බන්ධයෙන් පාසල් රග්බි සංගමය ආරම්භ කළ විනය පරීක්ෂණ අවසන් කෙරුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ ද මැදිහත්වීමෙනි. ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයක් වන විනයපාසල් ක්‍රීඩකයන් අතරින් ගිලිහී යාම වලක්වා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.

සම්පූර්ණ ලිපිය : විනය කැඩු ධර්මරාජ, ත්‍රිත්ව සහ කේරි රග්බි කණ්ඩායම් වලට දඩුවම්

තිරිමාන්නට අබාධයක්

කොන්දේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරු ළහිරු තිරිමාන්නටඑංගලන්ත සංචාරය අහිමිවී තිබෙනවා.

ඒ වෙනුවට මේ වන විට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමත් සමග එංගලන්තයට ගොස් සිටින නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊයේ නිමාවූ එංගලන්ත එක්දින තරගාවලියේ තෙවැනි තරගයකටද තිරිමාන්න ක්‍රීඩා නොකළේය.

දවසේ නිමාව