පොලිස් ප්‍රහාරයෙන් CHට අසාධ්‍යයි

71

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයකින් CH&FC කණ්ඩායම ලකුණු 32-17ක් ලෙස පරාජය කරන්නට පෙරළිකාර පොලිස් ක්‍රීඩා සමාජය අද (26) සමත් වුනා. තරගය පැවැත්වුණේ කොළඹ තුරඟ තරග පිටියේ දීයි.

අවසන් මොහොතේ ජනිඳුගේ දස්කම් CR කණ්ඩායමට ජය ගෙන එයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය ආරම්භ කරමින් නාවික හමුදා ක්‍රීඩා…

පොලිස් කණ්ඩායම තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර සුරංග කසුන්ගේ උත්සහයක් සිව්වැනි මිනිත්තුවේ දී ඔහුගේ සහයට ආ ක්‍රීඩකයා පන්දුව අත හැරීමෙන් වතුරේ යැව්වත්, 10 වැනි මිනිත්තුවේ දී ඔහු තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. 

CH ක්‍රීඩක හෂාන් මදුරංග කළ පන්දු යොමු කිරීමක් ඩැහැ ගත් ඔහු පිටියේ එහා කොන වෙත දිව යමින් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර ජනිත් චන්දිමාල් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (පොලිස් 07-00 CH)

ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වුණු නිශෝන් පෙරේරා ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් CH ලකුණු පුවරුව ක්‍රියාත්මක කළත්, සැමුවෙල් මධුවන්ත හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. රෝහිත රාජපක්ෂගේ අනගි ධාවනයකට පසුව පන්දුව ලබා ගත් ෂෙහාන් ඩයස් 19 වැනි මිනිත්තුවේදී CH කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. (පොලිස් 07-10 CH)

25 වැනි මිනිත්තුවේ දී ජනිත් චන්දිමාල් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු සම කළ අතර පන්දුව රැගෙන සුපිරි ධාවනයක යෙදුණු සචිත් සිල්වා මීටර 70ක් පමණ තරණය කර අලංකාර උත්සාහක දිනුමක් රැස කළේ පොලිස් කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එමින්. චන්දිමාල් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තා. (පොලිස් 17-10 CH)

පළමු අර්ධය ලකුණු සමඟ අවසන් කරමින් පොලිස් කණ්ඩායමේ Eroni Vucargo ක්‍රියාත්මක වුණු අතර ප්‍රතිවාදීන් මර්දනය කරමින් ඔහු ධවල රේඛාව ඉක්මවා ගියේ පොලිස් කණ්ඩායමට නිදහසේ හුස්ම ගැනීමට ඉඩක් ඉතිරි කරමින්. ජනිත් චන්දිමාල් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. 

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 24 – 10 CH&FC කණ්ඩායම

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකම ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්වීම කැපී පෙනුණා. කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙත්ම සත්‍ය රණතුංග CH කණ්ඩායම වෙනුවෙන් ධවල රේඛාව ඉක්මවා ගියේ නැවතත් සිය කණ්ඩායම තරගය රැගෙන එමින්. සැමුවෙල් මධුවන්ත එම අවස්ථාවේ දී නම් ප්‍රවර්තනය සාර්ථක කර ගත්තා. (පොලිස් 24-17 CH)

මහනුවරින් ගුවන් හමුදාවට අර්ධ ශතකයක්

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටය අද (25) ආරම්භ විය. දෙවන වටයේ දෙවන…

පොලිස් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් චන්දිමාල් සාර්ථක කර ගද්දි, 65 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු මුඅම්මර් ඩින් පොලිස් ජයග්‍රහණය ස්ථිර කළා. CH ක්‍රීඩක අවනත ලී හට ලැබුණු කහ කාඩ්පතක් ප්‍රයෝජනයට ගනිමින් පොලිස් ඉදිරිපෙළ ක්‍රීඩකයින් CH ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කළ අතර ඩීන් තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කරද්දී චන්දිමාල් ගේ ප්‍රවර්තනය නම් මෙවර සාර්ථක වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 32 (4T, 3C, 2P) – 17 (3T, 1C) CH & FC ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – ජනිත් චන්දිමාල් (පොලිස්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – ජනිත් චන්දිමාල් (3C, 2P), සචිත් සිල්වා (1T), කසුන් සුරංග (1T), මුඅම්මර් ඩීන් (1T), Eroni Vucargo (1T)
  • CH & FC ක්‍රීඩා සමාජය –  ෂෙහාන් ඩයස් (1T), සත්‍ය රණතුංග (1T), සැමුවෙල් මධුවන්ත (1C), නිශෝන් පෙරේරා

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<