භානුකට දකුණු අප්‍රිකාවෙන් ඇරයුමක්!

SA20 2024

5311

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ හට ලබන වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත SA20 විස්සයි විස්ස ලීගයේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ Durban’s Super Giants විසින් භානුකව සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර ඇති අතර, ඔහුට අමතරව ඇෆ්ගනිස්තානයේ Naveen-ul-Haq සහ එංගලන්තයේ Reece Topleyව ද සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට Super Giants විසින් තීරණය කර තිබෙනවා.

එමෙන්ම 2024 SA20 තරගාවලියේ දී Joburg Super Kings කණ්ඩායමට ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Moeen Ali ව තෝරා ගෙන ඇති අතර ඔහු එහි දී සිය අතීත Chennai Super Kings කණ්ඩායම් සගයා Faf du Plessis සමඟ එක් වනු ඇති.

මීට අමතරව MI Cape Town විසින් Liam Livingstone සහ Tom Banton යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක් කර ගැනීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ආරම්භක SA20 තරගාවලියේ ශූරතාව දිනා ගත් Sunrisers Eastern Cape කණ්ඩායම විසින් Dawid Malan සහ Liam Dawson යන ක්‍රීඩකයින් සිය කණ්ඩායම සමඟ එක් කර ගෙන තිබෙනවා.

තරගාවලියේ කණ්ඩායම් සම්පූර්ණ කිරීමට පෙර Pre-Singing අවස්ථාව යටතේ මෙම සියලු ක්‍රීඩකයින් ව මෙසේ කණ්ඩායම්වලින් තෝරා ගෙන තිබෙනවා.

මේ අතර 2023 තරග වාරයේ දී මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ILT20 තරගාවලිය හා සමාන්තර කාල පරාසයක පැවැත්වුණු අතර, එය මෙම තරගාවලි දෙක ම සමඟ ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින්ට යම් අපහසුතාවක් ඇති කළා. 2024 වසරේ ද ඒ අයුරින් ම මෙම තරගාවලි දෙක එකම කාලසීමාවක පැවැත්වෙනු ඇති බවයි දැනට වාර්තා වන්නේ.

එමෙන්ම මීට ආසන්න කාල සීමාවක් තුළ බංග්ලාදේශයේ BPL සහ ඕස්ට්‍රේලියාවේ BBL විස්සයි විස්ස තරගාවලි දෙක ද පැවැත්වීමට නියමිතයි.

මේ වන විට SA20 තරගාවලියේ කණ්ඩායම් මෙසේයි;

  • Durban’s Super Giants: Quinton de Kock, Prenelan Subrayen, Kyle Mayers, Naveen-ul-Haq, භානුක රාජපක්ෂ, Reece Topley
  • Joburg Super Kings: Faf du Plessis, Gerald Coetzee, Moeen Ali, David Wiese, Sam Cook, Zahir Khan
  • MI Cape Town: Kagiso Rabada, Dewald Brevis, Sam Curran, Liam Livingstone, Rashid Khan, Tom Banton
  • Paarl Royals: David Miller, Corbin Bosch, Jos Buttler
  • Pretoria Capitals: Migael Pretorius, Anrich Nortje, Jimmy Neesham
  • Sunrisers Eastern Cape: Aiden Markram, Ottniel Baartman, Dawid Malan, Liam Dawson

දිනෙන් දින උණුසුම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<