6 පහර 7ක් සමඟින් සංගා වැඩ පෙන්වයි

420

පෙබරවාරි මස 6 වැනිදා සිට 11 දක්වා පැවැත්වූ හොංකො “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) පැවති අවසන් මහා තරගයේ දී කුමාර් සංගක්කාර ලකුණු 76ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වුවත්, ඔවුන්ගේ කණ්ඩායම අවාසනාවන්ත ලෙස ලකුණු 6කින් පරාජය විය.

සංගක්කාර තවත් විස්සයි විස්සකට සූදානම්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර හොංකො හිදී පැවැත්වෙන “T20 බ්ලිට්ස්” ක්‍රිකට් තරගාවලියේ ගැලැක්සි ගැලඩියේටර්ස් ………..

කුමාර් සංගක්කාර නායකත්වය දරණ ගැලැක්සි ග්ලැඩියේටර්ස් ලැන්ටාවූ කණ්ඩායම හා හුන්ග් හොම් ජගුවර්ස් කණ්ඩායම අතර මොන්ග් කොක් හිදී මෙම තරගය පැවැත්විය.

කාසියේ වාසිය දිනාගත් නායක සංගක්කාර පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පිවිසි හුන්ග් හොම් ජගුවර්ස් ආරම්භක පිතිකරු නිස්කාට් කාන් පන්දු 52ක් තුල වේගවත් ලකුණු 93ක් රැස්කළේ 4 පහර 8ක් හා දැවැන්ත 6 පහර 6ක් සමඟිනි. ඔහු ඉම්රාන් ආරිෆ්ගේ පන්දුවකට දැවී යන විට ඔවුන් පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 150ක් ලබාගෙන තිබුණි.

මැදපෙළ සවිමත් කළ ජොහාන් බෝතා ලකුණු 36ක් රැස්කර ගත්තේ 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟිනි. ඔහු දැවී ගියේ සංගක්කාර රැකගත් දක්ෂ උඩ පන්දුව නිසාවෙනි. අවසානයේ හුන්ග් හොම් ජගුවර්ස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 200ක් ලබා ගත්තේ ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දෙමිනි. පන්දු යැවීමේ දී ඉම්රාන් අරීෆ් කඩුලු 4ක් දවාලන ලදි.

මුරලිගෙන් ඇරඹී ලක්මාල්ගෙන් අලුත් වූ කඩුලු ශතක සමාජය

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු ශතක සමාජයට අලුතෙන්ම එක් වූ ක්‍රීඩකයා වූයේ සුරංග ලක්මාල් ය…….

ලකුණු 201ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගැලැක්සි ග්ලැඩියේටර්ස් ලැන්ටාවු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සඳහා වේගවත් ශතක සබඳතාවයක් ගොඩනැංවීමට වමතින් පිත්ත හසුරුවන සංගක්කාර හා බලාල් මොහොමඩ් සමත් වූ අතර එහි වැඩි ගෞරවය සංගක්කාර හට හිමි විය. ප්‍රහාරාත්මක හා දැකුම්කළු පිතිකරණයක නිරත වූ සංගක්කාර 6 පහර 7ක් හා 4 පහර 4ක් සමඟ වේගවත් ලකුණු 76ක් ලකුණු පුවරුවට එක් කර සිටිය දී දැවී ගියේය. සංගක්කාර හා මුහමද් ඔවුන්ගේ කණ්ඩායමට සවිමත් අඩිතාලමක් සකස් කළත්, පසුපෙළ පිතිකරුවන් හට ඒ පදනම තරගය අවසන් වන තෙක් පවත්වා ගැනීමට නොහැකි වූ නිසා ගැලැක්සි ග්ලැඩියේටර්ස් ලැන්ටාවු කණ්ඩායම ලකුණු 6කින් මෙම අවසන් මහා තරගය පරාජය විය. ඊට අමතරව ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේය.

හුන්ග් හොම් ජගුවර්ස් කණ්ඩායමේ නිස්කාට් කාන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

තරගාවලිය පුරාවටම දස්කම් අරට පිවිසුණු සංගක්කාර මෙම තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ඉනිම 5ක් තුල ලකුණු 311ක් ලබා ගෙනයි.

හුන්ග් හොම් ජගුවර්ස් – 200/7 (20): නිස්කාට් කාන් 93, ජෝහාන් බෝතා 36, ඉම්රාන් අරීෆ් 4/49, අර්ශාඩ් මොහොමඩ් 2/31.

ගැලැක්සි ග්ලැඩියේටර්ස් ලැන්ටාවු – 194/4 (20): කුමාර සංගක්කාර 76, බලාල් මුහමද් 33, ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් 31*.

පෙබරවාරි 6 වැනිදා ආරම්භ වූ මෙම ක්‍රිකට් තරගාවලිය පළමු වරට පැවැත්වුණේ 2016 වර්ෂයේ දී වන අතර එ් අනුව මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ තෙවන වරටයි. පසුගිය වසරේ (2017) දී ශූරතාවය දිනා ගත්තේ කව්ලූන් කැන්ටුන්ස් කණ්ඩායම විසිනි.

මෙම කණ්ඩායම් දෙකට අමතරව කව්ලූන් කැන්ටුන්ස්, සිටි කයිටාක්, හොංකො අයිලන්ඩ් යුනයිටඩ් යන කණ්ඩායම් ද තරගාවලියට සහභාගී විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<