නවසීලන්තයට අභියෝග කරන ශ්‍රී ලංකා T20 සංචිතය

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

276
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

නවසීලන්නවසීලන්ත කාන්තා කණ්ඩායමේ මෙරට සංචාරයට ඇතුළත් විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග කරනු ලබන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය අද (6) මාධ්‍ය වෙත නිවේදනය කරනු ලැබුවා.

මෙම සංචාරයට ඇතුළත්ව තිබූ එක්දින තරගාවලියෙන් 2-1ක් ලෙස වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර තේරීම් කමිටුව විසින් එම ජයග්‍රාහී කණ්ඩායම ම විස්සයි විස්ස තරගාවලිය සඳහාත් සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අත්දැකීම් බහුල සහ මේ වන විට ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ස්ථානයේ පසුවන චමරි අතපත්තු සංචිතයේ නායිකාව ලෙස කටයුතු කරනු ලබනවා. විස්සයි විස්ස තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර එම තරග ජූලි 8, 10 සහ 12 යන දිනවල කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<