පාකිස්තානය සමඟ පළමු ටෙස්ට් තරගයට ඕස්ට්‍රේලියා සංචිතය නම් කරයි

Pakistan tour of Australia 2023/24

464
Pakistan tour of Australia 2023/24
LONDON, ENGLAND - JUNE 11: Pat Cummins of Australia lifts the ICC World Test Championship Mace on day five of the ICC World Test Championship Final between Australia and India at The Oval on June 11, 2023 in London, England. (Photo by Justin Setterfield/Getty Images)

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ David Warnerගේ නම ද එයට ඇතුළත් වීමත් සමඟයි.

මෙම වසරේ මැද බාගයේ දී Warner විසින් ඉඟි කළ පරිදි පාකිස්තානය සමඟ තරගාවලිය ඔහුගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වනු ඇති. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල දී ජනවාරි මස 03-07 දිනවල පැවැත්වීමට නියමිත තරගාවලියේ තෙවන සහ අවසන් තරගය Warnerගේ අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරගය වනු ඇති බවට ද ඔහු විසින් මීට පෙර ඉඟි පළ කළා.

නමුත් පසුගිය කාලයේ දී Warnerගේ ටෙස්ට් පිතිකරණ දක්ෂතා එතරම් සාධනීය මට්ටමක පැවතුණේ නැහැ. මේ හේතුවෙන් ඔහුව සංචිතයට ඇතුළත් කිරීම පිළිබඳ යම් සැකයක් පැවතුණා.

” Pat Cumminsගේ නායකත්වයෙන් යුතු මේ කණ්ඩායම ඉතා ශක්තිමත්, නව ටෙස්ට් ලෝක ශූරතා තරග සමයේ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරන පළමු තරගය ඔවුන් හොඳින් ක්‍රීඩා කරාවි කියලා විශ්වාස කරනවා.”

Warner ද ඇතුළුව සංචිතයට නම් කළ මෙම ක්‍රීඩකයින් 14 දෙනා පිළිබඳ තමන් සිය උපරිම විශ්වාසය තබන බව ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති George Bailey විසින් සඳහන් කරනවා.

එමෙන්ම මෙම නව ටෙස්ට් ලෝක ශූරතා තරග සමය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණු 2023 අළුබඳුන තරගාවලිය 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් වූ අතර එම තරගාවලිය නියෝජනය ක්‍රීඩකයින් 13 දෙනෙක් පාකිස්තානය සමඟ පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් නම් කළ සංචිතයේ ද රැඳී සිටිනවා.

ඕස්ට්‍රේලියානු සංචිතය මෙසේයි;

Pat Cummins (නායක), Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitch Marsh, Lance Morris, Steve Smith, Mitch Starc, David Warner

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයේ සහ පුහුණු තරගයේ ප්‍රතිඵල අනුව ඉතිරි තරග දෙක වෙනුවෙන් නම් කෙරෙන සංචිතයේ වෙනස් කම් සිදුවීමට ඉඩ ඇති බව ද Bailey විසින් ඉඟි කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<