ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙල කල් යයි

282
Dialog Sri Lanka Cricket Awards

හෙට දිනයේ (21) පවත්වන්නට නියමිතව තිබූ ඩයලොග් – ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් නොවැම්බර් 30 වැනිදා දක්වා කල් දමා ඇත.

පසුගිය අගෝස්තු මස 22 වැනිදා නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි මෙම සම්මාන රාත්‍රිය 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනිදා වෝටර්ස් ඒජ් හීදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට සැලසුම් කර තිබුණි.

මෙම තීරණය පිලිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කල නිල නිවේදනයේ සඳහන් වන්නේ, “ මෙවර සම්මාන උළෙලේ දී ගෙවුනු වසර තුල අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තෝරා ගැනීමට හැකිවන පරිදි, ක්‍රමවත්ව තේරීම් සිදුකළ හැකි නව නිර්ණායකයන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.”

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිය ක්‍රීඩකයින්ට සම්මාන පුදනු වස් නොකඩවා 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන සම්මාන උළෙලක් වන අතර, එයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සම්පාදකයා වන Dialog Axiata ආයතනය අනුග්‍රහය දක්වන 4 වැනි අවස්ථාවයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට