ලෝක අනුශූර කණ්ඩායමේ වෙනස්කම් රැසක්!

India tour of South Africa 23/24

9471
India named three different captains for each format

දකුණු අප්‍රිකාවේ දීර්ඝ තරග සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් තුනට නායකයින් තිදෙනෙකු නම් කර තිබෙනවා. 

එළඹෙන දෙසැම්බර් 10 වැනි දා සිට ජනවාරි මස 07 වැනි දා තෙක් පැවැත්වීමට නියමිත මෙම තරග සංචාරයේ දී ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩකයින් වන Virat Kohli සහ Rohit Sharma හට සීමිත පන්දුවාර තරගවලින් යම් විවේකයක් ලබා ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියට පමණක් ක්‍රීඩා කරනු ඇති. එමෙන්ම මේ දිනවල ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවන Suryakumar Yadav දකුණු අප්‍රිකාව සමඟ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ද ඉන්දියාවට නායකත්වය ලබා දෙනු ඇති. ඉන්දීය විස්සයි විස්ස නිත්‍ය නායක Hardik Pandyaගේ ආබාධය නිසා Suryaට මෙම අවස්ථාව හිමි වී ඇති අතර, ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට සහභාගී නොවන Shubman Gill, Ravindra Jadeja, Kuldeep Yadav සහ Mohammad Siraj යන ක්‍රීඩකයින් මෙම විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා. 

ඉන්දීය කණ්ඩායමට එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර තවත් ක්‍රීඩා කිරීමට ඉතිරි වී ඇත්තේ විස්සයි විස්ස තරග හයක් (ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට අමතරව) පමණයි. මේ නිසා ඔවුන් මෙම තරගවල දී එළඹෙන ලෝක කුසලානයට සහභාගී කරවා ගැනීමට අපේක්ෂා තබා ඇති ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කරනු ඇති බව අනුමාන කල හැකි. විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය Ravindra Jadeja හට හිමි වී තිබෙනවා. 

විස්සයි විස්ස සංචිතය; 

Yashasvi Jaiswal, Shubman Gill, Ruturaj Gaikwad, Tilak Varma, Suryakumar Yadav (නායක), Rinku Singh, Shreyas Iyer, Ishan Kishan (wk), Jitesh Sharma (wk), Ravindra Jadeja (උප නායක), Washington Sundar, Ravi Bishnoi, Kuldeep Yadav, Arshdeep Singh, Mohammed Siraj, Mukesh Kumar, Deepak Chahar 

මේ අතර දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතය තරමක් වෙනස් ස්වරූපයක් ගෙන තිබෙනවා. නිමා වූ එක්දින ලෝක කුසලානයට ක්‍රීඩා කළ ඉන්දීය සංචිතය නියෝජනය කළ KL Rahul, Shreyas Iyer සහ Kuldeep Yadav පමණක් එක් කරමින් නිර්මාණය කර ඇති මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් ලෙස Rinku Singh, B Sai Sudharsan සහ Rajat Patidar යන ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම ඊට අමතරව ලෝක කුසලාන වරම් නොලද Yuzvendra Chahal, Sanju Samson, Ruturaj Gaikwad සහ Tilak Varma වැනි ක්‍රීඩකයින් රැසක් ද මෙම එක්දින සංචිතයට ඇතුළත්. 

එක්දින කණ්ඩායමේ නායකත්වය KL Rahul හට හිමි වී ඇති නමුත් කණ්ඩායමට උපනායකයකු නම් කර නැහැ. 

KL මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග නවයක දී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇති අතර ආබාධයකින් සුවය ලබමින් නැවත සංචිතයට එක් වීමෙන් පසුව ක්‍රීඩා කළ ඉනිම් 16 තුළ ඔහු සිය පිතිකරණ සාමාන්‍ය 75.70ක් වැනි ඉහල අගයක ද රඳවා ගැනීමට සමත් වී තිබීම විශේෂත්වයක්. 

එක්දින තරග සඳහා ඉන්දීය සංචිතය; 

Ruturaj Gaikwad, B Sai Sudharsan, Tilak Varma, Rajat Patidar, Rinku Singh, Shreyas Iyer, KL Rahul (නායක), Sanju Samson (wk), Axar Patel, Washington Sundar, Kuldeep Yadav, Yuzvendra Chahal, Mukesh Kumar, Avesh Khan, Arshdeep Singh, Deepak Chahar 

කෙසේ වෙතත් සීමිත පන්දුවාර තරග සඳහා කුමන වෙනස් කම් සිදු කළ ද ටෙස්ට් තරග සඳහා හුරු පුරුදු ඉන්දීය ක්‍රීඩක ලැයිස්තුව ම නම් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා. මෙහි නායකත්වය Rohit Sharma විසින් දරන අතර උප නායකත්වය Jasprit Bumrah හට හිමි වී තිබෙනවා. 

ටෙස්ට් තරග සඳහා ඉන්දීය සංචිතය; 

Rohit Sharma (නායක), Shubman Gill, Yashasvi Jaiswal, Virat Kohli, Shreyas Iyer, Ruturaj Gaikwad, Ishan Kishan (wk), KL Rahul (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Shardul Thakur, Mohd. Siraj, Mukesh Kumar, Mohd. Shami*, Jasprit Bumrah (උප නායක), Prasidh Krishna 

*. ශරීර යෝග්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ  තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<