කමිඳු, සහන් සහ නිශාන් දක්ෂතා දක්වයි

 SLC Major Club 3 Day Tournament 2023

217
 SLC Major Club 3 Day Tournament 2023
 SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තයේ තරග කිහිපයක් අද (02) දවසේත් ක්‍රීඩාංගණ කිහිපයක ක්‍රියාත්මක වූවා.

ඒ අතුරින් දවසේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වීමට කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ සමත් වුනා. දවසේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් වූයේ නිශාන් පීරිස්.

Panadura කණ්ඩායමට එරෙහිව පෙර දින නොදැවී ලකුණු 84ක් ලබා සිටි CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් අද තම ඉනිම ශතකයක් කරා රැගෙන ගියා. ඔහු පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් එරෙහිව නොදැවී ලකුණු 101ක් ලබා ගත්තා.

එමෙන් ම පෙර දින නොදැවී ලකුණු 70ක් ලබා සිටි NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ Bloomfield කණ්ඩායමට එරෙහිව පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 106ක් ලබා ගත්තා.

මේ අතර පන්දු යැවීමේ දී Negombo කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් Sri Lanka Army කණ්ඩායමට එරෙහිව ලකුණු 79කට කඩුලු 6ක් දවා ගත්තා.

Ace Capital කණ්ඩායමේ වනුජ සහන් පළමු ඉනිමේ දී මෙන් ම දෙවැනි ඉනිමේ දී ද කඩුලු 5 බැගින් බිඳ හෙලුවා. ඒ සමඟ ඔහු තම තරග 19ක් වූ පළමු පෙළ තරගවල දී කඩුලු 100 කඩඉම පසු කිරීමට සමත් වූවා. මේ අතර එම කණ්ඩායමේ ම රොෂාන් ජයතිස්ස ද කඩුලු 5ක් ලබා ගැනීමට සමත් වූවා.

Police කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන Kurunegala Youth කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තා.

දවසේ පිතිකරුවන් අතුරින් Colts කණ්ඩායමේ සංගීත් කුරේ, රවිඳු රශාන්ත සහ මුදිත ලක්ෂාන්, Sri Lanka Army කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්, Nugegoda කණ්ඩායමේ රාහුල් ගුණසේකර, Galle කණ්ඩායමේ පසිඳු මධුශාන් සහ සචිත්‍ර පෙරේරා, Ace Capital කණ්ඩායමේ කවිඳු අමන්ත සහ හර්ෂ කුරේ, Bloomfield කණ්ඩායමේ හසිත බෝයගොඩ, SSC කණ්ඩායමේ නිපුන් ධනංජය අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූවා.

Group A

  • CCC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – පල්ලෙකැලේ

o කාසියේ වාසිය – Panadura SC

CCC – පළමු ඉනිම පන්දුවාර 89.0ක දී කඩුලු 5ක් දැවී 304 (මිනෝද් භානුක 73, කමිඳු මෙන්ඩිස් නොදැවී 101, පවන් රත්නායක 21, අශාන් ප්‍රියංජන් 58, යශාන් අවිශ්ක 2/62)

  • Ragama SC සහ Colts CC

o ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන

o කාසියේ වාසිය – Ragama SC

Ragama SC – පළමු ඉනිම පන්දුවාර 55.4ක දී සියලුම දෙනා දැවී 231 (යොහාන් ලියනගේ 32, ජනිත් ලියනගේ 35, අවිශ්ක තරිඳු 26, රන්මිත් ජයසේන 21, දුලාජ් බණ්ඩාර 27, නිපුන් මාලිංග 30, උදිත් මධුශාන් 2/42, අකිල ධනංජය 6/100

Colts CC – පළමු ඉනිම පන්දුවාර 74.4ක දී සියලුම දෙනා දැවී 334 (සංගීත් කුරේ 68, ධනංජය ලක්ෂාන් 42, ශලින් ද මෙල් 31, රවිඳු රශාන්ත 59, මුදිත ලක්ෂාන් 79, ශෂික දුල්ශාන් 3/120, යොහාන් ලියනගේ 4/69)

Ragama SC – දෙවැනි ඉනිම පන්දුවාර 3.0ක දී කඩුල්ලක් දැවී 19

  • Sri Lanka Army SC සහ Negombo CC

o ක්‍රීඩාංගණය – FTZ, කටුනායක

o කාසියේ වාසිය – Sri Lanka Army SC

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියලුම දෙනා දැවී 238 (පැතුම් බොතේජු 29, අසේල ගුණරත්න 45, දිනේෂ් චන්දිමාල් 62, පැතුම් කුමාර 37, චනුර ප්‍රනාන්දු 2/42, නිශාන් පීරිස් 6/79, උපුල් ඉන්ද්‍රසිරි 2/57)

Negombo CC – පළමු ඉනිම පන්දුවාර 32.0ක දී කඩුල්ලක් දැවී 71 (අශේන් සිල්වා නොදැවී 45, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 22)

  • Galle CC සහ Nugegoda S&WC

o ක්‍රීඩාංගණය – ගාල්ල

o කාසියේ වාසිය – Galle CC

Galle CC – පළමු ඉනිම පන්දුවාර 89.0ක දී කඩුලු 8ක් දැවී 353 (ඉරෝෂ් සමරසූරිය 84, Raghav Dhawan 26, බුද්ධික හසරංග 34, ශාලිත් ප්‍රනාන්දු 65, පසිඳු මධුශාන් නොදැවී 54, සචිත්‍ර පෙරේරා 56, චලන ද සිල්වා 3/89, සඳුන් මධුශංක 4/100)

Nugegoda S&WC – පළමු ඉනිම පන්දුවාර 80.2ක දී සියලුම දෙනා දැවී 284 (තිලකරත්න සම්පත් 34, රුමේෂ් බුද්ධික 43, රාහුල් ගුණසේකර 78, කෙවින් පෙරේරා 38, රනිත ලියනාරච්චි 45, සුවත් මෙන්ඩිස් 20, උමේග චතුරංග 2/49, සචිත්‍ර පෙරේරා 3/71, තරින්ද ගුරුගේ 3/76)

Galle CC – දෙවැනි ඉනිම පන්දුවාර 2.0ක දී කිසිවෙක් නොදැවී 6

Group B

  • NCC සහ Bloomfield C & AC

o ක්‍රීඩාංගණය – Bloomfield

o කාසියේ වාසිය – Bloomfield C & AC

NCC – පළමු ඉනිම පන්දුවාර 84.2ක දී සියලුම දෙනා දැවී 352 (කමිල් මිෂාර 90, කවින් බණ්ඩාර 55, සහන් ආරච්චිගේ 106, අසේල් සිගේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 21, ලහිරු මධුශංක 3/49, සහන් නානායක්කාර 2/69, Hasnain Bokhari 3/43)

Bloomfield – පළමු ඉනිම පන්දුවාර 49.0ක දී කඩුලු 5ක් දැවී 168 (හසිත බෝයගොඩ 72, අසිත වන්නිනායක 46, ලසිත් ඇඹුල්දෙණිය 3/66, අශේන් ඩැනියෙල් 2/31)

  • Moors SC සහ Sebastianites C & AC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව

o කාසියේ වාසිය – Moors SC

Moors SC – පළමු ඉනිම පන්දුවාර 60.3ක දී සියලුම දෙනා දැවී 175 (මොහොමඩ් ෂමාස් 91, ප්‍රවීන් ජයවික්‍රම 46, චාමිකර එදිරිසිංහ 3/61, තරිඳු රත්නායක 5/49)

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 62.2ක දී සියලුම දෙනා දැවී 191 (ලොහාන් ද සොයිසා 91, ප්‍රමෝද් මධුවන්ත 33, තරිඳු රත්නායක 34, , තීසාන් විතුසාන් 2/28, රමේෂ් මෙන්ඩිස් 3/69, ටිලංග උදේශන 4/31)

Moors SC – දෙවැනි ඉනිම පන්දුවාර 42.2ක දී කඩුලු 3ක් දැවී 134 (ජනිශ්ක පෙරේරා 40, කවිඳු කුලසේකර 34, සොහාන් ද ලිවේරා 35)

  • Police SC සහ Kurunegala Youth CC

o ක්‍රීඩාංගණය – සූරියවැව, හම්බන්තොට

o කාසියේ වාසිය – Police SC

Kurunegala Youth CC – පළමු ඉනිම පන්දුවාර 66.4ක දී සියලුම දෙනා දැවී 171 (ගයාන් මනීෂාන් 33, ඩිල්හාර පොල්ගම්පොළ 23, සනෝජ දර්ශික 28, අසන්ත බස්නායක 34, මාලින්ද පුෂ්පකුමාර 4/71, නලින් ප්‍රියදර්ශන 5/61)

Police SC – පළමු ඉනිම පන්දුවාර 13.0ක දී කඩුලු 2ක් දැවී 44 (Gitansh Khera නොදැවී 22)

  • BRC සහ SSC

o ක්‍රීඩාංගණය – SSC

o කාසියේ වාසිය – BRC

BRC – පළමු ඉනිම පන්දුවාර 51.0ක දී කඩුලු 6ක් දැවී 162 (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, දුලාශ් උදයංග 68, Murvin Abinash නොදැවී 32, නිම්නක ජයතිලක 2/20)

SSC – පළමු ඉනිම පන්දුවාර 56.2ක දී සියලුම දෙනා දැවී 205 (සදීශ රාජපක්ෂ 34, නිපුන් ධනංජය 66, කවිඳු නදීශාන් 21, Murvin Abinash 5/64, දුවිඳු තිලකරත්න 2/29)

BRC – දෙවැනි ඉනිම පන්දුවාරයක දී කිසිවෙක් නොදැවී 0

  • Tamil Union C & AC සහ Badureliya SC

o ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ

o කාසියේ වාසිය – Tamil Union C & AC

Badureliya SC – පළමු ඉනිම පන්දුවාර 87.0ක දී සියලුම දෙනා දැවී 327 (අනුක් ප්‍රනාන්දු 27, Parvez Rasool 1242, අයන සිරිවර්ධන 44, අලංකාර අසංක 43, කවිඳු පතිරත්න 2/54, ධනංජය ද සිල්වා 3/30, දිලුම් සුදීර 2/70, රවිඳු ප්‍රනාන්දු 2/66)

Tamil Union C & AC – පළමු ඉනිම පන්දුවාර  36.0ක දී කඩුලු 3ක් දැවී 152 (සිතාර හපුහින්න 24, තරිඳු හර්ෂන නොදැවී 62, ධනංජය ද සිල්වා නොදැවී 48, Parvez Rasool 3/59)

මෙම සියලු තරග හෙට (02) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

  • Ace Capital CC සහ Chilaw Marians CC

o ක්‍රීඩාංගණය – Navy, වැලිසර

o කාසියේ වාසිය – Ace Capital CC

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 57.2ක දී සියලුම දෙනා දැවී 272 (තනුක දාබරේ 30, පවන්ත වීරසිංහ 34, රවිඳු රත්නායක 24, වනුජ සහන් 60, රොෂාන් ජයතිස්ස 21, නිම්සර අතරගල්ල 46, ලසිත් ලක්ෂාන් 2/78, චමෝද් සඳරු 4/70

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 52.3ක දී සියලුම දෙනා දැවී 188 (රමේෂ් නිමන්ත 36, ලසිත් ලක්ෂාන් 20, රවීන් යසස් 61, තික්ෂිල ද සිල්වා 40, රොෂාන් ජයතිස්ස 3/83, වනුජ සහන් 5/56, පවන්ත වීරසිංහ 2/26)

Ace Capital CC – දෙවැනි ඉනිම පන්දුවාර 39.3ක දී කඩුලු 9ක් දැවී 202 (කවිඳු අමන්ත 57, හර්ෂ කුරේ නොදැවී 54, වනුජ සහන් 35, අවිඳු තීක්ෂණ 2/45, ලසිත් ලක්ෂාන් 4/69, ඉරුෂ්ක තිමිර 3/79)

Chilaw Marians CC – දෙවැනි ඉනිම පන්දුවාර 29.0ක දී සියලුම දෙනා දැවී 146 (ලසිත් ලක්ෂාන් 20, පුලින තරංග 29, චමෝද් සඳරු 25, අවිඳු තීක්ෂණ 22, රොෂාන් ජයතිස්ස 5/78, වනුජ සහන් 5/47)

Ace Capital කණ්ඩායමට ලකුණු 140ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<