අකිල ධනංජය දවසේ වීරයා වේ

SLC Major Club 3 Day Tournament 2023

2298

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් සති අන්තය අද (01) ආරම්භ වුනා.  

එහි දී දවසේ කැපී පෙණෙන ක්‍රිඩකයා බවට පත් වීමට Colts කණ්ඩායමේ අකිල ධනංජය සමත් වුණා. ඔහු Ragama කණ්ඩායමට එරෙහිව ලකුණු 100කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

මේ අතර අද දවසේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට CCC කණ්ඩායමේ මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, සහ අශාන් ප්‍රියංජන්, Galle කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය සහ ශාලිත් ප්‍රනාන්දු, NCC කණ්ඩායමේ කමිල් මිෂාර, කවින් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ, Sebastianites කණ්ඩායමේ ලොහාන් ද සොයිසා, Moors කණ්ඩායමේ මොහොමඩ් ෂමාස්, BRC කණ්ඩායමේ දුලාෂ් උදයංග එක් වුණා.  

පන්දු යැවීමේ දී කඩුලු 5ක් බැගින් දවා ගැනීමට Ace Capital කණ්ඩායමේ වනුජ සහන් සහ Sebastianites කණ්ඩායමේ තරිඳු රත්නායක සමත් වූවා.  

Group A 

CCC සහ Panadura SC

  • ක්‍රීඩාංගණය – පල්ලෙකැලේ 
  • කාසියේ වාසිය – Panadura SC 

CCC – පළමු ඉනිම පන්දුවාර 76.0ක දී කඩුලු 4ක් දැවී 274 (මිනෝද් භානුක 73, කමිඳු මෙන්ඩිස් නොදැවී 84, පවන් රත්නායක 21, අශාන් ප්‍රියංජන් නොදැවී 53 

Ragama SC සහ Colts CC

  • ක්‍රීඩාංගණය – Surrey Villege, මග්ගොන 
  • කාසියේ වාසිය – Ragama SC 

Ragama SC – පළමු ඉනිම පන්දුවාර 55.4ක දී සියලුම දෙනා දැවී 231 (යොහාන් ලියනගේ 32, ජනිත් ලියනගේ 35, අවිශ්ක තරිඳු 26, රන්මිත් ජයසේන 21, දුලාජ් බණ්ඩාර 27, නිපුන් මාලිංග 30, උදිත් මධුශාන් 2/42, අකිල ධනංජය 6/100 

Colts CC – පළමු ඉනිම පන්දුවාර 13.0ක දී කඩුල්ලක් දැවී 57 (සංගීත් කුරේ නොදැවී 29, ධනංජය ලක්ෂාන් නොදැවී 26) 

Sri Lanka Army SC සහ Negombo CC

  •  ක්‍රීඩාංගණය – FTZ, කටුනායක 
  • කාසියේ වාසිය – Sri Lanka Army SC  

Sri Lanka Army SC – පළමු ඉනිම පන්දුවාර 27.0ක දී කඩුලු 3ක් දැවී 53 (පැතුම් බොතේජු 29, නිශාන් පීරිස් 2/16 

Galle CC සහ Nugegoda S&WC

  • ක්‍රීඩාංගණය – ගාල්ල 
  • කාසියේ වාසිය – Galle CC 

Galle CC – පළමු ඉනිම පන්දුවාර 79.0ක දී කඩුලු 7ක් දැවී 310 (ඉරෝෂ් සමරසූරිය 84, Raghav Dhawan 26, බුද්ධික හසරංග 34, ශාලිත් ප්‍රනාන්දු 65, පසිඳු මධුශාන් නොදැවී 33, සචිත්‍ර පෙරේරා නොදැවී 45, චලන ද සිල්වා 2/76, සඳුන් මධුශංක 4/92)

Group B 

NCC සහ Bloomfield C & AC

  • ක්‍රීඩාංගණය – Bloomfield 
  • කාසියේ වාසිය – Bloomfield C & AC  

NCC – පළමු ඉනිම පන්දුවාර 66.2ක දී කඩුලු 7ක් දැවී 277 (කමිල් මිෂාර 90, කවින් බණ්ඩාර 55, සහන් ආරච්චිගේ නොදැවී 70, අසේල් සිගේරා 20, ලහිරු මධුශංක 2/35, සහන් නානායක්කාර 2/51, Hasnain Bokhari 3/29) 

Moors SC සහ Sebastianites C & AC

  • ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව 
  • කාසියේ වාසිය – Moors SC 

Moors SC – පළමු ඉනිම පන්දුවාර 60.3ක දී සියලුම දෙනා දැවී 175 (මොහොමඩ් ෂමාස් 91, ප්‍රවීන් ජයවික්‍රම 46, චාමිකර එදිරිසිංහ 3/61, තරිඳු රත්නායක 5/49) 

Sebastianites C & AC – පළමු ඉනිම පන්දුවාර 22.1ක දී කඩුලු 3ක් දැවී 71 (ලොහාන් ද සොයිසා නොදැවී 52, රමේෂ් මෙන්ඩිස් 2/31) 

BRC සහ SSC

  • ක්‍රීඩාංගණය – SSC 
  • කාසියේ වාසිය – BRC 

BRC – පළමු ඉනිම පන්දුවාර 51.0ක දී කඩුලු 6ක් දැවී 162 (ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, දුලාශ් උදයංග 68, Murvin Abinash නොදැවී 32, නිම්නක ජයතිලක 2/20) 

Tamil Union C & AC සහ Badureliya SC

  • ක්‍රීඩාංගණය – P Sara Oval, කොළඹ 
  • කාසියේ වාසිය – Tamil Union C & AC  

Badureliya SC – පළමු ඉනිම පන්දුවාර 47.4ක දී කඩුලු 6ක් දැවී 195 (අනුක් ප්‍රනාන්දු 27, Parvez Rasool නොදැවී 72, අයන සිරිවර්ධන නොදැවී 32, කවිඳු පතිරත්න 2/49, ධනංජය ද සිල්වා 2/26) 

මෙම සියලු තරග හෙට (02) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Ace Capital CC සහ Chilaw Marians CC

  • ක්‍රීඩාංගණය – Navy, වැලිසර  
  • කාසියේ වාසිය – Ace Capital CC 

Ace Capital CC – පළමු ඉනිම පන්දුවාර 57.2ක දී සියලුම දෙනා දැවී 272 (තනුක දාබරේ 30, පවන්ත වීරසිංහ 34, රවිඳු රත්නායක 24, වනුජ සහන් 60, රොෂාන් ජයතිස්ස 21, නිම්සර අතරගල්ල 46, ලසිත් ලක්ෂාන් 2/78, චමෝද් සඳරු 4/70 

Chilaw Marians CC – පළමු ඉනිම පන්දුවාර 52.3ක දී සියලුම දෙනා දැවී 188 (රමේෂ් නිමන්ත 36, ලසිත් ලක්ෂාන් 20, රවීන් යසස් 61, තික්ෂිල ද සිල්වා 40, රොෂාන් ජයතිස්ස 3/83, වනුජ සහන් 5/56, පවන්ත වීරසිංහ 2/26) 

Ace Capital CC – දෙවැනි ඉනිම පන්දුවාර 19.0ක දී කඩුලු 5ක් දැවී 78 (කවිඳු අමන්ත නොදැවී 39, ලසිත් ලක්ෂාන් 3/47) 

මෙම තරගය හෙට (02) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මේ අතර අද හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Police කණ්ඩායම සහ Kurunegala Youth කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා පළමු දිනයට අතහැර දමන ලදි.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<