2022 LPL තරගාවලියේ කාලසටහන නිකුත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

865

අගෝස්තු 1 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද (12) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

සමාරම්භක තරගාවලිවල සඳහා වත්මන් ශූර Jaffna Kings සමඟින් වත්මන් අනුශූරයින් වන Galle Gladiators තරග කිරීමට නියමිත අතර එම තරගය අගෝස්තු 1 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා ඇතුළත් සමස්ත තරග ගණන 24ක් වන අතර ඉන් තරග 20ක් පළමු වටයේ දී ද සෙසු තරග 4 සහ අවසන් මහා තරගය දෙවැනි වටයේ දී ද ක්‍රියාත්මක වනු ඇත.

තරගාවලියේ පළමු තරග 14 ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ සෙසු තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා. තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

අගෝස්තු 1 Jaffna Galle Colombo Kandy RPICS
අගෝස්තු 2 Dambulla Jaffna Galle Colombo RPICS
අගෝස්තු 4 Kandy Galle Jaffna Dambulla RPICS
අගෝස්තු 5 Kandy Colombo Galle Dambulla RPICS
අගෝස්තු 8 Colombo Dambulla Galle Jaffna RPICS
අගෝස්තු 9 Kandy Dambulla Colombo Galle RPICS
අගෝස්තු 10 Kandy Jaffna Dambulla Colombo RPICS
අගෝස්තු 13 Galle Kandy Jaffna Colombo MRICS
අගෝස්තු 14 Dambulla Kandy Colombo Jaffna MRICS
අගෝස්තු 15 Dambulla Galle Jaffna Kandy MRICS
අගෝස්තු 17 Qualifier 1
( 1 vs 2)
Eliminator
( 3 vs 4)
MRICS
අගෝස්තු 19 Qualifier 2
(Loser QFI vs Winner of Eliminator)
MRICS
අගෝස්තු 21 Final MRICS

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<