අයෝමාල්ගෙන් ලක් මාතාවට ලෝකඩ පදක්කම්

5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය

815
5th Asian Youth Athletics Championship 2023

මේ දිනවල උස්බෙකිස්තානයේ දී පැවැත්වෙන 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට කඩුලු පැනීමේ ක්‍රීඩක අයෝමාල් අකලංක අද (30) සමත් වුනා.

බාලක මීටර් 400 කඩුලු පැනීමේ අවසන් තරගය සඳහා සහභාගී වූ අයෝමාල් තත්පර 51.40ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුනේ ඉසව්වේ තෙවැන්නා ලෙසයි.

එය එම ඉසව්වේ කැපී පෙනෙන කාලයක් වූ අතර ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව අලුත් කිරීමට ද ඔහු අද සමත් වුනා.

තරගයේ පළමු ස්ථානය තත්පර 50.91ක කාලයකින් ඉසව්ව අවසන් කළ කටාර් ක්‍රීඩක Mahamat Abakar විසින් දිනා ගද්දී, එහි තෙවැනි ස්ථානය හිමි වුනේ තත්පර 51.38ක කාලයකින් ඉසව්ව අවසන් කළ Bapi Sansda හටයි.

ඊයේ (29) දිනයේ දී මීටර් 400 කඩුලු පැනීම මූලික ඉසව්ව සඳහා සහභාගී වූ අයෝමල් සිය මූලික තරගය ජයග්‍රහණය කළේ තත්පර 52.39ක දස්කමක් දක්වමිනුයි.

අයෝමාල් දිනා ගත් පදක්කමත් සමඟ ශ්‍රී ලංකාව මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී දිනා ගත් පදක්කම ගණන 4ක් දක්වා ඉහළ යන අතර ඔහුට පෙර තුශේන් සිල්වා (රිදී), නිළුපුල් පැහැසර (රිදී) සහ කසුනි නිර්මලී (ලෝකඩ) පදක්කම් දිනා ගත්තා.

5 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<