ආරොන්, මතීෂ සහ අකීල් දක්ෂතා දක්වයි

SLSCA U 19 Inter Schools 2 Day Tournament 2026/27

2

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ තරගවල දී ආරොන් ද සිල්වා, මතීෂ අපෝන්සු සහ මොහොමඩ් අකීල් දක්ෂ පන්දු යැවීම්වල නිරත වෙනවා.  

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරන වමතින් දඟ පන්දු යවන ආරොන් ද සිල්වා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට එරෙහි ව 1 වැනි ඉනිමේ දී  ලකුණු 21කට කඩුලු 6ක් සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 19කට කඩුලු 5ක් ලෙසින් තරගයේ දී ලකුණු 40කට කඩුලු 11ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.  

එම තරගයේ දී ම වේල්ස් කුමාර විද්‍යාලයේ දකුණතින් මද වේග පන්දු යැවූ මතීෂ අපෝන්සු 1 වැනි ඉනිමේ දී ලකුණු 19කට කඩුලු 5ක් සහ 2 වැනි ඉනිමේ දී ලකුණු 46කට කඩුලු 4ක් ලෙසින් තරගයේ දී ලකුණු 65කට කඩුලු 9ක් දවා ගන්නවා.  

මේ අතර කොළඹ සහිරා විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර පැවැති තරගයේ දී සහිරා විද්‍යාලයේ වමතින් පා දඟ පන්දු යැවූ මොහොමඩ් අකීල් ලකුණු 65කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

එම තරගයේ දී ම ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ විපුන් සසංක පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගනිමින් පිතිකරුවන් අතුරින් කැපී පෙණුනා.  

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය අතර තරගය වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional) 

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය 

  • සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 106 (38.2) රෙශොන් සොලමන්ස් 35, නෙතුල් අනුහස් 3/27, මතීෂ අපෝන්සු 5/19
  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (42.0) නෙතුල් අනුහස් 23, මිනෝන් වර්ණසූරිය 3/21, ආරොන් ද සිල්වා 6/21
  • සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 142 (62.4) රෙශොන් සොලමන්ස් 44, ලුදීශ මාතරගේ 42, මතීෂ අපෝන්සු 4/46, නෙතුල් අනුහස් 4/44, පසිඳු පෙරේරා 2/08
  • වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 92 (32.2) සෙතික විජේතුංග 29, මතීෂ අපෝන්සු 29, ආරොන් ද සිල්වා 5/19

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට.)   

කොළඹ සහිරා විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය කොළඹ සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී. (Traditional) 

කාසියේ වාසිය – සහිරා විද්‍යාලය 

  • සහිරා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (54.2) මොහොමඩ් මස්වූත් 48, හිමසර ලියනගේ 42, ජනිත් නෙත්මිණ 31, තිශාන් නිපුන් 4/45, සතිඳු ප්‍රබෝධ 2/50
  • ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 164 (50.0) කවීන් දෙනෙත් 42, විපුන් සසංක නොදැවී 60, සසිඳු දිලක්ෂිත 2/32, මොහොමඩ් අකීල් 6/65

තරගයේ විසඳුමක් නෑ.(පළමු ඉනිමේ ජය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට.)  

අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<