උස්බෙකිස්තානයේ පැවැත්වෙන 5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී තවත් පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට දායාද කිරීමට නිළුපුල් පැහැසර සහ කසුනි නිර්මලි අද (29) සමත් වුනා.
බාලක උස පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ නිළුපුල් මීටර් 2.01ක දස්කමක් දක්වමින් ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එම ඉසව්ව නියෝජනය කළ ලෙසඳු අර්ථවිදු මීටර් 1.90ක දස්කමක් දක්වමින් තරගය අවසන් කළේ පස්වැන්නා ලෙසයි.
සිව්වැනි යොවුන් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී පදක්කමක් දිනා ගත් ලෙසඳුට මෙවර පදක්කම් සිහිනය බොඳ වූ අතර නිළුපුල් හට එම ඉසව්වේ රිදී පදක්කම හිමි වුනා.
- වසර 72කට පසු ශ්‍රී ලංකාවට ආසියානු රිටි පැනීමේ පදක්කමක්
- වේගවත්ම ක්‍රීඩකයා අනුහස්; ක්‍රීඩිකාව අනුජනා
- මලල ක්‍රීඩා පළමු තේරීම් තරගය මාර්තු මාසයේ දී
- කසුනි නිර්මාලි මීටර් 800 බාලිකා ආධිපත්‍ය රඳවා ගනී
අද දිනයේ වාර්තා වූ දෙවැනි පදක්කමට හිමිකම් කීවේ බාලිකා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ කසුනි නිර්මලි. ඇය එහි දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනේ මිනිත්තු 2:17.04ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.
කසුනි පසුගිය වසරේ පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී බාලිකා මීටර් 1500 ඉසව්ව නියෝජනය කරමින් පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මොවුන් දෙදෙනාට අමතරව අද දිනයේ බාලක මීටර් 400 කඩුලු පැනීමේ මූලික තරගයට සහභාගී වූ අයෝමාල් අකලංග තත්පර 52.39ක කාලයකින් පළමුවැන්නා ලෙස තරගය අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. තේරීම් තරග දෙකකින් සමන්විත වූ එම වටයේ වේගවත්ම කාලය අයෝමාල් විසින් වාර්තා කිරීමට ද විශේෂත්වයක්.
5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<