“රන් මහා සටන” නමින් ප්‍රචලිත මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (10) සාර්ථකව නිමාවට පත් විය.

රහීම්ගේ ප්‍රතිරෝධය හමුවේ ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනක

බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් පෙන්නුම් කල විශිෂ්ට පිතිකරණ රටාව හේතුවෙන් නැවත වරක් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවෙන්නට අද (09) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් විය…

ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු වැනි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මූලාරම්භක අවධිය වූයේ මෙම මොරටු රන් මහා සටනයි. මෙම පාසල් ද්විත්වය අතර මේ වන තෙක් පැවතී තරග 66 අතරින්, වේල්ස් කුමර විද්‍යාලය තරග 6ක් ජයග්‍රහණය කර ඇති අතර, සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 3ක් පමණි.

67 වැනි රන් මහා සටනේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීම සඳහා තම ප්‍රතිවාදී වේල්ස් කුමර විද්‍යාලයට ඇරයුම් කරන ලදි.

[rev_slider dfcc728]

අද දිනය අවසන් වන විට වේල්ස් කුමර විද්‍යාලය තම ප්‍රථම ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 230ක් ලබා ගැනීමට සමත් වූ අතර,  නායක විශ්ව චතුරංග සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් හට අභියෝගයක් වෙමින් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත විය. විශ්ව එක් අන්තයකින් වේල්ස් කුමර විද්‍යාලයට සවිමත් අඩිතාලමක් සකස් කරන විට දිලංක මදුරංග අනෙක් අන්තයේ සිට ලකුණු 32ක් වාර්තා කරමින් ඉනිම ගොඩ නැංවීමට සහය ලබා දෙන ලදි.

තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගෙන ශතකය වෙත මාන බලමින් සිටි විශ්ව චතුරංගගේ ඉනිමට, ලකුණු 88ක් වන විට නැවතීමේ තිත තැබීමට සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් සමත් වූයේ ප්‍රබල අවදානමකින් සිය කණ්ඩායම ගලවා ගනිමිනි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ද ක්‍රීඩකයෙක් වන වමතින් පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම තම අත්දැකීම් හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 62ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි. ඔහුට අමතරව තරුශ ප්‍රනාන්දු හා නුවනිදු ප්‍රනාන්දු කඩුලු 2ක බැගින් දවා ගන්නට සමත් විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – සියල්ලන්ම දැවී ලකුණු 230 (71.5): විශ්ව චතුරංග 88, දිලංක මදුරංග 32, සංජය ප්‍රනාන්දු 24, ප්‍රවීන් ජයවික්‍රම 5/62, තරුශ ප්‍රනාන්දු 2/17, නුවනිදු ප්‍රනාන්දු 2/39

රන් මහා සටනේ දෙවන දිනය හෙට (11) පැවැත්වෙන අතර තරගය ඉතා උණුසුම්කාරී වන බව නම් නොඅනුමානයි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට