කුසල්ලා අර්ධ ශතක රැස් කරති; මාලිංගගෙන් කඩුලු 3ක්

887

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සවිබලයෙන් තෙවන දිනටත් පැවැත්වූ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් චමත්කාර ජනක දිනයක නිමාව අද (27) සනිටුහන් වූයේ තරගාවලියේ තියුණු බව තවත් වැඩි කරමිනි.

බදුරලිය හමුවේ ද එස්. එස්. සී අසරණ වෙයි

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනයේ තවත් තරග කිහිපයක් අද (25) පැවැත්විය මේ තරගාවලිය නිදහස් කුසලානය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතයට…

අද පැවැත්වූ තරග අතුරෙන් තරග දෙකක් ලකුණු සමවීමෙන් අවසන් වූ අතර අනෙකුත් තරග ජයග්‍රහණය කිරීමට බදුරලිය, එස්. එස්. සී, නාවික හමුදා, හලාවත, මීගමුව, කෝල්ට්ස්, පොලිස් හා සැරසන්ස් යන කණ්ඩායම් සමත් විය. ඒ අතුරෙන් ජයග්‍රහණ කිහිපයක්ම ලියවූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

ගාලු ක්‍රිකට් සමාජය සමඟ පැවති තරගයේ දී ටැමිල් යූනියන් කණ්ඩායමේ දනංජය ද සිල්වා අර්ධ ශතකයක් ලබාගත් නමුත් එම තරගය ලකුණු සම වීමෙන් අවසන් විය. ලකුණු සමවීමෙන් අවසන් වූ අනෙක් තරගය පැවැත්වූයේ කොළඹ ක්‍රිකට් සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය අතරයි. ඒ තරගයේ දී කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් එදිරිසිංහ හා සීකුගේ ප්‍රසන්න වැඩි දස්කම් දක්වමින් කැපී පෙනෙන ක්‍රීඩකයින් බවට පත්විය.

බදුරලිය කණ්ඩායම හා කුරුණෑගල ක්‍රිකට් සමාජය අතර පැවැත්වූ තරගයේ දී දිල්හාන් කුරේ වේගවත් අර්ධ ශතකයක් ලබාගෙන නොදැවී ලකුණු 53*ක් ලබා ගත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරමිනි. වරාය අධිකාරිය හා කොල්ට්ස් කණ්ඩායම අතර පැවැත්වූ තරගයේ දී වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් හා එක්වූ සධීර සමරවික්‍රම වේගවත් පිතිකරණයක නිරත වූයේ අර්ධ ශතක ලබා ගනිමිනි.

එස්. එස්. සී ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වූ තරගයේ දී තිසර පෙරේරා ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූයේ ලකුණු 84ක් රැස්කර ගනිමිනි. ඒ ඉනිමට යෝධ හයේ පහර කිහිපයක් ද අන්තර්ගත විය. තිසරට අගනා සහයක් දුන් දිමුත් කරුණාරත්න ලකුණු 54*යි. පන්දු යැවීමේ දී වමතින් පන්දු යවන අකාශ් සේනාරත්න කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

 ලකුණු සටහන් 

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා බදුරලිය ක්‍රිකට් සමාජය

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 125/9 (20): රුවන්ත ඒකනායක 41, කේෂාන් විජේරත්න 27, දිලේෂ් ගුණරත්න 3/12, අසංක සිල්වා 3/31, සවිත් ප්‍රියාන්  2/16.

බදුරලිය ක්‍රිකට් සමාජය – 129/4 (19.3): දිල්හාන් කුරේ 53*, පැතුම් නිස්සංක 29, නදීර නාවල 21, මලිත් කුරේ 2/25.

තරග ප්‍රතිඵලය – බදුරලිය ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා කොල්ට්ස් ක්‍රිකට් සමාජය

ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය – 147 (19.1): යොහාන් ද සිල්වා 53, යශෝද ලංකා 24, ප්‍රශාන් වික්‍රමසිංහ 21, කවිශ අංජුල 2/14, අකිල දනංජය 2/25, ප්‍රභාත් ජයසුරිය 2/31.

කොල්ට්ස් ක්‍රිකට් සමාජය – 150/4 (18.5): කුසල් පෙරේරා 64, සධීර සමරවික්‍රම 56*, රනේෂ් පෙරේරා 2/20.

තරග ප්‍රතිඵලය – කොල්ට්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 6ක ජයක්


පොලිස් ක්‍රීඩා සමාජය හා කළුතර නගර ක්‍රීඩා සමාජය

පොලිස් ක්‍රීඩා සමාජය – 161/9 (16): සමිත් දුෂ්‍යන්ත 44, සචින්ත ජයතිලක 40, සිරිමාන්ත විජේරත්න 29, එරංග රත්නායක 2/28, නිපුන කාරියවසම් 2/38.

කළුතර නගර ක්‍රීඩා සමාජය – 119/6 (16): මතීෂ පෙරේරා 23, නිමේෂ් විමුක්ති 3/14, මංජුල ජයවර්ධන 2/19.

තරග ප්‍රතිඵලය – පොලිස් ක්‍රීඩා සමාජයට ලකුණු 42ක ජයක්


ගාලු ක්‍රිකට් සමාජය හා ටැමිල් යුනියන්

ගාලු ක්‍රිකට් සමාජය – 138/5 (20): ඩිල්ශාන් කාංචන 50, හර්ෂ රාජපක්ෂ 43, චානක විජේසිංහ 23*, ප්‍රමෝද් මදුශාන් 2/27.

ටැමිල් යූනියන් – 138/9 (20): දනංජය ද සිල්වා 55, ජීවන් මෙන්ඩිස් 29, රජිත් ප්‍රියාන් 4/18, උදාර රණසිංහ 3/19.

තරග ප්‍රතිඵලය – දෙපිලේම ලකුණු සමයි

නිදහස් කුසලානයට මැතිව්ස් එයි ද? බලධාරීන් බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හට මෙම සති අන්තයේ ලැබුණු හොඳ ප්‍රවෘත්ති අතරට ආබාධයන්ට ලක්ව සිටි ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු වන කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර සහ නුවන්…

හලාවත ක්‍රිකට් සමාජය හා රාගම ක්‍රිකට් සමාජය

හලාවත ක්‍රිකට් සමාජය -146/8 (20): රෝහිත් දමෝදරන් 42, දසුන් සෙනෙවිරත්න 20*, මාලින්ද පුෂ්පකුමාර 20, කුශාන් වීරක්කොඩි 4/31, ඉශාන් ජයරත්න 2/29.

රාගම ක්‍රිකට් සමාජය – 131/8 (20): ෂෙහාන් ප්‍රනාන්දු 33, ලහිරු තිරිමාන්න 23, ඉසුරු උදාන 2/13, අසිත ප්‍රනාන්දු 2/23, මාලින්ද පුෂ්පකුමාර 2/25.

තරග ප්‍රතිඵලය – හලාවත ක්‍රිකට් සමාජයට ලකුණු 15ක ජයක්


කොළඹ ක්‍රිකට් සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය

කොළඹ ක්‍රිකට් සමාජය – 142/7 (20): කුසල් මෙන්ඩිස් 64, ඩිල්ශාන් මුණවීර 26, සීකුගේ ප්‍රසන්න 4/25.

යුද හමුදා ක්‍රීඩා සමාජය – 142/9 (20): ලක්ෂාන් එදිරිසිංහ 63*, දුශාන් විමුක්ති 24, නුවන් තුශාර 3/25, ලහිරු මදුසංක 2/26.

තරග ප්‍රතිඵලය – දෙපිලේම ලකුණු සමයි


එන්. සී. සී හා බී. ආර්. සී

බී. ආර්. සී – 143/9 (20): තිලකරත්න සම්පත් 44, රුමේෂ් බුද්ධික 33, ලසිත් මාලිංග 3/24, ෆර්වීස් මහරෑෆ් 2/22.

එන්. සී. සී – 93/1 (10.3): නිරෝශන් දික්වැල්ල 38*, උපුල් තරංග 35.

තරග ප්‍රතිඵලය – එන්. සී. සී ක්‍රීඩා සමාජයට ලකුණු 29ක ජයක් (D/L)


ලන්කන් ක්‍රිකට් සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ලන්කන් ක්‍රිකට් සමාජය –  145 (18.3): මදුරංග සොයිසා 38, චානක රුවන්සිරි 30, මිලාන් රත්නායක 3/21, බුද්ධික සඳරුවන් 3/30.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 61/1 (9): උදයවංශ පරාක්‍රම 36*.

තරග ප්‍රතිඵලය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 5ක ජයක් (D/L)

අභිශේක්ගේ දක්ෂතා සාන්ත ජෝන් පළමු කොටසට උසස් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට යාපනය සාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.

සිංහල ක්‍රීඩා සමාජය (එස්. එස්. සී) හා නාවික හමුදා ක්‍රීඩා සමාජය

සිංහල ක්‍රීඩා සමාජය – 203/5 (20): තිසර පෙරේරා 84, දිමුත් කරුණාරත්න 57*, දසුන් ශානක 34, ශතික් නිමල්ශ 3/25.

නාවික හමුදා ක්‍රීඩා සමාජය – 96 (18.3): සුපුන් ලීලාරත්න  35, අකාශ් සේනාරත්න 4/22, ජෙෆ්රි වැන්ඩසේ 2/30.

තරග ප්‍රතිඵලය – සිංහල ක්‍රීඩා සමාජයට ලකුණු 107ක ජයක්


පානදුර ක්‍රීඩා සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය

මිගමුව ක්‍රිකට් සමාජය – 145/8 (20): සඳුන් ඩයස් 32, ඩිල්සිරි ලොකුබණ්ඩාර 29, ශෙහාන් වීරසිංහ 24, සචින් දල්පදාතු 22, තරිඳු මදුරංග 3/22, විනෝද් පෙරේරා 2/47.

පානදුර ක්‍රීඩා සමාජය – 115 (18.3): විශ්ව චතුරංග 47, ජෙරම් චිනියා 20, ලසිත් කෘෘස්පුල්ලේ 3/20, තරිඳු වීරසිංහ 2/20, ශෙහාන් වීරසිංහ 2/24.

තරග ප්‍රතිඵලය – මීගමුව ක්‍රිකට් සමාජයට ලකුණු 30ක ජයක්


බ්ලුම්ෆීල්ඩ් හා සැරසන්ස්

බ්ලුම්ෆීල්ඩ් – 187/7 (20): ලහිරු ජයකොඩි 81, නිපුන් කරුණානායක 35, ප්‍රමුද් හෙට්ටිවත්ත 20, රුවිඳු ගුණසේකර 3/28.

සැරසන්ස් – 74/1 (8): තානුක දාබරේ 42*, රුවිඳු ගුණසේකර 24*.

තරග ප්‍රතිඵලය – සැරසන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 7ක ජයක් (D/L)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<