මලල ක්‍රීඩා පළමු තේරීම් තරගය මාර්තු මාසයේ දී

ජාතික මලල ක්‍රීඩා පළමු තේරීම් තරගය 2023

269

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි රැසක් පැවැත්වීමට නියමිත 2023 වසරේ පළමු මලල ක්‍රීඩා තේරීම් තරගය මාර්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනය කර තිබෙනවා.

තරගාවලිය මාර්තු 20, 21 සහ 22 යන තෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය ආසියානු ක්‍රීඩා උළෙල, ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පළමු තේරීම් තරගය ලෙස සැලකෙනවා.

තරගාවලිය සඳහා අයැදුම් කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පරිසාධන සීමා මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර කනිෂ්ඨ තරගාවලිය සඳහා 2004 සිට 2007 දක්වා උපත ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට හැකියාව පවතිනවා.

එමෙන්ම තේරීම් තරග සඳහා අයැදුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අදාළ දස්කම් 2022 වසරේ ජනවාරි 01 සිට 2023 මාර්තු 01 දක්වා කාලසීමාව තුළ සපුරා තිබිය යුතුයි.

ජ්‍යෙෂ්ඨ තරගාවලිය සඳහා පරිසාධන සීමාව

කනිෂ්ඨ තරගාවලිය සඳහා පරිසාධන සීමාව,

මෙම තරගාවලියට පෙර මෙම මස (පෙබරවාරි) 21 සහ 22 යන දෙදින තුළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය ඉලක්ක කර ගනිමින් යොවුන් තේරීම් තරගාවලියක් පැවැත්වීමට ද මලල ක්‍රීඩා සංගමය සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පෙබරවාරි 21 සහ 22 ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා සංචිතයට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දස්කම් මැනීමේ තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිවල තොරතුරු ඇතුළු දේශීය සහ විදේශීය මලල ක්‍රීඩා පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<