පළමු පෙළ Tier B ශූරතාවය ගාල්ල මහින්දයට

19න් පහළ පළමු පෙළ Tier B තරගාවලිය 2021

147
U19 Schools Cricket 2021

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier B කොටසේ අවසන් තරගය අද (2) කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර දේවපතිරාජ විද්‍යාලය පරාජය කළ මහින්ද විද්‍යාලය තරගාවලියේ B කොටසේ ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

තරගාවලියේ පළමු වටයේ දී X කාණ්ඩය යටතේ තරග වැදුණු ගාල්ල මහින්ද විද්‍යාලය එම කාණ්ඩයේ අනුශූරයින් වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ගාල්ල මහින්ද විද්‍යාලය පළමු වටයේ දී කොළඹ තර්ස්ටන්, මොරටු විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පරාජය කළා. මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟ පැවති තරගය විසඳුමකින් තොරව අවසන් වන විට, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හමුවේ ඔවුන් පරාජයට පත්වුනා.

තරගාවලියේ පළමු වටයේ දී Z කාණ්ඩය යටතේ තරග වැදුණු රත්ගම දේවපතිරාජ විද්‍යාලය එම කාණ්ඩයේ අනුශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. දේවපතිරාජ විද්‍යාලය පළමු වටයේ දී අම්බලන්ගොඩ ධර්මාශෝක, කොළඹ ලුම්බිණි සහ මාතර සාන්ත සර්වේශස් කණ්ඩායම් පරාජය කළා.

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාල නායක නවෝද් පරණවිතාන පළමුව පන්දු යැවීමට තීරණය කළා. දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් පිටියට පැමිණි ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු පන්දුවාර 5 තුල දවා ගැනීමට මහින්ද විද්‍යාල පන්දු යවන්නන් සමත් වුනා. 

ලකුණු 50කට කඩුලු 4ක් බිඳ වැටී තිබූ දේවපතිරාජ ඉනිම තුල වාර්තා වූ හොඳම සබඳතාවය ගොඩනැංවීමට නායක සුධීර වීරරත්න සහ සසංක නිර්මාල් සමත් වුනා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවමින් මහින්ද විද්‍යාලයට එරෙහිව යම් සටනක් ලබා දුන් නමුත් එය ඔවුන්ගේ ජයග්‍රණය සඳහා ප්‍රමාණවත් වුනේ නැහැ.

සසංක පන්දු 52කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අතර ඔහු ලබා ගත් ලකුණු ප්‍රමාණය අභිබවා යාමට දේවපතිරාජයේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙක්ට අවස්ථාව ලැබුණේ නැහැ. ජීවක ශෂීන් සහ නායක සුධීර ලකුණු 16 බැගින් ලබා ගත්තා. 

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ මහින්ද විද්‍යාලයේ නායක නවෝද් ලකුණු 8කට කඩුලු 3ක් දවා ගන්නා විට,  දකුණතින් පිට දඟපන්දු යවන සුභානු රාජපක්ෂ ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

ලකුණු 100ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි මහින්ද විද්‍යාලයට ඔවුන් සිතූ පරිදි පහසුවෙන්ම මේ තරගය ජය ගැනීමට දේවපතිරාජ ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. 

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 8කට දැවී යාමත් සමඟින් ඔවුන්ගේ මුල් පෙළ බිඳ වැටීම ආරම්භ වුනා. ලකුණු 52කට කඩුලු 3ක් ලෙස සටහන් වුනු මහින්ද ලකුණු සටහනේ තවත් කඩුලු 2ක් ලකුණු නොදී දවා ගත් දේවපතිරාජ ක්‍රීඩකයින් මහින්ද විද්‍යාලයට දැඩි පීඩනයක් එල්ල කළ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු ධනුජ ඉඳුවර කවිඳු ලක්ෂාන් සමඟින් එක්ව ලකුණු 33ක සබඳතාවයක් ගොඩනංවමින් සිය විද්‍යාලය ජයග්‍රහණය ආසන්නට රැගෙන ආවා.

සාමාන්‍යයෙන් තරමක් වේගයෙන් ලකුණු ලබා ගන්නා ධනුජ ඉඳුවර සහ කවිඳු ලක්ෂාන් දෙදෙනාම අද දිනයේ පන්දු 50කට වැඩි ප්‍රමාණයක් සඳහා මුහුණ දෙමින් ඔවුන්ගේ කඩුලු රැකගෙන ඉතාමත් ඉවසිලිවන්ත ලෙස ක්‍රීඩා කිරීම මෙහි දී කැපී පෙනුණු අතර එම සබඳතාවය නොවන්නට මේ තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට ද ඉඩ තිබුණා. 

තරගයේ අවසානය දක්වා නොදැවී ක්‍රීඩා කළ ධනුජ පන්දු 61ක් සඳහා මුහුණ දෙමින් නොදැවී ලකුණු 24*ක් ලබා ගත් අතර ඒ ඉනිම සඳහා එකඳු 4 පහරක් හෝ 6 පහරක් ඇතුළත් වුනේ නැහැ. 

අවසානයේ දී මහින්ද විද්‍යාලය පන්දුවාර 34කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිය ඉලක්කය සපුරා ගත් අතර වමතින් පා දඟපන්දු යවන ඉරුෂික තිමිර ලකුණු 25කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

දේවපතිරාජ විද්‍යාලය –  99 (36.5): සසංක නිර්මාල් 17, ජීවක ශෂීන් 16, සුධීර වීරරත්න 16, නවෝද් පරණවිතාන 3/08, සුභානු රාජපක්ෂ 3/22, ඔසිඳු කාවින්ද්‍ය 2/24.

මහින්ද විද්‍යාලය – 103/7 (35.4): ධනුජ ඉඳුවර 24*, කෞෂිත කොඩිතුවක්කු 23, ඉරුෂික තිමිර 3/25.

මහින්ද විද්‍යාලයට කඩුලු 3ක තියුණු ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<