හෙට්ටිවත්ත සහ රන්දික දිනුම කරා සිය කණ්ඩායම රැගෙන යයි

353
2016 u23 division 1 tournament

23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වන අද (07) තරග දෙකක් මග්ගොන සරේ ක්‍රීඩංගණයේදි සහ පනාගොඩ යුධ හමුදා සංකීර්ණයේදි පැවැත්විනි.

පසුගිය ලිපි: අකිල්ගෙන් නොදැවී ශතකයක් මීගමුවට

කළුතර සිටි සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවති මෙම තරගයෙන් ලංකන් ක්‍රිකට් සමාජය පරදවා ලකුණු 2කින් ජයග්‍රහණය කිරීමට කළුතර ක්‍රිකට් සමාජය සමත් විය.

කළුතර සිටි ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වු අාර්. රවිශංක පන්දු 45කදි ලකුණු 48ක් ලබා ගැනීමට හතරේ පහර 4ක් සහ 6 පහර 2ක් උපයෝගි කර ගන්නා ලදි. ජි. චාමර පන්දු 29ක් තුල නොදැවි ලකුණු 31 වාර්තා කිරීමට සමත් විය. ඒ සඳහා ඔහු 4 පහර 2ක් සහ එක් 6 පහරක් වාර්තා කරන ලදි. කළුතර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් ලකුණු 39 රැස් කරගැනීමට ඩි. අශාන් සමත් විය.

පන්දු යැවීමේදි මාධව ෆර්නැන්ඩෝ ලකුණු 52කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වන අතර ඒ. පෙරේරා ලකුණු 28කට 1ක් කඩුල්ලක් සහ අයි. සංජුල ලකුණු 36කට කඩුළු 2ක්ද දවා ගැනීමට සමත් විය. නියමිත පන්දුවාර 50 අවසානයේ කළුතර ක්‍රීඩකයෝ කඩුළු 7ක් දැවී ලකුණු 238 වාර්තා කිරීමට සමත් විය.

පිලිතුරු ඉණිම අාරම්භ කල ලංකන් ක්‍රිකට් සමාජයේ ඒ. පෙරේරා දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 32කදි ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් විය. ඒ සඳහා ඔහු එක් 6 පහරක් සහ 4 පහර 7ක් උපයෝගි කර ගන්නා ලදි. පි. හෙට්ටිවත්තද පන්දු 60කදි දක්ෂ ලෙස ලකුණු 71 වාර්තා කිරීමට සමත් විය.

පන්දු යැවීමේදි ජී. සංජීව ලකුණු 46කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ජී. කණිශ්ක ද කඩුළු 4ක් දවා ගැනීමට සමත් වන්නේ ලකුණු 25කදී ය. කෙසේනමුත් කළුතර ක්‍රීඩකයින්ගේ දක්ෂ පන්දු රැකීමටත් පන්දු යැවීමටත් හොදින් පිලිතුරු දුන් ලංකන් ක්‍රීඩා සමාජය පන්දුවාර 46 පන්දු 1කදි සියළු දෙනා දැවි රැස් කිරීමට හැකි වුයේ ලකුණු 236කි.

ලංකන් ක්‍රිකට් සමාජය: 236 (46.1) පි. හෙට්ටිවත්ත 71, ඒ. පෙරේරා 48, එස්. පරණතාල 26, මාධව ෆර්නැන්ඩො 25, ජී. සංජීව 4/46, ජී.  කණිශ්ක 26/1

කළුතර සිටි සමාජය: 238 (50) අාර්. රවිශංක 48, ඩි. අශාන් 39, ජි. චාමර 31*, කේ. කුමාර 24, අයි. සංජුල 2/36, එන්. ෆර්නැන්ඩෝ 1/51, ඒ. පෙරේරා 1/28

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න ක්‍රිකට් පිටුවට

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සමාජය

පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදි පැවති මෙම තරගයෙන් ලකුණු 147ක පහසු ජයක් වාර්තා කිරීමට යුධ හමුදා ක්‍රීඩකයින් සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වු අශාන් රන්දික පන්දු 65කදි ලකුණු 84 ලබා ගැනීමට සමත් විය. ඊට 4 පහර 6ක් සහ දැවැන්ත 6 පහර 7ක් අැතුලත්ය. යුධ හමුදාව වෙනුවෙන් පන්දු 43කදි ලකුණු 40ක් රැස් කර දීමට ලියෝ ෆ්‍රැන්සිස්කෝ සමත් විය. ඒ 4 පහරවල් 5ක් සමඟිනි.

පන්දු යැවීමේදි සි. සුදාරක ලකුණු 26කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වන අතර ලසිදු නිම්සර ලකුණු 25කට කඩුළු 2ක් දවා ගන්නා ලදි. යුධ හමුදා කණ්ඩායම සියළු දෙනා දැවී වාර්තා කිරීමට හැකි වුයේ ලකුණු 229ක් පමණි.

අසීරු ඉලක්කයක් පසුපස හඹා යෑමට වරාය ක්‍රීඩකයෝ උත්හස කරද එය ව්‍යර්ත විය. හමුදුරංග රාජපක්ෂ පන්දු 46කට ලකුණු 26කි. නොදැවි ක්‍රීඩා කල පි. බිම්සර ලකුණු 13කි. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාවත් පසුකිරීමට අසමත් විය.

පන්දු යැවීමේදි යොහාන් ද සිල්වා ලකුණූ 15කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය. සංජීව කුමාරස්වාමි ලකුණු 23 කඩුළු 3යි. වරාය අධිකාරී ක්‍රීඩකයින්ට තරගය අවසානයේ ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 82ක් පමණි.

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය: 82/10 (29.4) හමුදුරංග රාජපක්ෂ 26, කල පි. බිම්සර 13, ඉෂාන් රංගන 9, යොහාන් ද සිල්වා3/15, සංජීව කුමාරස්වාමි 3/23.

යුධ හමුදා ක්‍රීඩා සමාජය: 229/10 (42.4) අශාන් රන්දික 84, ලියෝ ෆ්‍රැන්සිස්කො 40, සංජික රිද්ම 27, සි. සුදාරක 2/26, ලසිදු නිම්සර 2/25.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට