උත්තරීතර හා විනයගරුක ක්‍රීඩාවක් උදෙසා

207
National Olympic committee

ජාතික ඔලිම්පික් සංගමයේ සිදු වූවා යැයි කියන අක්‍රමිකතා හා ඉදිරියේ දී පැවැත්වීමට බලාපොරොත්තු වන නිලවරණය සම්බන්ධයෙන් යම් අදහසක් සහ “දූෂණයෙන් තොර ක්‍රීඩාවක්” යන තේමාව පෙරදැරිව මාධ්‍යය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විය. මේ සඳහා ඔරු පැදීමේ සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ක්‍රීඩා සංගම් 12ක නිලධාරීන් සහභාගී වීම විශේෂත්වයක් විය. ඔවුන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිලවරණයේ දී වත්මන් පරිපාලනයට එරෙහිව තරග කරනු ලබයි.

“නිකරුණේ කිසිදු අයෙක් රට සවාරි රැගෙන යන්න මම සුදානම් නෑ” – ක්‍රීඩා ඇමති

මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ඉන්දුනීසියාවේ..

කේන් ද අල්විස් මහතා ගොල්ෆ් සංගමය වෙනුවෙන් ද, නිශාන්ත පියසේන මහතා පංච ප්‍රයාම සංගමය වෙනුවෙන් ද, අනුර ද සිල්වා මහතා පාපන්දු සංගමය වෙනුවෙන් ද, දෙවහන්දී මහතා ශීත ක්‍රීඩා සංගමය වෙනුවෙන් ද, සුරන්ජිත් ප්‍රේමදාස මහතා අශ්වාරෝහක සංගමය වෙනුවෙන් ද, චිරන්ත පිරිස් මහතා ඉලක්කයට වෙඩි තැබීම වෙනුවෙන් ද, පී. ටී. පෙරේරා මහතා කයකිං ඔරු සංගමය වෙනුවෙන් ද, පාලිත ප්‍රනාන්දු  මහතා මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් ද, ඩයන් ගෝමස් මහතා බොක්සිං වෙනුවෙන් ද, කොමදෝරු එච්. යූ. සිල්වා මහතා දුනු විදීමේ සංගමය වෙනුවෙන් ද, අජිත් සියඹලාපිටිය මහතා කඩු හරඹ සංගමය වෙනුවෙන් ද, ඒ. එස්. නාලක මහතා වොලිබෝල් සංගමය වෙනුවෙන් ද, ප්‍රදීප් මහතා රයිෆල් වෙඩි තැබීමේ සංගමය වෙනුවෙන් ද සහ රොහාන් ප්‍රනාන්දු මහතා ඔරු පැදීමේ සංගමය වෙනුවෙන් ද මීට එක්වී සිටියහ.

එහි දී සභාව අමතමින් අදහස් දැක්වූ රොහාන් මහතා ඔලිම්පික් සංගමයේ ඉතිහාසය පිළිබඳව හැදින්වීමක් සිදු කළ අතර වසර ගණනාවක් තිස්සේ වියදම් දරමින් කොපමණ ක්‍රියා කළ ද තවමත් ඔලිම්පික් පදක්කම් දෙකක් පමණක් අප රට සතු වීම ගැන කනගාටුව ප්‍රකාශ කළේය.

තවද අපට වඩා කුඩා රටවල් තම දේශය වෙනුවෙන් පදක්කම් දිනා ගන්නා බවත්, තව තවත් අප පදක්කම් වෙනුවෙන් උනන්දු විය යුතු බවත්, මේ තත්වයෙන් ඉදිරියට ඒමට නම් මත ගැටුම්වලින් තොරව සාමූහිකව පෙළ ගැසීය යුතු බවත් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

ශ්‍රී ලංකා වාර්තා පොතට හිරුණිගෙන් තවත් වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ්‍රී ලාංකික මැරතන් ක්‍රීඩිකාවක් වන හිරුණි විජේරත්න..

පසුගිය ජනවාරි 4 වැනිදා පැවති ඔලිම්පික් කමිටු සංගම් රැස්වීමේ දී ඇතිවූ මතගැටුම් තත්වය ක්‍රීඩාවට විශාල කළු පැල්ලමක් වූ බවත්, මේවායින් තොරව එකඟත්වයක් තුලින් ක්‍රීඩාවේ විනයගරුක බවත්, ජීව ගුණයත් ආරක්ෂා කරමින් දූෂණයෙන් තොර  ක්‍රීඩාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊට සහභාගී වූ මාධ්‍ය සහෘදයන් විසින් නැගුණු පැනයකට පිළිතුරු දුන් නිශාන්ත පියසේන මහතා (නව පංච ප්‍රයාම සංගමය) සඳහන් කළේ, මහා සභා රැස්වීමටත් පෙර මේ පිළිබඳව විස්තර ලේකම්තුමා විසින් යැවිය යුතු බව නමුත් එය හිතාමතාම පැහැර හරිමින් යම් ඝට්ටනයක් ඇති කිරීමට උත්සහ කළ බවත්ය. එතුමා තම සංගමය පරිසාධන මට්ටම් සම්පුර්ණ කර ඇති බව වගකීමකින් ප්‍රකාශ කළ නමුත් මෙතුමා තමා වැනි නවක කණ්ඩායම් සංගමය වෙත ඇතුල්වීම වැළැක්වීම සඳහා මේ ක්‍රියාදාමය කළ බවත් මෙතුමා (ඔලිම්පික් කමිටුවේ ලේකම්තුමා) මේ සිද්ධි දාමයට වගකිය යුතු බවත් තරයේ ප්‍රකාශ කළේය.

මීට තරමක් ආන්දෝලනාත්මක මතයක් ප්‍රකාශ කරමින් නිශාන්ත මහතාට පිළිතුරු ලබා දුන් කොමදෝරු එච්. යූ. සිල්වා මහතා පවසා සිටියේ, තමා ඇතුළු සියලු දෙනා නව සංගම් එකතු වීම යන කාරණාව පිළිබඳව ප්‍රියතාවයක් ඇති බවත්, මෙවැනි කණ්ඩායම් දියුණු වීම වෙනුවෙන් තමා ඇතුළු සියලු දෙනා පෞද්ගලිකව සතුටු වන බවත්ය. නමුත් හදිසියේ මෙවැනි සංගම් කිහිපයක් ඇතුළු වන්නේ යටි අරමුණක් මුදුන්පත් කර ගැනීමට සහ ඔලිම්පික් නිලවරණය ඉලක්ක කර ගනිමින් හුදෙක් ඡන්ද ලබා ගැනීමේ නින්දිත ක්‍රියාදාමය වෙනුවෙන් බවත් ප්‍රකාශ කළ එතුමා පවසා සිටියේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසගේ පෙර ක්‍රියාපිළිවෙත සෙසු නිලධාරීන් දැන සිටින බවත්, ඒ නිසාම ඡන්ද පදනම තුල එතුමා යම් පසුබෑමකට ලක්වේ යැයි  බියෙන් අලුත් සංගම් එකතු කරගන්නට ක්‍රමවේදයකින් තොරව කටයුතු කරන බවත්ය.

කෙසේ හෝ පිළිවෙතකට එපිටින් බලන කල්හි සංගමය තුල යම් මතභේදාත්මක අදහසක් පැන නැගී ඇති නමුත් ක්‍රීඩාවේ උත්තරීතර බව හා විනයගරුක බව රඳවා ගැනීම අත්‍යාවශ්‍ය කාරණාවක් බවත්, මෙය සියලු නිලධාරීන්ගේ වගකීමක් වන බවත් අවසානයේ පෙනෙන්නට තිබුණ ද, අප සියල්ලන්ගේම බලාපොරොත්තුව වන්නේ කෙසේ හෝ ප්‍රශ්න විසඳා ගෙන රටේ ක්‍රීඩාව ජයග්‍රාහී මඟක ගමන් කරනු දැකීමයි. ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් ඇතුළුව ThePapare.com වන අප ද මේ සියල්ල වෙත උපේක්ෂාත්මක ඇසකින් බලා සිටින්නේ රටේ ක්‍රීඩාව අප සැමගේම හදවත වන බැවිනි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<